Monday, February 23, 2015

වීරවංශගෙන් ශ්‍රීලනීපය බේරාගැනීම

උපුල් කුමරප්පෙරුම
හිටපු ජනාධිපතිවරයා නැවත දේශපාලන කරළියට සම්ප‍්‍රාප්ත කරවීම සඳහා නුගේගොඩ පැවැති රැුළියේ අරමුණ ශ‍්‍රීලනිප දේශපාලන ගමනට යම් බලපෑමක් ඇති කරවීමට බව පෙනීයයි. රැුළියේ සංවිධායකවරුන් වන විමල්, දිනේෂ්, වාසුදේව සහ ගම්මන්පිල දේශපාලන වශයෙන් අවිනිශ්චිත අනාගතයකට මුහුණදීමේ තර්ජනයකට ලක්ව ඇති මොහොතක මෙම රැළිය සංවිධානය කරන ලදි.

ජනවාරි 9 සිට මෙම කණ්ඩායම රජයටත් මෛත‍්‍රීපාල සිරිසේන මහතාටත් දින 100 වැඩ සටහනටත් එසේම රජයේ දේශපාලන වැඩ පිළිවෙලටත් එක දිගට ප‍්‍රහාර එල්ල කළේය. ඒ සෑම ප‍්‍රහාරයක් තුළින්ම ඔවුන් කීමට උත්සාහ ගනු ලැබුවේ මහින්ද රාජපක්ෂ ජාතිය බේරාගත් නායකයා බවත් ඇතිවූ නායකත්ව වෙනස මත රට සහ ජාතිය විශාල අනතුරකට පාත‍්‍රවී ඇති බවත් නැවතත් රට බේරා ගෙන දිනූ නිදහස රැුක ගැනීම සඳහා රාජපක්ෂවරුන් බලයෙහි පිහිටුවිය යුතු බවත්ය.

රැුළිය සංවිධානය වන්නේ පරමාර්ථ ගණනාවක් ඔස්සේ ය. ප‍්‍රධාන වශයෙන්ම මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ජාතික නායකත්වය සහ ශ‍්‍රීලනිප නායකත්වය අභියෝගයට ලක්කිරීම, රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රමුඛ රජය අභියෝගයට ලක්කිරීම, රජය විසින් ඉදිරිපත් කරන ලද දින 100 වැඩපිළිවෙල අභියෝගයට ලක්කිරීම, රජයේ විදේශ ප‍්‍රතිපත්තිය අභියෝගයට ලක්කිරීම හා සුළු ජාතීන් සම්බන්ධයෙන් රජය දරන දේශපාලන ස්ථාවරය අභියෝගයට ලක්කිරීම තුළ මහින්ද රාජපක්ෂ තුන් සිංහලයේම නායකයා යන පණිවිඩය ජනතාවට රැුගෙන යෑම මෙහි අරමුණ වූයේ ය.

රැුළියට පැමිණි ජනතාවගෙන් අතිබහුතරයක් ශ‍්‍රීලනිප පාක්ෂිකයන් වන බව සැකයක් නොමැති අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය පසුගිය කාලය පුරා සිදු කළා සේ ඔවුන්ගේ ප‍්‍රාදේශීය නායකයන් විසින් මහජනතාව නුගේගොඩට රැුගෙනවිත් තිබුණේය.

ශ‍්‍රීලනිපය මෙම රැුළියට සහභාගි නොවන බවට නිල ප‍්‍රකාශයක් සිදුකොට තිබුණි. එසේම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ විශේෂ ප‍්‍රකාශයක් මෙම රැුළියේදී දයාන් ජයතිලක මහතා විසින් කියවනු ලැබීය. ශ‍්‍රීලනිප නියෝජනය කරන්නා වූ මන්ත‍්‍රීවරුන් පිරිසක් සහ බස්නාහිර පළාත් මහ ඇමතිවරයාද එම රැුළියට සහභාගි වූ අතර තවත් විවිධ තරාතිරමේ ශ‍්‍රීලනිප නියෝජනය කරන්නා වූ පළාත් පාලන නියෝජිතයන් ද සහභාගි වූ බවට වාර්තා වේ.

