Sunday, July 5, 2015

මහින්දට දුන්න හේතුව? මෛත්‍රී පහදයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සන්ධානයෙන් නාමයෝජනා ලබාදීමට ගෙන ඇති තීරණය සාධාරණයට ලක් කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, මහින්ද රාජපක්ෂ මහතා සමග එක්ව සන්ධානය ශක්තිමත් නොකළහොත් ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය තුනෙන් දෙකකට වැඩි පාර්ලිමේන්තු ආසන ගණනක් ලබා ගැනීමේ අවධානමක් ඇතැයි පෙන්වා දෙයි.

තමා සමග සමීපව කටයුතු කල ශ්‍රීලනිප මැති ඇමතිවරුන් වරින්වර තනි තනිව ගෙන්වමින් ජනාධිපතිවරයා එම කාරණය පැහැදිලි කර ඇතැයි වාර්තාවේ.

එක්සත් ජාතික පක්ෂයට 1977 දී මෙන් පාර්ලිමේන්තු බලයක් ලැබුනහොත් අත්විය හැකි අනතුර ඔවුන් වෙත පැහැදිලි කර ඇති ජනාධිපතිවරයා, රට හා ශ්‍රීලනිපය එවැනි අනතුරකට අද දැමීමට තමන්ට හැකියාවක් නැතැයි ද ඔවුන් වෙත පවසා ඇත.

වත්මන් ආණ්ඩුවේ සමහර ඇමතිවරුන් හා නිලධාරීන් විසින් සිදුකරන වංචා හා දුෂණ සම්බන්ධයෙන් තමා බලවත්සේ කනස්සල්ලට පත්ව සිටින බවද ජනාධිපතිවරයා තම හිතවතුන්ට පවසා තිබේ.

ජනාධිපතිවරයා ඊයේ රාත්‍රී අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමගද වත්මන් දේශපාලන තත්වය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ජා කර 'ශ්‍රී ලංකා
මිරර්' වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

මෛත්‍රී - මහින්ද අලුත් දීගයක :
මේ අතර බස්නාහිර පළාත් සභාවේ මහ ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ නිල නිවසේ පෙරේදා පැවති විශේෂ සාකච්ජාවකදී, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපහසුතාවයකට පත්වන අකාරයෙන් කිසිඳු ප්‍රකාශයක් නොකරන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම රැස්වීමට පැමිණ සිටි සියලු දෙනාගෙන් ඉල්ලීමක් කර ඇත.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 70කට ආසන්න පිරිසක් මෙම සාකච්ජාවට සහභාගී වී ඇති අතර, මෛත්‍රීපාල සිරිසේන මහතාට හෝ තමාට ශ්‍රීලනිපය දෙකට කොට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ගොඩනැගීමට දායකවීමේ අවශ්‍යතාවයක් නැතැයි ද පවසා ඇත.

ශ්‍රීලනිපයේ සතුරා මෛත්‍රීපාල නොව එජාපය හා රනිල් වික්‍රමසිංහ බව හොදින් සිහිතබා ගන්නා ලෙස මහින්ද රාජපක්ෂ මහතා එහිදී අවධාරණය කර ඇත.

No comments:

Post a Comment