හයවැනි මහලේ සිට |
(Written before the Election)
අත්විය හැකි ප‍්‍රතිඵල කෙරේ බියවන
හෙයින් ජනයා නිතරම ක‍්‍රියාකාරී වීමෙන් වළකිති. මන්ද ක‍්‍රියාකාරී වීම යනු අවදානම
සහ අනතුරට මුහුණ දීම වන හෙයිනි. දුර සිට බලන විට අනතුර බියකරු සේ පෙනෙයි. එහෙත්
ළංව බලන කල එය එතරම් නරක නැති බව පෙනී යනු ඇත. සෞඛ්‍යයට හිතකර නොවනා මිහිදුමින්
පිරුණේ වුවද පුද්ගලික ආරක්ෂාව පතා පහත නිම්නයේ දිවි ගෙවන්නේ්ද නැතිනම් ඉහල ඇති
නිමල වාතය ආශ්වාස ප‍්‍රශ්වාස කිරීමේ අරමුණින් ගමන් සගයන්ට අනතුර හා අවදානම ඇත්තාවූ
තු`ගු විසල් කඳු තරණය කර දුර ඇති මියුරු දසුන්හි ප‍්‍රීතිය
විඳිමින් උදාවන හිරු පිළිගන්නේද යන්න තෝරා ගත යුත්තේ අපමය. (ජවහර්ලාල් නේරු සිපිරි
ගෙදර සිට දියණිය ඉන්දිරා ගාන්ධිට යැවූ අවසන් ලිපියෙන්)
පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ ජනපතිට එරෙහිව
පොදු අපේක්ෂක ලෙස ෆොන්සේකා ඉදිරිපත්වූ අවස්ථාවේ මගේ එක් ගුරුවර මිතුරෙක් රාජපක්ෂ
ජනපතිට පක්ෂව මා හා දරුණු වාදයක පැටලූණේය. රාජපක්ෂ ජනපති පරාජය කිරීමට තැත් දැරීම
ඔහු සැලකුවේ මහා අපරාධයක් ලෙසිනි. ඔහු එතරම් ජනපති වෙනුවෙන් පෙනී සිටින්නේ ඇයි
දැයි මම ඇසීමි. මට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ තම දෙවන ධුර කාලය තුළ ජනපති
උතුරේ ප‍්‍රශ්නයට දේශපාලන විසඳුමක් අනිවාර්යයෙන්ම දෙනු ඇති බවයි. එසේම විනයක් ඇති
රටක් ගොඩ නගමින් ඔහු තමන් වටා ඉන්නා පාදඩයන් පලවා හරිනු ඇති බවයි. රාජපක්ෂ
ජනපතිගෙන් එවන් දෑ අපේක්ෂා කිරීම බිත්තරයෙන් මයිල් ගැලවීමක් වැනි මායාවක් බව ඉතා
පැහැදිලි වුවද මිත‍්‍රයාට එය වටහා දීම කළ නොහැක්කක් වූ හෙයින් මම එදා නිහ`ඩ වීමි. දැන් රාජපක්ෂ ජනපති කඩිමුඩියේ
ජනපතිවරණය කැඳවූ පසු මම මගේ එම මිත‍්‍රයාගෙන් මෙවර රාජපක්ෂ ජනපති සම්බන්ධයෙන් ඇති
අපේක්ෂා කවරේදැයි අසා සිටියෙමි. විළිබර මඳහසක් පාමින් ඔහු මට පවසා සිටියේ මෙවර තම
තේරීම මෛත‍්‍රී බවයි. දැන් ජනපති තමන් රැුවටූ බව පිළිගන්නා බවයි. ‘දැන් වෙනසක් කරන්නම ඕනෑ. මං මෙදා පාර ඒ
වෙනුවෙන් පෙනී ඉන්නවා’ එසේ කී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ තම
කාර්ය මණ්ඩලයේ අති බහුතරය මෙවර නියෝජනය කරන්නේද තම මතය බවයි. එහෙත් තවමත් ඇතැම් අය
ජනපති පරාජය කළ යුත්තේ ඇයිද යන ප‍්‍රශ්නයම යළි යළි වරනගමින් සිටිති. ඔවුන්ගේ අදහස
කළගුණ සලකනු වස් ජනපති යළි පත් කළ යුතු බවයි. මේ කළගුණ යන්න දේශපාලනය තුළ අතිශය
අදේශපාලනික හේතුවක් වුවද ඇතැම් අය එල්ලෙන්නේම ඒ තර්කයෙහිය. ඉදින් මේ අවස්ථාවේදී අප
ජනපති පරාජය කළ යුත්තේ ඇයිදැයි යන්නට ඇති හේතු රාශියෙන් කිහිපයක් හෝ යළි සටහන්
කිරීම වැදගත් යයි සිතමි.
