Tuesday, January 26, 2016

Letter to Dr Anura Padeniya - found on the Facebook



අතිපූජනීය පාදෙණිය සෑර් වෙත....

මුලින්ම කියන්ඩ ඕනෙ බුදු සෑර් මේකෙ ග්‍රැමර් මිස්ටේක්, ස්පෙලිං මිස්ටේක් හෙම තිබුණා කියා තරහා වෙන්ඩ එපා ය.... මම මේ ලියන්නේ ජීවිතේට ලියන්ඩ හිතාන උන්නු ලියමනක් නෙවේය... ඇරත් සෑර්ලා වගේ මතු බුදුවන හුත්--සමාවන්න, "උත්තමයන්ට" ඇඩ්‍රස් කරලා ලියුං ලියන්ඩ අපි වගේ හිච්චං බුවාලා කවුද නේද ය.. සෑර්ලා පට්ට ලොකු ය.. අපි පට්ට පොඩි ය.. එහෙව් එකේ මේ ලියමනත් හරිනං අවුල් ය.. ඒ වුණාට මගේ පුංචි හිතට දැනෙන සතුට මට සෑර් එක්ක බෙදාගන්ඩ ඕනෑම ය... නැත්නම් දවාට කෑවෙ නෑ වගේ ය... ඒ නිසා ඉවසිල්ලෙන් තරහ අවසර ඇතුව කියවන්ඩ ය....

සෑර්ලා මෙඩ්ඩෝ ය.. මෙඩ්ඩෝ හෙණම ලොකු ය... අනික් රස්සාවල් වගේ නෙමෙයි ය... මොකද කියනවානම් මනුස්ස ජීවිත තියෙන්නේ සෑර්ලාගේ අතේ ය... ඒක පට්ටම භාරදූර වගකීමක් ය.... වෙන හිමිජ්ජ රස්සාවක් කරන එකෙකුට වැරදුණා වගේ නෙමෙයි ය.. මෙඩ්ඩෙක්ට වැරදුණොත් එතනම ජීවිතයක් ය.. බස් ඩ්‍රයිවර් කෙනෙකුට වැරදුණාම ජීවිත එකක් නෙමෙයි ය, හතළිහක් පණහක් විතර ය... එතකොට පාලං හදන සිවිල් ඉන්ංජෙකුට වැරදුණාම ජීවිත දාස් ගණනක් ය... තව ඔය නියුක්ලියර් ප්ලාන්ට් ඔපරේට් කරන සිස්ටම්ස් හදන අයිටී බුවෙකුට වැරදුණාම ජීවිත මිලියන ගාණක් ය... ඒ වුණාට ඩොකාට වැරදුණාම එක ජීවිතයක් ය.. ඒ නිසා ඩොකා ලොකු ය... අනෙක් සේරම පොඩි ය... ඒ පොඩිකම නිසා ඩොක්කුන්ගේ පුරස්නවලට උං කට දාන්න එන එක හරිම සාටර් ය... උන්ට අම්මපා මඩුවලිගෙන් ගහන්න ඕනෑ ය...

සෑර්ලා මොන..අ.අ.අ.අ තරම් ලොකු වුණත් සෑර්ලා මේ රටේ පොඩිම මිනිහාටත් ලොකුම මිනිහාටත් එක වගේ ආදරේ ය... සෑර්ලාගේ ආදරේ වැඩිකමට ඉඳහිටලා ලෙඩ්ඩු බලෙන් ස්ට්‍රයික් කරනවා ය... ආදරේ අහස තරම් ය... සෑර්ලා මේ රටේ අසරණ දුප්පත් ජනතාව ගැන හිතන විදියට සක්‍රයාට පඩුපුල් ආසනේ ඉන්ඩ බැරි ය.. සෑර්ලා තරම් මේ රටේ දුප්පත් අසරණ ලෙඩ්ඩුන් ගැන හිතන උත්‍තමයන් වාන්සේලා මේ සක්වළේ තබා අහළ පහළ සක්වලකවත් නැතුවා ය... මේ රටේ ලෙඩ්ඩු සෑර්ලාට මැණික් වගේ වටිනවා ය... එහෙව් ආදරේ ලෙඩ්ඩුන්ව බලාගන්න වෙන වෙන බාල කොලිටි බුවාලා එන එක සෑර්ලාට දරාගන්ඩ බැරිවා ය... සෑර්ලාගේ සර්විස් එක පට්ට කොලිටි ය.. වම් පියයුරේ ගැටිත්තට වෙදකං කොරන්‍ඩ නං කපන්ඩ ඕනෙ දකුණු පියයුර බව ලෝකෙ වෙන කිසිම ඩොකෙක්ට හිතෙයිද නේද ය... ඒ කොලිටිය නම් ආයෙ ලොවෙත් තියාගන්ඩ ඕනෑ ය.. ඒක තියාගන්ඩ නම් වෙන වෙන හාල් කෑලි මේකෙන් ඈත් කර තියාගන්ඩ ඕනෑ ය.. (අර සම සෞඛ්‍ය සේවා උපාධියට කෙළින්ඩ ගියපු පාර සෑර්ලාගේ ආදරේ දෝර ගලා ගිය හැටි තාමත් මතක් වෙනවා ය...) තව එතනින් ගියාම සෑර්ලාගේ පඩිය වැඩි කරගනු පිණිස ද නොව සෑර්ලාගේ සහ නේස් නෝනලාගේ පඩිය අතර වෙනස වැඩිකරගන්න නටපු නැටිල්ල මතක් වෙනකොට පුල් ආතල් ය... අර කපුගේ ගේ සිංදුවේ තියෙනවා වගේ සෑර්ලා ඒ කාලෙ උද්ඝෝෂණ කළේ "කොළඹ වීදි යට කරගෙන - ආදර වැහි වැගිරෙන කොට - ඔටුන්න බිම දා දුවගෙන" යන තාලෙට ය.. අම්මපා ඒ කාලෙ සෑර්ලාගෙ ආදරේ වැඩිකමට අපිට තනි ඇහැට ඇඬුණා ය... එතකොට සයිටම් වගේ බාල කොලිටි ගුබ්බෑයම්වලින් එළියට එන තර්ඩ් ක්ලාස් බුවාලාගෙන් මේ රටේ දුක්විඳින ජනතාව බේරාගන්න සෑර්ලා දෙන අමර ගේම දැක්කාම සම සෞඛ්‍ය සීන් මතක් වෙලා තාමත් ඇස්දෙක තෙත් වෙනවා ය... අම්මපා ය...

