Monday, January 12, 2015

මහින්දගේ පාර්ලිමේන්තු ගමනට ශ්‍රීලනීපය විරුද්ධවෙයි. විපක්ෂ නායක නිමල්

From Lankadaily
පාර්ලිමේන්තුවේ හිටපු සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතා විපක්ෂ නායක ධුරයට පත්කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊයේ (12දා) තීරණය කර ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මන්ත්‍රිවරයකු වශයෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට ගත් උත්සහයට ශ්‍රි ලනීප ජේෂ්ඨයන් ගනනාවක්ගේ විරෝධය පළ වී ඇත. එමෙන්ම එමෙන්ම ඊයේ ශ්‍රී ලනීපයේ විධායක සභා සාමාජිකයන්ගේ අත්සන් හිස් කොළවලට ලබා ගැනීමට මහින්ද රාජපක්ෂ ගත් උත්සහයටද විධායක සභා සාමාජිකයන් දැඩිව විරුද්ධ වී ඇත.

ඊයේ මෙම විධායක සභාව ‍රැස් කෙරුණේ බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංගගේ ගම්පහ නිවසේදීය. තවදුරටත් ශ්‍රී ලනීපයේ සභාපතිවරයා ලෙස මහින්ද රාජපක්ෂව පිළිගන්නා බව ඊයේ ශ්‍රී ලනීප මහ ලේකම් විසින් කෙරුණු ප්‍රකාශය ද වෙනත් දේශපාලන අරමුණක් වෙනුවෙන් සිදු කෙරුණක් බවත් ඊට සම්බන්ධ ආරංචි මාර්ග පවසයි.

මේ අතර කිසිදු විටෙක ආණ්ඩුව පෙරළීමේ සූදානමක් නැති බවත් දින 100 වැඩපිළිවෙළට විපක්‍ෂයේ සහාය උපරිමයෙන් ලබාදෙන බවත්  නිමල් සිරිපාල මහතා සඳහන් කරයි

No comments:

Post a Comment