ඒ අනුව බලන කල මෙම රැුළිය සංවිධානය කිරීමේ සංවිධායකයන්ගේ අරමුණු යම් ආකාරයකට ඉෂ්ට වී ඇත්තේය. විශේෂයෙන්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය රැුළියට සහභාගි නොවන බවට තීරණයක් ගෙන තිබියදී ශ‍්‍රීලනිප විවිධ තරාතිරමේ නායකයන් පිරිසක් සහ පක්ෂ සාමාජිකයන් යම් සංඛ්‍යාවක් රැුළියට සහභාගි කරවා ගැනීම තුළ පක්ෂ නායකත්වය සහ පක්ෂයෙහි තීන්දු තීරණයන් නොපිළිගන්නා කොටසක් පක්ෂය තුළ බිහි වී ඇතැයි යන පණිවිඩය ඔවුහු සමාජගත කළහ. එසේම රැුළියෙහි තේමා පාඨය වන මහින්ද රාජපක්ෂ මහතා අගමැති කරවීමේ සටන යන්න ඔවුහු යම් ආකාරයකින් සමාජගත කළහ. එසේම පවතින රජයට විරුද්ධව ජාතිවාදය සිංහල ජාතිකත්වය මත පදනම්ව අනේක විධ චෝදනා එල්ල කළහ.

රැුළිය අවසානයේ ශ‍්‍රීලනිප දේශපාලන අනාගතය සම්බන්ධ ප‍්‍රශ්න ගණනාවක් සමාජය ඉදිරියේ ඉතිරි කර ඇති අතර මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පක්ෂ නායකත්වය සහ නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ විපක්ෂ නායකත්වය මෙන්ම මෙම රැළිය සම්බන්ධයෙන් ශ‍්‍රීලනිප ස්ථාවරය යන සියල්ල රැුළියේ ජනසහභාගිත්වය හා ශ‍්‍රීලනිප නියෝජිතයන්ගේ සහභාගිත්වය තුළින් අභියෝගයට ලක්කර ඇත්තේය.

මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රීලනිප නායකත්වයට පත්වන්නේ පක්ෂයේ බහුතර සාමාජිකත්වයේ කැමැත්තට වඩා පක්ෂයේ ව්‍යවස්ථාව මගින් ඇති කරන ලද්දා වූ ප‍්‍රතිපාදනයක වාසිය තමන් වෙත ආරෝපණය කර ගනිමිනි. එසේම නිමල් සිරිපාල ද සිල්වා මහතා විපක්ෂ නායක ධුරයට පත් කරනු ලබන්නේ ශ‍්‍රීලනිපයේ තීරණයක් මතය.

රැළියේ ප‍්‍රතිඵලයක් වශයෙන් ශ‍්‍රීලනිප නායකත්වයට යම් ආකාරයක තර්ජනයක් ඇති වී ඇත්තේය. ශ‍්‍රීලනිපයේ නායකත්වය හෝ නිමල් සිරිපාල ද සිල්වාගේ විපක්ෂ නායකත්වය ඒ ආකාරයෙන්ම පිළිනොගන්නා ශ‍්‍රීලනිප පළමු පෙළ නායකයන් පිරිසක් සිටින බව දැන් පැහැදිලිව පෙනෙන්නට ඇත. එසේම මහින්ද රාජපක්ෂ මහතා නැවත දේශපාලන කරළියට ගෙන ඒම තුළින් ශ‍්‍රීලනිප සෑබෑ නායකත්වය ඔහු බවට ඒත්තු ගැන්වීමේ කි‍්‍රයාවලියක් ද මේ සියලූ සිද්ධීන් තුළ ගැබ් වී ඇත්තේය.
රැුළිය සංවිධායකයන්ගේ දේශපාලන පක්ෂවල ක‍්‍රියාකාරීත්වය වෙන් වෙන් වශයෙන් සලකා බැලූ කල රටේ ඡුන්ද පදනමට සැලකිය යුතු බලපෑමක් කළ නොහැකි තත්ත්වයක පවතී. සන්ධානය හා ශ‍්‍රීලනිප තුළ මෑතදී ඇති වූ දේශපාලනික වෙනස්කම් මත මේ සිව්දෙනාගේ දේශපාලන අනාගතය සන්ධානයේ හෝ ශ‍්‍රීලනිප හෝ යන දේශපාලන පක්ෂ සමග තීරණය කරගැනීමේ හැකියාවක් ඇත්තේද යන්න පසුගිය කාලයේදී ප‍්‍රශ්නයක් බවට පත්වූයේය. ඔවුන් දේශපාලනය තුළ සක‍්‍රියව කටයුතු කිරීමට අවශ්‍ය ජනතා බලය ගොඩනගා ගැනීමේ ප‍්‍රයෝගයක් වශයෙන් මෙම රැුළිය හැඳින්විය හැකිය.

