Wednesday, February 11, 2015

හිටපු ජනපති ගැන අසාද් සාලිගේ තක්සේරුව

ඉන්දික ගමගේ
ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනයක් පැවැත්විය යුතු බවට උතුරු පළාත් සභාව සම්මත කර ගෙන ඇති යෝජනාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණ විරෝධය පළ කරනවා. එහි නායක මනෝ ගනේෂන් මහතා කොළඹ අද පැවැත් වූ මාධ්‍ය හමුවකදී කියා සිටියේ උතුරේ දේශපාලන නායකයින් හා ජනතාව එවැනි විරෝධයක් දැක්වීම සඳහා තල්ලූවී ඇති බවයි. 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට යළි කි‍්‍රයාකාරී දේශපාලනයට රැගෙන එ්ම සඳහා දරණ ප‍්‍රයත්න පිළිබඳව මෙම මාධ්‍ය හමුවට එක් වූ ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා අදහස් පළ කළා.

එතුමා දේශපාලනයට එන්න ඕනලු, කව්ද එපා කියන්නේ. මේ රටේ කිසිම ජනාධිපතිවරයෙක් ධූරය අවසන් වෙලා දේශපාලනයට ආවේ නැහැ. තනතුරු ගන්න ආවෙත් නැහැ.මේ කාලකන්ණි යුගය අවසන් කරන්න ඕනේ කියලා චන්ද්‍රිකා අවා. ඒක යුගය අවසන් කිරීමට, කිසිම තනතුරක් ගන්න නෙමෙයි. දැන් මෙයාට ඉන්න බැහැ . මාසයයිනෙ මේ මාසය ඉන්න බැරි තරම් නේ. බලන්න කොච්චර කෑදර ද කියලා බලයට එන්න. දැන් මොකද කියන්නේ මේ පස් දෙනා කියනවාලු මෙයා අගමැති වෙන්න ඕනේ කියලා. අපිනම් කියලා එන්න කියලා. අපිටත් ඕනේ මෙයාගේ අතේ තියෙන එක ඔබ ඔබ ආවනම් අනිවාරයෙන්ම අගමැති වෙන්න පුළුවන්. එන්න. මමනම් කියන්නේ ප්‍රාදේශීය සභා ආවත් දිනන්න බැහැ. ඒ තරමට මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ පක්ෂ කිහිපයක් ලබන 18 වැනිදා නුගේගොඩදී පවත්වන ජන රැළියකට මහින්ද රාජපක්ෂ මහතා සහභාගි කර ගැනීමට කි‍්‍රයා කිරීම සම්බන්ධයෙන්ද මනෝ ගනේෂන් මහතා අදහස් පළ කළා.

හිටපු ජනාධිපති අපේ ආදරණිය මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඉල්ලීමක් කරනවා කරුණාකර විමල් විරවංශ, දිනේෂ් ගුණවර්ධන, ඩිව් ගුණසේකර, තිස්ස විතාරණ, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල අමාත්‍යවරුන්ගේ ලණු කාලා නුගේගොඩ හංදියට ඇවිල්ලා නොන්ඩි වෙන්න එපා කියලා. මං කියන්න ආවේ මහින්ද රාජපක්ෂ මැතිතුමා 88 89 කාල පරිච්ඡේදයේ කරපු කාර්යභාරයට අපි ගරු කරනවා. මානව හිමිකම් සම්බන්ධව එතුමා ජිනීවාවලටත් ගියා. ගිහිල්ලා සටන් කරා. මහින්ද රාජපක්ෂ මැතිතුමා ආයෙත් සැරයක් මේ හොරුන්ගේ, වැඩකට නැති, වැඩකරන්නේ නැති, බොරුකාරයන්ගේ ලණු කාලා විනාශ වෙන්න එපා කියලා මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඉතාමත් කාරුණිකව මං මේ අවස්ථාවේදී ඉල්ලීමක් කරනවා. 

No comments:

Post a Comment