පළමුව සටහන් කළ යුත්තේ මෙයයි. ඔහු අපට
බොරු කළෙහිය. විධායක ජනපති ධුරය අහෝසි කිරීමට ජනතාවට පොරොන්දු දුන් ඔහු කළේ එය
නොකර දේශපාලන සදාචාරය බල්ලාට දමමින් ඒකාධිපති පාලනයක් සඳහා දහඅට වැනි ව්‍යවස්ථා
සංශෝධනය මගින් අත්තනෝමතික බලයක් රැුස් කිරීමය. සියලූ ස්වාධීන ආයතන දීන ආයතන බවට
පත් කළ ඔහු අපට පෙන්වා සිටියේ බලය අත්හැරීමේ සූදානම නොව එය ඒකරාශි කිරීමේ සිය කපටි
අභිලාෂයයි. මේ වනාහි ලාංකීය දේශපාලන ගොහොරුව තුළ මින් පෙර කිසි දිනෙක අප නොදුටු
වැරදි එමෙන්ම අතිශය අත්තනෝමතික පියවරය. ජනතාවට දුන් මූලිකම පොරොන්දුව මහ දවාලේ කඩ
කළ ඔහු අපට කළගුණ සලකන්නට යයි ඉල්ලා සිටින්නේ අන් කිසිවකට නොව සිය පුත‍්‍රයා ඔටුනු
පැළඳීමට සූදානම් වන තෙක්ය. ඉදින් විධායකයට එරෙහි වන්නෙමැයි පොරොන්දු වී හැරෙන
තැපෑලෙන් එය ශක්තිමත් කිරීමට කටයුතු කරන ජනපති රටේ ජනතාවටම බොරු කළේ යයි කීම
මුසාවක් වන්නේ කෙසේද? ජනතාවගේ දිවි පෙවෙත විනාශය කරා ගෙන යන
හානිකර ක‍්‍රමයක් වෙනුවෙන් පෙනී සිටිනා පුද්ගලයෙකු කෙසේවත් දේශපාලකයෙක් නොවේ.
ඉතිහාසය පුරා අපි අවස්ථාවාදීන්ට දේශපාලකයන් යැයි කීවෙමු. එහි බරපතළකම අන් කවදාටත්
වඩා අද කැපී පෙනෙයි.
