Sunday, July 5, 2015

ව්‍යාජ ජිනීවා යුද අපරාධ වාර්තාවක් කරළියට!

සුභාෂ් ජයවර්ධන
ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම සහ එල්ටීටීඊයට එරෙහිව සිදු කළ යුද්ධයේ අවසන් වකවානුවේ සිදු වූ යුද අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් සිදු කළ පරීක්ෂණයේ වාර්තාව ලෙස පවසමින් ව්‍යාජ වාර්තාවක් මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සමගාමීව ප‍්‍රසිද්ධ කිරීමට එම කණ්ඩායම මේ වන විටත් කටයුතු සූදානම් කර තිබේ.

මැතිවරණය පැවැත්වෙන අගෝස්තු මස මුල් සතියේදී මෙම වාර්තාව ප‍්‍රසිද්ධ කිරීමට සැලසුම් කර ඇති අතර එමඟින් මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ ඇතුළුව එවකට යුද හමුදාවේ ප‍්‍රධාන තනතුරු හෙබවූ නිලධාරීන් 40කගේ පමණ නම් යුද අපරාධකරුවන් ලෙස නම් කොට එහි අඩංගු කර තිබේ.


මෙවර ද මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ සටන සිංහල බෞද්ධ ප‍්‍රජාව පදනම් කරගෙන ජාතිවාදී මුහුණුවරකින් සිදු කෙරෙනු ඇත. මෙහිදී දෙමළ ඩයස්පෝරාව සමඟ වන සාකච්ජාව නැගෙනහිර වෙනම මුස්ලිම් කලාපයක් පිළිබඳ ප‍්‍රශ්නය ඇතුළුව දෙමළ හා මුස්ලිම් විරෝධී සටන් පාඨ රැසක්ද සූදානම් කෙරෙමින් පවතින බව දැනගැනීමට ඇත.

No comments:

Post a Comment