Thursday, March 19, 2015

‘එතනෝල් මන්ත්‍රීන් 4ක් මැතිසබේ‘

ආරියරත්න රණබාහු
එතනෝල් මද්‍යසාරය යොදා මත්පැන් නිෂ්පාදනය කරන ව්‍යාපාරයනට සම්බන්ධ මන්ත්‍රීන් සිව්දෙනකු ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තුවේ සිටින බවත් ගිය රජය කාලයේ සිට ඊට සම්බන්ධ මෙම මන්ත්‍රීන්ගේ නම් මෙම අවස්ථාවේ හෙළි නොකරන බවත් මුදල් ඇමැති රවි කරුණානායක මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ඔහු පිළිතුරු දුන්නේ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ඔවුන්ගේ නම් දැන් හෙළි නොකරන නමුත් තම ප්‍රකාශය වැරදි නම් ඒ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලෙස විපක්ෂයට අභියෝග කරන බවද මුදල් ඇමැති කරුණානායක මහතා කීවේය.
විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතාද ඒ අවස්ථාවේ මැතිසබේ සිටි නමුත් ඔහු හෝ අන් කිසිවකුත් මුදල් ඇමැතිගේ අභියෝගය බාර නොගත්හ.
‘ජයවර්ධනපුර පාර්ලිමේන්තු මන්දිරය වටේම දියවන්නා ඔයේ ජලකඳ. මට දැන් හිතෙනවා අපි ඉන්නේ ජල කඳක් මැද්දේ නොවන බව. දැන් හිතෙන්නේ අපි එතනෝල් ගඟක් මැද්දේ සිටින බවයි‘

No comments:

Post a Comment