Wednesday, July 15, 2015

‘සන්ධාන ආණ්ඩුවෙන් ගමට වැඩක් වුණේ නෑ : ජනතාව පාරට බැස්සේ ඒ නිසයි‘ - තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහ නා හිමි

සන්ධාන ආණ්ඩුවට එරෙහිව ජනතාව පාරට බැස්සේ ගමට වැඩක් නොවූ නිසා යැයි තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහ නා හිමියෝ බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතාට පැවසූහ.
හිටපු ජනපති නියෝජනය කළ හම්බන්තොට ට වරාය, ගුවන්තොටුපොළට වඩා අවශ්‍ය වෙනත් දේවල් තිබූ බවත් ඒ හිමියෝ පැවසූහ.
මහ නුවර දළදා මාලිගයට ගිය මහ අමැතිවරයා අද ඒ හිමියන් බැහැ දකින්නට ගියේය.
මහ නාහිමියෝ මෙසේ ද පැවසූහ.
‘අත ලකුණ අමතකර කර ශ්‍රීලංකා නිදහස් පක්ෂය සෙසු පක්ෂ සමග සන්ධාන ගත වූ සෑම අවස්ථාවකම සිදුවූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති යටපත් වී ඡන්ද පදනමක් නැති අනෙක් පක්ෂවල මතය හා ප්‍රතිපත්ති ඉදිරියට ඒමයි. මේ හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානවලින් ජනතාව අපේක්ෂා කළ සේවය ඉටු වුණේ නෑ. ශ්‍රීලනිපයට තම අනන්‍යතාව රැක ගනිමින් අත ලකුණින් තරඟ කරන්නට තිබුණා.
බලය ලැබුණු වහාම ගම අමතක කරන ඇතැමුන්ට ගම මතක් වෙන්නේ ඡන්දයක් ළං වූ අවස්ථාවේදියි. ගමට ජනතාවට වැඩ කරන්න බලය අවශ්‍යම නෑ. සජිත් ප්‍රේමදාස මහත්තයා බලය නොමැතිවත් එම සේවාව පසුගිය කාලය පුරා කළා.
පක්ෂ කැඩුණු අවස්ථා අතීතයෙත් තිබුණා. සිරිමාවෝ මැතිනිය එක පැත්තක, චන්ද්‍රිකා මහත්මිය තව පැත්තක. අනුර තවත් පැත්තක සිටි යුගයක් ද තිබුණා.
පසුගිය හය මාසයේ දී රටට කිසිම වැඩක් වුණේ නැතැයි මහ ඇමැති මහා නාහිමිට කී විට මහා නා හිමි කීවේ වැඩක් කරන්නට ඉඩක් නුදුන් බවයි.

No comments:

Post a Comment