Wednesday, July 1, 2015

මෛත්‍රී - චමල් සාකච්ඡා සාර්ථකයි

හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතාට අගමැති අපේක්ෂකත්වය ලබාදීමට සාකච්ඡාවී ඇතැයි දේශපාලන ආරංචිමාර්ග අනාවරණය කරයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ චමල් රාජපක්ෂ මහතා පෙරේදා (30) රාත්‍රියේදී හමුවී සාකච්ඡා කර ඇත. කථානායක ධුරයේ වැඩකටයුතු අවසන්වීමත් සමග තමන් දේශපාලනයෙන් සමුගන්නා බව චමල් රාජපක්ෂ මහතා මෙහිදී ජනාධිපතිවරයාට දැනුම්දී ඇත.

චමල් රාජපක්ෂ මහතා අගමැති අපේක්ෂකත්වයට නම් කිරීම සුළු පක්ෂවල අදහස වී ඇතැයි ජනාධිපතිවරයා මෙහිදී දැනුම්දී ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. ඒ අනුව තවදුරටත් දේශපාලනයේ රැදී සිටින්නැයි ඉල්ලීම් කර තිබෙන බවද දේශපාලන ආරංචිමාර්ග පවසයි.


ඒ අනුව දෙදෙනා අතර පැවැති සාකච්ඡා සාර්ථකව අවසන්වූ බවද දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.

No comments:

Post a Comment