රැුළියෙන් සිදුකරනු ලැබුවේ මහින්ද රාජපක්ෂ වටා ගොනු වී ඇති රසිකයන් පිරිසක් යොදා ගනිමින් වක‍්‍රව මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙතට තර්ජනයක් එල්ල කිරීමත් සහ ශ‍්‍රීලනිපයෙහි තීරණ හා සෙසු නායකත්වයන් අභියෝගයකට ලක්කිරීමත්ය. තමන්ට ළඟා කරගත නොහැකි ඉලක්කයන් ළඟා කරගැනීම සඳහා ශ‍්‍රීලනිප පාක්ෂිකයන් සහ එහි නායකයන් කිහිප දෙනෙකු යොදවා ගනිමින් සිදු කරන්නට උත්සාහ කරනු ලබන මෙම දේශපාලන ව්‍යාපෘතිය ශ‍්‍රීලනිපයට අතිශයින්ම අන්තරාදායක විය හැකි අතර එය පක්ෂය දෙකඩ වීම දක්වා ව්‍යාප්ත විය හැකිය. ශ‍්‍රීලනිප පාක්ෂිකයා හා නායකයන් තම පක්ෂයේ අභිවෘද්ධිය යන කාරණය සම්බන්ධයෙන් සලකා තීරණයන් ගන්නේ නම් මේ වෙලාවේ කල්පනා කර බැලිය යුත්තේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ හේතූන් මොනවාද යන්නය. එසේම ඔවුන් තම රට යන සංකල්පය පැත්තෙන් බලන්නේ නම් පසුගිය කාලයේදී මෙරටට ඇති වූ පීඩනයන් හා තර්ජනයන් ඇතිවූයේ කුමන හේතූන් නිසා ද යන්න සොයා බැලීම වටින්නේය. මහින්ද රාජපක්ෂ විසින්ම ප‍්‍රකාශ කරන ආකාරයට මෛත‍්‍රීපාල සිරිසේන ජයග‍්‍රහණය කරනු ලැබුවේ ඊළමෙන් ලැබුණු ඡුන්ද නිසා නම් ඔහු ජනපති පුටුව හැර යන අවස්ථාවේදී රට තුළ ඊළමක් ගොඩ නගා ධූරයෙන් ඉවත්ව ගොස් ඇත. රාජපක්ෂ පාලනයේදී සුළු ජාතිකයන් වෙත කෙරුණු අනේක විධ තාඩනපීඩන සිරිසේන මහතාට සුළු ජාතික ඡුන්ද ලැබීමට හේතු වූයේය. රාජපක්ෂ විසින් කොන් කර සහ වෙන් කර තිබූ පිරිසක් සිංහල නායකත්වයක් පිළිගෙන ඡුන්දය ප‍්‍රකාශ කිරීම ඊළමෙන් ලැබුණු ඡන්දයක් නොවන්නේය.

අද මහින්ද රාජපක්ෂ මහතා නැවත බලයට රැුගෙන ඒමට උත්සාහ කරනු ලබන්නේ එදා දෙමළ ජාතිවාදය සිංහල ජාතිකත්වය දූෂණය භීෂණය යන සියලූ කාරණා වෙනුවෙන් පෙනී සිටි සහ ඒවාට වගකිවයුත්තන් ආරක්ෂා කළ කොටසමය.
එහෙයින් ශ‍්‍රීලනිපය සහ එහි පාක්ෂිකයා මේ අවස්ථාවේදී සිදු කළ යුත්තේ ශ‍්‍රීලනිපයේ පරාජයට හේතු වූ පුද්ගලයන්ගෙන් සහ ඔවුන්ගේ ප‍්‍රතිපත්තීන්ගෙන් පක්ෂය බේරා ගැනීමය.



No comments:

Post a Comment