Wednesday, July 1, 2015

මෛත්‍රීට සහ ලේකම්ලාට වාරණ නියෝගයක් ගෙන නාම යෝජනා බකල් කිරීමේ මරාගේ හිටපු අගවිනි-සොරුන්ගේ ප්ලෑනක් හෙලිවේ

(ලංකා ඊ නිව්ස් -2015.ජුලි.01, ප.ව.11.30) 
මහ මැතිවරණයට නාමයෝජනා ඉදිරිපත් කිරීමට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිධුරයෙන් හා එක්සත් ජනතා නිදහස් සන්ධාන නායකත්වයෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් මහින්ද රාජපක්ෂට පක්ෂපාතී අධිකරණ විනිසුරුවරුන් හරහා අධිකරණමය ක්‍රියාමාර්ගයක් තුළින් ඉදිරියට ගැනීමේ සැලසුමක් පිළිබඳව ලංකා ඊ නිවුස් අභ්‍යන්තර තොරතුරු ‍සේවය වාර්තා කරයි.
මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානය මගින් ඉදිරිපත් නොවී ජනාධිපතිවරයා වශයෙන් තේරීපත්වීමෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකත්වයට පත්වීම අභියෝගයට ලක්කරමින් දිසා අධිකරණය හමුවේ නඩු පැවැරීමට සියලු කටයුතු මේ වන විටත් සූදානම් කර ඇතැයි  ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වැඩි දුරටත් වාර්තා කරයි.
මෙම වැඩ පිළිවෙල භාරව හිටපු අග විනිසුරුවරුන් වූ සරත් එන්. සිල්වා සහ මොහාන් පීරිස් යන දෙදෙනා ක්‍රියාකරන අතර නඩුව පැවැරෙන දිසා අධිකරණයේ දිසා විනිසුරුවරයා සමග මේ වන විටත් සාකච්ඡා පවත්වා මහින්ද රාජපක්ෂ පාර්ශ්වයට පක්ෂපාතී තීන්දුවක් ලබාගැනීමට අවශ්‍ය සියලුම කටයුතු සම්පාදනය කර අවසන් බව ද දැනගන්නට ඇත.
මහ මැතිවරණයේ නාම යෝජනා භාර ගැනීම අවසන් කෙරෙන ලබන 13 වෙනි සඳුදාට පෙර එනම් ජූලි 10 වෙනිදා දිසා අධිකරණය හමුවේ කරුණු තහවුරු කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකත්වයෙහි මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීම වළක්වාලන තහනම් නියෝගයක් ලබාගැනීමට නියමිතය.
එවැනි  තහනම් නියෝගයක් ලබාගැනීමේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරුන්ට එම ධූරවල කටයුතු කිරීම ද ඊට සමගාමීව අධිකරණය විසින් වැළැක්විය යුතුවීම නෛතික ක්‍රියාකාරකමක හරයාත්මක කාර්ය භාරයක් වන පසුබිමකදී 13 වෙනිදාට නාම යෝජනා සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාම යෝජනා සඳහා අත්සන් කිරීමද අධිකරණ තීන්දුවක් මත වැළැක්වී යාමට හා වාරණය වීමට ඇති ඉඩකඩ සහ සම්භාවිතාව ඉහළ මට්ටමක පවතින බව නීති හා දේශපාලන විචාරකයන් පෙන්වා දෙති.
එවැනි පසුබිමකදී මහින්ද රාජපක්ෂ පාර්ශ්වය වෙනත් පක්ෂයක ලැයිස්තුවක් යටතේ කල්තබා සූදානම් කරගන්නා නාම යෝජනා රටපුරාම සියලු මැතිවරණ කොට්ඨාස පදනම් කරගනිමින් නාම යෝජනා භාරදීමට සැලැසුම් කර ඇතැයිද වැඩිදුරටත් වාර්තා වේ.

No comments:

Post a Comment