රාජපක්ෂ රෙජීමය ප‍්‍රතික්ෂේප කිරීම
සඳහා වැඩිහිටියන් මෙන්ම තරුණයන්ටද එක සේ බලපාන දෙවන කරුණ ලෙස අධ්‍යාපන ක්ෂේත‍්‍රයට
පසුගිය කාලය පුරා අත්කර දෙන ලද විනාශය සැලකිය හැකිය. රාජපක්ෂ පාලනය තුළ අධ්‍යාපනය
යනු වෙළඳ භාණ්ඩයක් පමණක් බව පසුගිය කාලය පුරා ඉතා හොඳින් පැහැදිලි වූවේය. එය අධ්‍යාපනය
කෙරේ දක්වන සැලකිල්ල පත්කර ඇති ඇමති කුට්ටමෙන් මනාව පැහැදිලිවෙයි. එක් අයෙකු
පුද්ගලයෙකුට රුපියල් දෙදහස් පන්සියයකින් මසක් ජීවත් විය හැකියයි කියනා ඊනියා
ආර්ථික විද්‍යාඥයෙකු වන කළ අනෙකා ස්ත‍්‍රීන් නිරුවත් කර පාරේ ඇවිද්දවීමට වහසි
දොඩනා වාචාලයෙකි. මේ සියල්ල ජනපති මඳහසින් ඉවසා සිටියි. ඒ අතරේ පාසලේ සිට සරසවිය
දක්වා අධ්‍යාපනය අලෙවි කිරීමට සැලසුම් සැකසෙයි. සරසවි සිසුන් දිනපතා මහමග පහර කෑමට
ලක්වෙද්දී උපකුලපති යනු දේශපාලන වන්ද්භට්ටයන්ගේ පත්වීමක් බවට පත්වෙයි. ඊනියා
මහින්දෝදය විද්‍යාගාර පුරාජේරුව අතර මේ වන විට සමස්ත අධ්‍යාපනයම පවතින්නේ නාය
යමිනි. රාජපක්ෂ රෙජීමය තුළ රටේ අධ්‍යාපනයට ලැබූ කලදසාව වටහා ගැනීමට ලෝක සරසවි ශ්‍රේණිගත
කිරීම් තුළ අපේ සරසවි ඉන්න ස්ථානය විමසීම ප‍්‍රමාණවත්ය.
රාජපක්ෂ රෙජීමය පිළිකෙව් කිරීමට
බුද්ධිමත් ජනයාට බලපාන තවත් හේතුවක් නම් රටේ සෑම ක්ෂේත‍්‍රයකම දක්නට ලැබෙනා විනය
පිරිහීමයි. මේ වන විට ජනපතිද ඉන්නේ විනයෙහි පිරිහීමක් ඇති බව ප‍්‍රසිද්ධියේ
පිළිගනිමිනි. එහෙත් ඔහු පිළිනොගන්නා කරුණ වනුයේ ඊට වගකිවයුත්තා තම පාලනය බවයි. දාමරිකයෙකු
සේ හැසිරුණ මුතුහෙට්ටිගම තමන් අත් අඩංගුවට ගැනීමට නියෝග තිබියදී එළිපිට රටින් පලා
යන විට ජනපතිගේ පොලීසිය නිදිසුව ලබමින් පසුවෙයි. නගරාධිපතිවරයෙකු තමන් අතේ බඳින
ඔරලෝසුව ලක්ෂ තුනහමාරකැයි පවසන විට රටේ කටයුතු කෙරෙන ආකාරය වටහා ගැනීමට එයම
සෑහෙයි. සිය පුතුන් කෙළිපිටියේ විනය විරෝධී ලෙස හැසිරෙන විට පාසල් තුළ පිස්සු නටන
විට අහක බලා සිටිනා පාලකයෙකු අපට සිටින බව පසුගිය සමය දෙස ආපසු හැරී බලන විට
පැහැදිලි නොවන්නේ මන්දබුද්ධිකයෙකුට පමණී.
පසුගිය සමය යනු නීතියේ ආධිපත්‍යය
විධායකයේ සපත්තුවට පාගාදැමුණ කාල පරිච්ෙඡ්දයකි. අගවිනිසුරු බණ්ඩාරනායක සිද්ධිය
හොඳම උදාහරණයකි. ආසන්නතම උදාහරණය වඳුරඹ පොලිස් ස්ථානාධිපතිගේ ඉල්ලා අස්වීමයි.
