Sunday, March 15, 2015

මගේ නිවසේ කිසිදු දැරියක් බලෙන් රඳවාගෙන නෑ: ඔය කියන දැරිය තමන්ට දෙමාපියන්ගෙන් වන හිරිහැර ගැන ලමා හා කාන්තා කාර්යාංශයට කට උත්තරයක් දී තිබෙනවා - ඇමැති රාජිත කියයි

(ලංකා ඊ නිව්ස් -2015.මාර්තු.14, ප.ව.7.50) තමාගේ නිවසේ කිසිදු දැරියක් බලහත්කාරයෙන් රඳවාගෙන නැති බවත් තම නිවස වනාහී දිනකට හාර පන්සියයක ජනතාවක් යන එන තැනක් බවත් ඕනෑම අයෙකුට එවැනි දැරියක් බලෙන් රඳවාගෙන සිටිනවාදැයි සොයා බැලිය හැකි බවත් පවසන ඇමැති රාජිත සේනාරත්න මහතා අද දහවල් කොළඹ කිරුළපනේ ලයනල් එදිරිසිංහ මාවතේ ව්‍යාපාරිකයෙකු වන ගාමිණී රණසිංහ මහතා සහ ඔහුගේ භාර්යාව දාමිණී ඉන්දිරා රුද්‍රිගෝ මාධ්‍ය හමුවක් පවත්වමින් සිදුකළ චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරයි. මේ අවලාදයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තමා අද තම නීතිඥවරුන්ට බාර දුන් බවද ලංකා ඊ නිව්ස්හි “ඇමති රාජිත, බිරිඳ සුජාතා සහ පුතා ‘එක්සත්‘ එකතු වී බාල වයස්කාර දියණියක් පැහැරගෙන බලෙන් රඳවාගෙන“ යන ප්‍රවෘත්තිය පළවීමෙන් පසුව දුරකථනයෙන් ලංකා ඊ නිව්ස් ඇමතූ ඇමැතිවරයා ප්‍රකාශ කර සිටියේ ය. 
තමන්ට ‘සර්‘ කියන පුද්ගලයෙකුගේ දැරියක් තම පුතාට කසාද බඳින්නට ඉඩ දීමට තරම් පිස්සුවක් තමන්ට නැතැයි කී රාජිත සේනාරත්න ඇමැතිවරයා මෙම දැරිය ඇයගේ දෙමාපියන්ගෙන් සිදුවන හිරිහැරයන්ගෙන් මිදීම සඳහා ස්වේච්ඡාවෙන් නිවසින් පිට වී වෙනත් ස්ථානයක ජීවත් වන බවත් එම දැරිය දෙමාපියන් තමන්ට සිදුකරන හිරිහැර ගැන ළමා හා කාන්තා කාර්යාංශයට දීර්ඝ කට උත්තරයක් ලබා දී ඇති බවත් පැවසීය. කට උත්තරය ලියා ගත් පොලිස් නිලධාරියා දරුවන්ට මෙහෙම සලකන දෙමාපියන් සිටිනවාදැයි පවා විමසා ඇති බවත් දැරියගේ පියා වන රණසිංහ නමැත්තා තම දියණිය විකුණා තමන්ගේ ඇමැතිධූරයෙන් අයුතු වාසි ලබා ගැනීමට උත්සාහ  කළ බවත් පැවසීය. දැරියගේ මව මානසික ආබාධයකට ප්‍රතිකාර ලබා ගන්තා තැනැත්තියක් බවද මෙම සිදුවීම පිටුපස තමන්ගේ දේශපාලන ජීවිතයට අවලාද නැගීමේ වුවමනාවක් තිබෙන දේශපාලනඥයන් පිරිසක් සිටින බව තමන් දන්නා බවද ඇමැති රාජිත සේනාරත්න මහතා වැඩි දුරටත් ලංකා ඊ නිව්ස් වෙත කියා සිටියේය. 

No comments:

Post a Comment