Thursday, July 23, 2015

Video - ‘ප්‍රසන්න සිල්වාට වටකර ගහන්න එපා‘

මේජර් ජනරාල් ප්‍රසන්න සිල්වා මහතා මුල්කරගෙන ඇතැමුන් දේශපාලන වාසි තකා නොයෙක් ප්‍රකාශ කර අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලබාගන්න උත්සාහ කරන බවත් මෙවැනි ක්‍රියාවලින් ත්‍රිවිධ හමුදාව නිලධාරීන් මෙන්ම විශ්‍රාමික හමුදා නිලධාරීන්ද දැඩි කලකිරීමකින් සිටින බවත් ‘අපි රණවිරුවෝ‘ සංවිධානයේ කර්නල් ජයවිලාල් ප්‍රනාන්දු මහතා අද (23) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
ප්‍රසන්න සිල්වා වැනි නිලධාරීන් ජිනීවා මානව හිමිකම් කොමිසම නමැති දංගෙඩියට රැගෙන යාමක් මින් සිදුවන බවද ඔහු පැවසීය.
‘ප්‍රසන්න සිල්වා මහතා 35 වසරක හමුදා සේවා කාලයක් නිමකර මේ වසරේ විශ්‍රාම යාමට නියමිත නිලධාරියෙක්. ඒ මහතාගේ මුළු හමුදා සේවා කාලයම කැප කළේ රට වෙනුවෙන්. යුද්ධයේදී ඒ මහතා මරණාසන්න තුවාල පවා ලැබුවා. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු හොඳ සොල්දාදුවෙක්.‘ 

No comments:

Post a Comment