Sunday, February 8, 2015

යහපාලකයින් සහ මාධ්‍යය නිහඬ කරන්න අවි ජාවාරම්කරුවන්ගෙන් අල්ලස්

මීට සති කිහිපයකට පෙර මෙරට මාධ්‍ය සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යහපාලනයේ නියමුවන් විසින් අනාවරණය කරගනු ලැබූ මහා පරිමාණ නීති විරෝධී අවි ජාවාරම සම්බන්ධ තොරතුරු සහ එම පරීක්ෂණ කටයුතු යටපත් කිරීම එම අවි ජාවාරමට සම්බන්ධ ආයතනවල හිමිකරුවන් සහ හිටපු රාජ්‍ය නිලධාරියෙකු එක්ව විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇතිබවට ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ.
පසුගිය දිනෙක පාවෙන අවි ගබඩා වලට සම්බන්ධ ආරක්ෂක සමාගමක ප්‍රධානියෙකු වත්මන් රජයෙන් ප්‍රබල අමාත්‍යවරුන් කිහිපදෙනෙකු හමු වී ඇති අතර එහිදි තම ආරක්ෂක සමාගමටත් මෙම චෝදනාව සම්බන්ධයෙන් වැඩි ප්‍රචාරයක් ලබා නොදෙන මෙන් ඉතා සුහදශීලිව ඉල්ලා ඇති අතර ඊට අදාල ගරු සැලකිලි අවශ්‍ය පරිදි ලබා දීමට තමන් ඕනෑම මොහොතකදී සූදානම් බවත් ඔහු පවසා ඇත. මෙලෙස මෙම ජාවාරම්කරුවන් හමු වී ඇත්තේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ යහපාලනයක් ඇතිකිරීම සඳහා කටයුතු කළ සහ දැනටත් කටයුතු කරන මුල්පෙළ ප්‍රබලම අමාත්‍යධූර දරන කිහිප දෙනෙකි.
මෙහිදී මෙම ප්‍රබල අමාත්‍යවරුන් පවසා ඇත්තේ අපට ඒ සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බවත්, එහෙත් මාධ්‍ය වලින් මෙම අවි ජාවාරම සම්බන්ධයෙන් ලබා දෙන හඬ රජයට යටපත් කළ නොහැකි බවත්ය. ඒ අනුව වහාම ක්‍රියාත්මක වී ඇති මෙම ආයතන හිමිකරු මේ සම්බන්ධයෙන් මෙම ජාවාරමට සම්බන්ධ ලේකම්වරයා දැනුවත් කොට ඇත. ඒ අනුව ඊට පසුදා මේ පිළිබඳව වැඩිදුරටත් හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ හිතවතුන් කිහිප දෙනෙකු සමඟ සාකච්ඡා කොට මේ පිළිබඳව මාධ්‍ය නිහඬ කිරීම සඳහා ඩීල් මෙහෙයුමක් අරඹා ඇත.
හිටපු ආරක්ෂක ලේකම්වරයා සමඟ වඩාත් හිතවත් මාධ්‍යවේදීන් කිහිපදෙනෙකුට ඔහු පුද්ගලිකව අමතා තමා සමඟ සුහද කතා බහකට ආරාධනා කර ඇත. ඒ අනුව ජාතික පුවත්පත් කිහිපයකත් එක්තරා රූපවාහිනි සහ ගුවන් විදුලි ආයතනයක මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු අවස්ථා කිහිපයකදී හිටපු ආරක්ෂක ලේකම්වරයා හමුව ඇත. මෙහිදී හිටපු ආරක්ෂක ලේකම්වරයාට වඩාත් හිතවත් එක්තරා ජාතික පුවත්පතක මාධ්‍යවේදියෙකු ඒ මොහොතේම හිටපු ආරක්ෂක ලේකම්වරයාව මෙම අවි ජාවාරමින් සහ නීති විරෝධී කටයුතු වලින් නිදොස් කොට නිදහස් කර ගැනීම සඳහා ඔහුට පක්ෂපාති සම්මුඛ සාකච්ඡාවක් සිදුකොට එය තමා සේවය කරන පුවත්පතේ පල කිරීමට කටයුතු යොදා ඇත. එම අවස්ථාවේදීම එම මාධ්‍යවේදියාට සැලකිය යුතු තරමින් සන්තෝසමක් අල්ලස් වශයෙන් ලැබී ඇත. ඒසේම අනෙකුත් මාධ්‍යවේදීන් මෙම අවි ජාවාරමට සම්බන්ධයෙන් වන ප්‍රචාරණය යටපත් කොට නිහඬව සිටීම සඳහා විවිධ සන්තෝසම් ලැබී ඇති බවට වාර්තාවේ.

හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙම අවිජාවාරම් චෝදනා වලින් නිදොස් කොට නිදහස් කර ගැනීම සඳහා වත්මන් රජයේ ඔහුට පක්ෂපාතී අමාත්‍යවරු සහ මන්ත්‍රීවරු කිහිපදෙනෙකු දැඩි කැපවීමකින් යුතුව කටයුතු කරන බවට ඉතා විශ්වාසවන්ත ආරංචිමාර්ග ඔස්සේ වැඩිදුරටත් වාර්තා වේ.
nowshowing.lk

No comments:

Post a Comment