Sunday, July 5, 2015

මහින්දගේ රෙද්ද අස්සේ දෙහි ගෙඩි 3 යි හොඬල අලයයි

From Lankadaily
මහින්ද රාජපක්ෂ මහතා මේ දිනවල තම ඉනෙහි එක නැට්ටේ දෙහි ගෙඩි 3ක් හා හොඬල අලයක් එලාගෙන සිටින බව වාර්තාවේ. ඔහුට මේ දිනවල ලබා ඇති ග්‍රහචාරය අනුව අපහාසයට උපසාසයට නින්දාවට ලක් වී ජනතාව අතර  අපකීර්තිමත් චරිතයක් බවට පත්වන බව  රාජපක්ෂ මහතාගේ නව ජොතිෂය වේදියාවන වැල්ලවාය ප්‍රදේශයෙ හිමි නමක් විසින් පවසා තිබුණු අතර එම තත්වයන් මඟ හරවා ගැනීම සඳහා කළ ගුරුකමක් ලෙස මෙලෙස දෙහි ගෙඩි හා හොඬල අලය දින තුනක් ඉනෙහි එල්ලාගෙන සිටීමට සිදුව තිබේ. 

ඒ අනුව ලබන 08 වන දින මෙම ගුරුකමෙහි තීන්දු කැපීම සිදුවන අතර ඒ මහවැලි ගඟ අසබඩ විහාරස්ථානයක්දී සිදු කිරීමට නියමිතය. 'මහින්ද සමඟ නැගිටිමු' ‍රැළි මාලාවේ මීලඟ ‍රැළිය  ලබන 09 වන දින අනුරාධපුරයේ පැවැත්වෙන අතර ඊට රාජපක්ෂ මහතා සහභාගීවන බව සඳහන්ය. ( ජෝතිෂ්‍ය උපදෙස් මත'මහින්ද සමඟ නැගිටිමු"පාඨය මෙහිදී වෙන්ස කර තිබේ. ඒ බව අප මීට පෙර පුවතකින් හෙළි කළෙමු)


මෙම ගුරු කම විශෙෂයෙන්ම සිදු කරනු ලැබුවේ මෙම ‍රැළිය වෙනුවෙන් වන අතර මෙහිදී රාජපක්ෂ මහතා ‍රැළියට එක්වනු ඇත්තේ විශේෂ ආකරයකට. මන්ද ඔහු වේදිකාවේ සිටින විට පාප ග්‍රහචාරයන් ඇති කිසිවකු එම වේදිකාවේ නොසිටිය යුතු බවටද ලැබී තිබෙන බැවින් ඇතැම් මහින්ද වාදී නායකයන්  රාජපක්ෂ මහතා වේදීකාව මත සිටින විට ඔවුන් වේදීකාව යට සිටිනු ඇත ඔවුන් උඩට යන විට රාජපක්ෂ මහතා වේදිකාව යටට යනු ඇත.

No comments:

Post a Comment