Wednesday, July 15, 2015

මහින්දගේ හිත හදන්න ඉන්දියාවෙන් යෝග උපදේශකයකු ගෙන්වයි

මහින්ද රාජපක්ෂ මහතා මේවන විට බරපතල මානසික වියවුලකට ලක්ව සිටින බව වාර්තාවේ. ඊයේ ජනාධිපතිවරයා කළ ප්‍රකාශයත් සමඟ මේ තත්වය හට ගෙන තිබේ. මේවන විටත් ඔහුගේ මානසික තත්වය සංසුන් කිරීම සඳහා මනෝවෛද්‍ය උපදේශකයකු ඔහු සමඟ මේ මොහොතේත් සිටින බව දැන ගන්නට තිබේ.

කෙසේ නමුත් රාජපක්ෂ පවුලේ තීරණයක් මත මානසිකත්වය පාලනය කිරීම සඳහා ප්‍රසිද්ධ ඉන්දියානු යෝග භාවනා උපදේශකවරයකු වහාම ගෙන්වා ගැනීමටද නියමිතය.

ජනාධිපතිවරණය පරාජය වූ දිනවලදී ද මෙලෙසම මානසික වෛද්‍යවරු කිහිප දෙනෙකු රාජපක්ෂ මහතාට ප්‍රතිකාර කළ අතර එවරද. මෙම යෝගී භාවනා උපදේශකවරයා ගෙන්වා ගැනීමට කටයුතු සිදු කළත් නැවත රාජපක්ෂ මහතාට දේශපාලනයට එක්වීම සඳහා ඉඩක් විවර වීමෙන් ඔහුගේ මානසික සෞඛ්‍ය තත්වය යතා තත්වයට පත්ව තිබීමෙන් ඒ අතහැර දමන ලදී.

මේ බව අපට අනාවරණය වූයේ වත්මන් දේශපාලන තත්වය ගැන රාජපක්ෂ මහතාගේ අදහස දැන ගැනීම සඳහා ඔහුගේ මාධ්‍ය ඒකකයේ ප්‍රධානියකුගෙන් අද උදෑසන කළ විමසීමේදීය. මේ මොහොතේ රාජපක්ෂ මහතා පත්ව සිටින තත්වය ඔහු විසින් අනාවරණය කළ අතර, කිසිදු ප්‍රකාශයක් කල හැකි මට්ටමක ඔහු නොමැති බවත් පවසන ලදී.


කෙසේ නමුත් ඊයේ රාත්‍රියේදි ඔහු සන්ධානයේ ප්‍රධානින් සමඟ කළ සාකච්ඡාවේදීද නොසන්සුන්කාරී ලෙස හැසිරුණ බව අප මීට පෙර වාර්තා කළෙමු.

No comments:

Post a Comment