දැන් මේ ඊයේ පෙරේදා ඉදන් කොහෙද යන ඉන්දියන් කාලකන්නි ටිකක් සෑර්ලාට අහස පොළොව නූහුලන අබූත චෝදනා වගයක් එල්ල කර තිබෙනවා ය... උන් කියන්නේ සෑර්ලා මිනිස්සුන්ගේ අවයව ගලවා විකුණනවා කියා ය... අපේ සෑර්ලා අවයව විකිණීමක් ගැන අහලාවත් නැති රත්‍තරං බබාලා ය.... වර්ල්ඩ් ඕගන් මාකට් එක කියා එකක් සෑර්ලා අහලවත් නැතුවා ය... සෑර්ලා සල්ලිවලට අඩුම තරමේ බේත් තුණ්ඩුවක්වත් නොලියන බව මේ පාහර ඉන්දියන් කාරයෝ දන්නේ නැත... එංගලන්තෙ නං පර ෂුද්දගෙ දොස්තරලා සහ මෙඩිකල් රෙපාලා අතර අම්බ ජාවාරම් තියෙනවා ය.. අහවල් සමාගමේ අහවල් බේත නිර්දේශ කරනවාට තායි සවාරියක් වගේ එකක් දීගත්තාම හරි ය... ඒ එංගලන්තෙ ය.. මේ ලංකාව ය... එංගලන්තෙ එහෙම වුණත් ලංකාවෙ එහෙම වෙන්නෙ නෑ ය.. පාදෙණිය සෑර්ගෙ කරියර් ලයිෆ් එක තුළ පාදෙණිය සෑර්ට ඩීල් දමන්න ආ මෙඩිකල් රෙපාලා කී දෙනෙක්ට නම් සෑර් බැණ වැදී එළවාගෙන තියෙනවාද කියා අපිට වෙලාවකට හිතෙනවා ය...

ඇත්තම කතාව නම් බෞද්ධකම පිරී ඉතිරී යන මේ රටේ බෞද්ධ පුනරුදයෙන් ජනතාව මොන...අ.අ.අ. තරම් කුල්මත් වෙලා ඉන්නවාද කියනවා නම් බෝධිසත්ත්වයන් වහන්සේ ඇස් ඉස් මස් ලේ දන්දුන්නා සේ තමන්ටද එහෙම චෑන්ස් එකක් ලබාදෙන්න කියා ලෙඩ්ඩු බල කරනවා යන්න ය... සෑර්ලා ද එතකොට ඒ අහිංසක ආසාව ඉස්ට සිද්ද කොර දී පැත්තකින් ඉඳන් සාදුකාර දෙනවා ය... සෑර්ලා පහුගිය අවුරුදු කීපයේ මේ රටේ ලෙඩ්ඩු ගැන හිතා කරන ලද ස්ට්‍රයික්-සමාවන්න, කැපකිරීම් ගැන හිතුවම මේව්ත් වැඩ ද නේද ය...

කොහොම වුණත් මට සෑර්ට කියාගන්ඩ ඕන වුණේ මේක ය.. මේ අවයව සීන් ඇදුණු පාර ඒ ගැන ඩොක්ක සෑර්ලා විසින් පවත්වන්ඩ යෙදුණු පූජනීය මාද්දිය සාකච්ඡාව සොයා මංතුමා ඊයෙ පෙරේදා ඔබ-නළය හෙවත් යූටියුබ් එක පීරුවාය.. එතකොට මීට කලින් කරපු ස්ට්‍රයික්-- සමාවන්න, කැපකිරීම් වලදී සෑර්ලා දුන්නු මාද්‍ය ටෝක්ස් ටික මට බලන්ඩ ලැබුණාය.. ඒක අසා මංතුමා ඒ ක්ෂණයෙන්ම මොකක්දෝ මහා ඉහළ මානසික මෙවුවා එකකට පත්වුණා ය... ඒක මාරම ටොයින් ටොයින් ය.. සෑර්ගෙ ඒ කාලෙ කතාවක් දෙකක් දැන් කාලෙ ඇහුවාම දැනෙන ආතල් එක ගන්ඩ නම් තණමල්විලම ගිනිතියල බිව්වත් බෑ ය...

ඒ නිසා සෑර්ලා මේ පාදඩ ඉන්දියන් කාරයෝ කියන එව්වා ගණන් ගන්ඩ එපා ය.. සෑර්ලා දිගටම අපිට මේ කොරා වගේම ඉස්සරහටත් කොරන්ඩ ය... එතකොට අපේ ලයිප් එක පුල් මාවලස් ය...

No comments:

Post a Comment