Friday, February 20, 2015

වාස් ඇතුළු 9ක වත්කම් සොයයි

හිටපු ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන, වරාය අධිකාරියේ හිටපු සභාපති ප්‍රියාත් බන්දු වික්‍රම හා ඔවුන්ගේ ඥාතීන් හය දෙනකුගේ වත්කම් බැරකම් සම්බන්ධයෙන් විමර්ශනයට රාජ්‍ය හා පෞද්ගලික බැංකු ඇතුළු මුල්‍ය ආයත 81කින් විස්තර ලබා ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා රහස් පොලිසියට අවසර දුන්නේය.
මුදල් විශුද්ධිකරණ පනත යටතේ අදාල විමර්ශන කෙරෙන බව මෙහිදී අධිකරණයට දැන් වු රහස් පොලිසිය අදාල තනතුර දරමින් කෙටිකලකින් ඔවුන් උපයා ගෙන ඇති මුදල් හා දේහළ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව ද සඳහන් කෙළේය.
බැංකු මූල්‍ය ආයතන හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ ඉඩම් රෙජිස්ටාර් කාර්යාලවලින් ද අදාල විස්තර ලබා ගත යුතුව ඇතැයි ද රහස් පොලිසිය ඉල්ලා සිටියේය.
අධිකරණයෙන් අදාළ ආයතන 81ට ඒ සඳහා නියෝග නිකුත් කෙරිණි.

No comments:

Post a Comment