නීතිය යනු පාලකයාගේ වාසියට මෙහෙයැවෙන මෙවලමක් බව මෙතරම් නිර්ලජ්ජිත ලෙස පෙන්වන ලද
වෙනත් කාලයක් නැති. අධ්‍යාපනයට සියයට හයක් වෙන් කිරීමට මාරාන්තික බියක් දක්වන
රෙජීමය ස්වකීය පැවැත්ම උදෙසා ජාතික ධනය වැය කරනුයේ ඉතා අත්තනෝමතික ආකාරයකටය. රටක
යහ පැවැත්ම උදෙසා නීතියේ ආධිපත්‍යය පිහිටුවීමත් දේශපාලන ගැත්තෙකු බවට පත්කර ඇති
රජයේ සේවකයා ආපසු සිය ආජකාරිය සඳහා පුටුවේ හිඳුවීමත් මේ මොහොතේ අත්‍යවශ්‍යය.
මේ ආණ්ඩුව ප‍්‍රතික්ෂේප කිරීමට බලපාන
තවත් හේතුවක් වනුයේ ආගමික අන්තවාදය හා ජාතිවාදය පෝෂණය කිරීමට ඔවුන් කරනා මැදිහත්
වීමයි. බොදු බලය ඇතුළු විවිධ නම් වගවාසගම්වලින් ක‍්‍රියාත්මක වන අන්තවාදී කල්ලි
විසින් පසුගිය කාලය පුරා කරන ලද විනාශය දුටු කිසිවෙකුටත් රාජපක්ෂ රෙජීමය වෙනුවෙන්
ඡුන්දය දිය නොහැක. ජාතික ආගමික සංහිඳියාව උදෙසා රාජපක්ෂ රෙජීමය ගෙදර යැවිය යුතුය
යන්න අද අන් කවරදාටත් වඩා හොඳින්ම පැහැදිලිවී හමාරය. අපට දැන් අවශ්‍ය වන්නේ මනුෂ්‍යත්වයට
ගරු කරන ආණ්ඩුවක් මිස අන්තවාදීනට උඩගෙඩි දෙන අශීලාචාර පවුල් පාලනයක් නොවේ.
කෙටියෙන් කිවහොත් අද රාජපක්ෂ ආණ්ඩුව
යනු ඒකාධිපතිවාදය අශීලාචාර බව අත්තනෝමතික බව අතින් යළි කිසිවකුට හෝ පරදවාලිය
නොහැකි විනාශකාරී පාලනයකි. එය ඉතිහාසයේ කුණු බක්කියට දැමීම යනු මේ මොහෙතේ
පුරවැසියාගේ පරම වගකීමයි. එසේම තමන් ශිෂ්ට සම්පන්න ජීවිතයක අරුත දන්නේය යන්න ඔප්පු
කිරීමට ඇති අවස්ථාව වනුයේ අටවෙනිදා ඡුන්දයයි. එහි නියම ප‍්‍රයෝජනය නොගැනීම යනු අප
අපේ පමණක් නොව මතු පරම්පරාවලද වළ කපා ගැනීමයි. කළගුණ සැලකීම යනු ඉතා හොඳ දෙයකි.
එහෙත් එසේ කළ යුත්තේ සැබැවින්ම යහපතක් කළ පුද්ගලයෙකුටය. ඒ වෙනුවට අපේ ජීවිත අඳුරේ
හෙලූ තැනැත්තෙකුට අප කළගුණ දක්වන්නේ නම් පළමුව අප කළ යුත්තේ අපේ ම මොළය පරීක්ෂා
කිරීමයි. අට වෙනිදා ඡුන්දය එක් දෙයක් සම්බන්ධයෙන් අපේ මතය විමසයි. ඒ අප ජීවත්වන්නට
සූදානම් වහලූන් ලෙසද නිවහලූන් ලෙසද යන්නයි. වහලූන් වීමට සූදානම් අයට බුලත් කොලයක්
ලැබී තිබේ. නිවහලූන් වීම සඳහා පළමු පියවර තැබීමට සූදානම සැබෑ පුරවැසියන්ට හංස
ෂලකුණ ලැබී තිබේ. ඉදින් අප තවත් කල් බැලිය යුතුද?
No comments:
Post a Comment