Sunday, March 15, 2015

ජනපති බලතල කප්පාදුව එයි

අකිල බද්දෙවිතාන
විධායක ජනපති ක්‍රමයේ බලතල ටිකක් කප්පාදු කෙරෙන අති විශේෂ ගැසට් නිවේදනය අද (15) රාත්‍රී නිකුත් කිරීමට නියමිතය. මෛත්‍රිපාල සිරිසේන ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද පැවැති විශේෂ ඇමැති මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගැනිණි. එම ගැසට් නිවේදනය සාමාන්‍ය පරිදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විවාදයට ගෙන සම්මත කර ගැනීමටද නියමිතය. එය හදිසි පනතක් ලෙස ඉදිරිපත් නොකෙරෙනු ඇත.පාර්ලිමේන්තුවක් පත්වී වසරකට පසු විසුරුවීමේ බලතල ජනපතිට අහිමිවේ. නව සංශෝධන අනුව වසර 4 ක් යනතුරු පාර්ලිමේන්තුව විසිරවිය නොහැකිය. දෙවරකට වඩා ජනපති ධූරය දැරීමටද ඉඩ නොලැබේ. ස්වාධීන කොමිෂන් සභා පත් කිරීමටද යයි.
ජනපතිට සේනාධිනායකයා, අමැති මණ්ඩලයේ ප්‍රධානියා, ඇමැති මණ්ඩලය පත් කිරීමට දැනට පවතින බලය එලෙසම පවතී.
ඡන්ද ක්‍රමය පිළිබඳ සංශෝධන ගැන අවසන් තීරණය අඟහරුවාදා ලබාදීමට තීරණය විය.
පාර්ලිමේන්තුව විසිරැවීමේ බලතල ජනපතිගෙන් ඉවත් කෙරෙන අතර ඔහුගේ රාජකාරි සමයේ සිදුකෙරෙන ක්‍රියා සම්බන්ධයෙන් නඩු නොපැවරීමේ මුක්තියද ඉවත් කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.

No comments:

Post a Comment