Saturday, January 3, 2015

සිරිකොත වැටලුවද රහස් පොලිසියට සිරිකොත ඇතුලට යෑමට නොහැකි වේ: අවසන් ඉලක්කය මංගල සමරවීර අත් අඩංගුවට ගැනීමයි: තවත් ස්ථාන 8 ක් පරීක්ෂාවට වරෙන්තු අරන්----

(ලංකා ඊ නිව්ස් -2015.ජන.03, ප.ව.5.20) එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානය සිරිකොත පොලිස් හමුදාවකින් වටලා ස්ථානය පරීක්ෂාවට උසාවි නියෝගයක් රැගත් රහස් පොලිසිය ඊට ඇතුළු වීමට උත්සාහ කළද විශාල මාධ්‍ය කරුවන් පිරිසක් වටකර ප්‍රශ්න කිරීමත් විශාල ජනතා විරෝධත් නිසා රහස් පොලිසිය සිරිකොතට ඇතුළු නොවී ආපසු හැරී ගියහ.
ලංකාවේ ප්‍රථම වරට මැතිවරණ අවස්ථාවකදී රහස් පොලිසිය විසින් දේශපාලන පක්ෂ කාර්යාලයක් වැටලුවේ අද ය.
සිරිකොත පරීක්ෂාවට හේතුව ලෙස රහස් පොලිසිය කියා සිටියේ පවුල් ගසනම් පොතක් මුද්‍රණය කිරීම ගැන පරීක්ෂන පැවැත්වීමට අවශ්‍ය බවයි.
රහස් පොලිසිය එසේ ප්‍රකාශ කළද අපරාධ ආරක්ෂක ලේකම් ගෝඨාභය විසින් රහස් පොලිස් අධ්‍යක්ෂ ඩී.ආර්.එල්. රණවීරට ඍජු නියෝග දී ඇත්තේ පවුල්ගසේනිර්මාතෘ මංගල සමරවීර බවත් කෙසේ හෝ මංගල සමරවීර අත් අඩංගුවට ගත යුතු බවත්ය. ඒ අනුව රහස් පොලිස් අධ්‍යක්ෂවරයා තමාම අධිකරණයට ගොස් ස්ථාන පරීක්ෂා කිරීමේ වරෙන්තු නියෝග (සර්ච් වොරන්ට්‍) 9 ක් ලබා ගෙන ඇත. සර්ච් වොරන්ට් එකක් ලබා ගැනීමට රහස් පොලිසියේ අධ්‍යක්ෂ වරයාම අධිකරණයට ගිය ප්‍රථම අවස්ථාව මෙයයි. 


මෙම පක්කලි සර්ච් වොරන්ට් නිකුත් කර ඇත්තේ අන් කවරෙක් හෝ නොව රාජපක්ෂ රෙජීමයේ බත් බැලයෙක් වන කොටුව මහේස්ත්‍රාත් තිලින ගමගේ හෙවත් අලි හොරාවිසිනි. මේ දිනවල උසාවි නිවාඩු බැවින් සිය නිල නිවසේදී මේවා නිකුත් කර ඇත. පරීක්ෂාවට අවසර ගත් ස්ථාන 9 න් එකක් සිරිකොත වන අතර ඒ අනුව අද දහවල් සිරිකොතට පැමිණ තිබේ. ඉතිරි ස්ථාන අතර මුද්‍රණාල කිහිපයක් ඇතැයිද ඒවා සීල් තැබීමට කටයුතු කිරීමට සූදානම් බවද දැනගන්නට තිබේ.

රතුපස්වල පරීක්ෂණයත්, සෝලංගආරච්චි පසුපස එළැවීමත්, අද මෙම සිදුවීමත් අනුව රාජපක්ෂ රෙජීමයේ අලුත්ම සට්ටැඹියා වී ඇත්තේ රහස් පොලිස් අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.ආර්.එල්. රණවීර බව පෙනේ. මහින්ද රාජපක්ෂ සහ ඔහු එකම පාසැලක ආදි සිසුවෝ වෙති. එම පාසැලේම ආදි සිසුවෙකු වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හිටපු මාධ්‍ය ප්‍රකාශක ප්‍රිශාන්ත ජයකොඩි අවනීතියට හිස නොනමා තනතුරු අතහැර විදෙස් රටකට යද්දී ඩී.ආර්.එල් රණවීර අවනීතියට හිස නමමින් මහින්ද රාජපක්ෂගේ සට්ටැඹියෙක් වී සිටී. අකාලයේවිනාශ නොවී තම පාසැලේම සමකාලිනයෙකු වූ ප්‍රියන්ත ජයකොඩිගෙන් පාඩම් ඉගෙන ගෙන රාජකාරිය නිසි ලෙස කළ නොහැකි නම් බලු නොවී සිටීම වැදගත් බව රණවීරට මතක් කර දිය යුතුය.


No comments:

Post a Comment