Tuesday, March 31, 2015

හිටපු ලොක්කන්ගේ ඩුබායි බැංකු තුනේ සල්ලිවලින් අයවැය හිඟය අවුරුදු 3කට පියවන්න පුළුවන්

කසුන් ගනේවත්ත - මව්බිම පුවත් පතින්

ඩුබායි බැංකු තුනක තැන්පත් කර තිබෙන මේ රටේ ලොකු ලොක්කන්ගෙ ගිණුම් තුනක තියෙන මුදල් ලංකාවට ගෙනාවොත් අය වැය හිඟය අවුරුදු තුනකට පියවන්න පුළුවන්. ඒ පිළිබඳව දැනට විමර්ශන කරගෙන යනවා යැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි. කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය මඟින් ලබාදෙන පාංශු සහ ජල සංරක්‍ෂණ දීමනා වැඩසටහනට පසුගියදා හාරිස්පත්තුවේදී සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව කීවේය.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා.


මේ මුදල්වල හිමිකරුවන් අද හොයාගෙන තිබෙනවා. ඔවුන්ගේ නම් අනාවරණය වී තිබෙනවා. පසුගිය වසර 10 තුළ මේ රටේ පැවැතියේ අවනීතිය. මුදල් රෙගුලාසි බලපැවැත්වුණේ නැහැ. තමන්ට හිතෙන්නේ මොකක්ද ඒ දේ කළා. රටේ හැම ආයතනයක්ම විනාශ කරලා දිවි නැඟුම අරමුදලින් කෝටි හාරසිය ගාණක් දේශපාලන වැඩවලට වියදම් කරලා. මේ රටේ ආයතන මේ විදියට කඩාවැටෙන්නේ එම ආයතනවල අරමුණු ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකරන දේශපාලනඥයන් නිසයි.


මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ජාතික ආණ්ඩු සංකල්පය ඇමැතිකම් බෙදාගැනීම සඳහා ක්‍රියාත්මක කළ සංකල්පයක් නෙවෙයි. මේ සංකල්පය ක්‍රියාත්මක කළේ රට හමුවේ පවතින අභියෝග ජය ගැනීම සඳහායි. විශේෂයෙන්ම ඉදිරියේදී මුහුණදිය යුතු යුද අපරාධ චෝදනාවන්ට උතුර නැඟෙනහිර ප්‍රශ්නයට සහ රටේ ආර්ථිකය කළමනාකරණයේදී එක මතයක පිහිටා කටයුතු කිරීමෙන් ජාත්‍යන්තරය පිළිගන්නා 

No comments:

Post a Comment