Friday, March 27, 2015

මව්පියන් රැකබලා ගනිමින් පාසල් යන බෝසත් පුතාට ඔබත් උපකාර කරන්න

From Neth FM

අංශභාගය හැදුනු දෙමාපියන් රැක බලාගෙන අනාගත විභාග කඩ ඉමක් ජයගන්න වෙර දරන පුතෙක් ගැන අකුරැස්ස මලිදුව වැලිකැටිය ගමෙන් අසන්නට ලැබෙනවා.

184.සී මෙදේරිවත්ත වැලිකැටිය අකුරැස්ස, පදිංචි තිසරු ඩිලාන්ගේ වයස අවුරුදු 15 යි. ඔහුගේ මව වන 60 හැවිරිදි ඩබ්ලිව්.එච්. කමලාවතී මහත්මිය මීට වසර පහකට පමණ පෙර සිට අංශභාගය රෝගී තත්ත්වයෙන් පෙළෙනවා. ඒ වගේම තිසරුගේ පියාවන පී.ඞී.සුමනසිරි මහතාද වසරක පමණ සිට එක්තැන්ව සිටින්නේ එම රෝගී තත්වය හේතුවෙන්මය.

මෙසේ එක්තැන්ව සිටින මවට සහ පියාට ස්ථිර ආදායමක්ද නැත. දෛනික රැකියා කළ මේ දෙමාපියන්ට ස්තීර ආදයමක් ද නැත. නමුත් කරාපිටිය රෝහලෙන් ප්‍රතිකාර ලබන මේ දෙදෙනාට ඖෂධ සහ ප්‍රවාහන ගාස්තු සඳහා මසකට 11000ක් පමණ වැයවන බව පවසනවා. මේ රෝගී දෙමාපියන් රැක බලාගන්නට පවුලේ සිටින එකම දරුවා වන්නේ මේ 15 හැවිරිදි තිසරුය.

තිසරු වැලිකැටිය කණිෂ්ඨ විද්‍යාලයේ ප‍්‍රධාන ශිෂ්‍ය නායකයාද වේ. එමෙන්ම ඔහු මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභහගයටත් පෙනී සිටින්නටද බලාපොරොත්තුවෙන් සිටී. වැලිකැටිය පාසලේ විදුහල්පතිතුමා පවසන්නේ තිසරු උගෙනුමටද දක්ෂයකු බවය. ඔහුගේ ඉල්ලීම වන්නේ මේ දරුවාට කිසියම් හෝ කෙනෙක් උපකාර කරන්නේ නම් මහත් පින්කමක් බවය.

පියාගේ ගිණුම් අංකය - පී.ඞී.සුමනසිරි (ලංකා බැංකුව අකුරැස්ස)  76686246 

No comments:

Post a Comment