Saturday, February 28, 2015

දින සියයේ වැඩසටහනට සමගාමීව තේ, පොල්, රබර් ක්ෂේත්‍ර නගාසිටුවීමට පියවර

ලන්කා ඩේලි අනුග්‍රහයෙන්
දින සියයේ වැඩසටහනට සමගාමීව වැවිලි කර්මාන්ත අමාත්‍යංශය යටතේ ඇති තේ, පොල් සහ රබර් යන ක්ෂේත්‍රයන්හි උපදේශක සහ ප්‍රගති සමාලෝචන රැස්වීමක් ඊයේ( 27) වන දින ගරු සභා නායක සහ වැවිලි කර්මාන්ත අමාත්‍යය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවැතිවිණි. මේ සඳහා ආනයනකරුවන් සහ වැවිලිකරුවන් ද සහභාගී විය. එහි දී ගත් තින්දු තීරණ පහත පරිදි ය.
තේ
විදේශීය වෙළෙඳපොළ වෙත අපනයනය කරනු ලබන තේ සඳහා දැනට පනවා ඇති බදු බදු ක්‍රමය වඩාත් නම්‍යශීලී ලෙස පවත්වාගෙන යාමටත් දැනට යුරෝපය, රුසියාව සහ මැදපෙරදිග වෙළෙඳපොළ වෙත නිකුත්කෙරෙන තේ අපනයනයන් මුළු ලෝකය පුරා ව්‍යාප්ත කිරීමටත් අවශ්‍යය පියවර ගැනීමට තීරණය වූ අතර ම ගුණාත්මක තේ නිෂ්පාදනයක් ලබාගැනීම සඳහා උසස් ප්‍රමිතියෙන් යුත් පොහොර තේ වගාකරුවන් වෙත ලබා දීමට ද තීරණය කෙරිණ.

රබර්
මහඔය, පදියතලාව, අම්පාර යන ප්‍රෙද්ශයන්හි හෙක්ටයාර 10,000 ක භූමි ප්‍රමාණයක රබර් වගා කිරීමටඅවශ්‍යය පියවර ගැනීමට තීරණය කෙරුණ අතර පසුගිය ජනාධිපතිවරණයේ දී පොරොන්දු වූ පරිදි දින සියය ඇතුළත රබර් කිලෝවකට රු: 350.00 ක මුදලක් ලබාදීමට තීරණය කෙරිණ. ශ්‍රී ලංකාවේ රබර් නිෂ්පාදනය පහත වැටීමට බෙහෙවින් බලපා ඇති අසීමිත වශයෙන් කෙරෙන රබර් ආනයනය සීමා කර දේශීය රබර් නිෂ්පාදකයා ආරක්ෂා කරගැනීමට පියවර ගැනීමට ද මෙහි දි තීරණය කෙරිණ.

පොල්
පොල් කර්මාන්තය ආරක්ෂා කරගැනීම සඳහා දින සියයේ වැඩපිළිවෙළ යටතේ කඩාවැටී ඇති කොහු සහ කොහු බත් කර්මාන්තය පොල් ත්‍රිකෝණය තුළ ව්‍යාප්ත කර කොහු මෝල් නවීකරණය කිරීම සඳහා අවශ්‍යය පියවර ගැනීමට තීරණය කෙරුණ අතර කොහු කර්මාන්තය සඳහා අයකරනු ලබන‘‘සෙස් බද්ද’’ තුළින් කොහු සහ කොහුබත් කර්මාන්තකරුවන්ට වැඩි සහන ලබා දීමට පියවර ගැනිණ.

එමෙන් ම අක්‍රමවත්ව සිදු කරනු ලබන පොල් ඉඩම් කට්ටි කිරීම වෙනුවෙන් නව ඉඩම් තුළ පොල් වගාව ව්‍යාප්ත කිරිමටත් ප්‍රමිතියෙන් තොරව නිෂ්පාදනය කර අපනයනය කරනු ලබන ‘‘වර්ජින්’’ තෙල් නිෂ්පාදන ප්‍රමිති ගතකිරීමටත්, දේශීය පොල් පරිභෝජනයට බලපා ඇති ගෙඩි පොල් අපනයනය මාර්තු 31 වන දින දක්වා අත්හිටුවීමටත් තීරණය කෙරිණ.

No comments:

Post a Comment