Thursday, July 23, 2015

හිටපු ඇමැතීන් දෙදෙනකු නිල වාහන 5 ක්‌ තාමත් භාරදී නෑ

නිලන්ත මදුරාවල 

හිටපු සංස්‌කෘතික හා කලා කටයුතු ඇමැති ටී. බී. ඒකනායක සහ හිටපු ජාතික උරුමයන් පිළිබඳ ඇමැති ආචාර්ය ජගත් බාලසූරිය යන මහත්වරුන් නිල වාහන වශයෙන් පාවිච්චි කළ ප්‍රාඩෝ රථ දෙකක්‌ සහ ඩබල් කැබ් රථ තුනක්‌ මෙතෙක්‌ සංස්‌කෘතික රාජ්‍ය අමාත්‍යාංශයට භාරදී නැත. (ණ්‍ය 6721, ණඡ - 1916, ණඨ - 8877, Jඔ - 6504, ඡෑ - 0771 යන අංකයන්ට අයත් මෙම වාහන වහාම භාර දෙන ලෙස හිටපු ඇමැතිවරුන්ට ලිතව දැනුම් දී තිබේ.

අමාත්‍යාංශයට ලැබී ඇති තොරතුරු අනුව මෙම වාහන මැතිවරණ කටයුතු සඳහා යොදාගෙන ඇත. නිල වාහන මැතිවරණ කටයුතු සඳහා යොදා ගන්නේ නම් රුපියල් ලක්‍ෂයක ගෙවීමක්‌ කළ යුතු බවට වත්මන් ආණ්‌ඩුව තීරණයක්‌ ගත් නමුත් මෙම වාහන සඳහා එම ගෙවීම් හෝ කර නැත. මෙම සුඛෝපභෝගී වාහන මාස කිහිපයක්‌ තිස්‌සේ හිටපු ඇමැතිවරුන් සිය පරිහරණයට යොදාගෙන තිබේ.මෙම වාහන භාර දෙන බව හිටපු ඇමැතිවරුන් දැනුම් දී ඇතැයි මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් සංස්‌කෘතික රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එච්. ඩී. එස්‌. මල්කාන්ති මහත්මිය පැවසුවාය.

No comments:

Post a Comment