Wednesday, July 15, 2015

සන්ධානය අවුලෙන් අවුලට- මැතිවරණ මෙහෙයුම් නායකත්වය මහින්දට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ මෙහෙයුම් කමිටු සභාපති ලෙස වැඩ භාරගෙන තිබේ.

අද(15) පෙරවරුවේ ශ්‍රීලනිප පක්ෂ මූලස්ථානයේ සන්ධාන නායකයින්ගේ සහභාගිත්වයෙන් යුතුව පැවති මැතිවරණ මෙහෙයුම් කමිටු රැස්වීමේදී මෙම තීරණය ගත් දිනේශ් ගුණවර්ධන මහතා පැවසුවේය.
ශ්‍රීලනිපයේ සභාපති මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙවර මැතිවරණයේදී පක්ෂග්‍රාහිත්වයකින් තොරව කටයුතු කරන බව ඊයේ දිනයේ නිවේදනය කළේය.
එම නිවේදනයත් සමගින් සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරය දියත් කළ යුතු ආකාරය පිළිබඳ වැදගත් තීන්දු තීරණ හදිසියේ ගැනීමට සන්ධාන නායකයින්ට සිදුවිය.

මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයාගේ නිවේදනය සන්ධානයට දේවාශිර්වාදයක් වූ බවත් ඒ කතාව නිසා ශ්‍රීලනිපයේ බෙදී සිටි අය එකතු වු බව කුමාර වෙල්ගම මහතා පැවසීය.

කෙසේ වෙතත් දේශපාලන විශ්ලේෂකයන් පවසන්නේ පසුගිය ජනාධිපතිවරණය තුළ අසාර්ථක වූ මහින්ද රාජපක්ෂ මහතා මෙම තනතුරට පත්කර ගැනීම තුළ සන්ධානය තවත් පසුබෑමකට ලක්විය හැකි බවයි. මහින්ද රාජපක්ෂගේ කෝපාවිශ්ට හැසිරීම සමග මේ තීරණය සදහා බොහෝ දෙනෙක් අකමැත්තේ සිය කැමැත්ත පෙන්වා ඇති බවද පැවසේ.


හිටපු ජනාධිපතිවරයාව ආම්බාන් කිරීමත් ලෙසි නැති නිසා අනෙක් අයගේ තීරණ පසෙකලා තම මතයටම මුල් තැන දෙන්නෙක් බැවින් සන්ධානය මේ වන විට මුහුණ දී ඇත්තේ අවදානම් තත්වයකටය.

No comments:

Post a Comment