Saturday, January 23, 2016

මුළු රටටම අධිවේගී අන්තර් ජාල සේවය සැපයෙන යෝජිත ‘ගූගල් ලූන්‘ සේවය බකල් කිරීමට ජනපති මලයා ඇමැතිටත් හොරෙන් කුමන්ත්‍රණයක

(ලංකා ඊ නිව්ස් -2016.ජන.23, ප.ව.11.45) 
ශ්‍රී ලංකාවේ සෑම බිම් අඟලක්ම ආවරණය කරමින් අන්තර්ජාලයට පහසුවෙන් ප්‍රවේශ වීමට හැකියාව ලැබෙන පරිදි ‘ගුගල් ලූන්‘ සේවය සමග ගිවිසුම් ගතව සිදුකරන්නට සැලසුම් කර ඇති නවීන අධිවේගී අන්තර්ජාල සේවය බකල් කිරීමට ජනපති සොයුරු ටෙලිකොම් සභාපති කුමාරසිංහ සිරිසේන කුමන්ත්‍රණය කර තිබෙන පුවතක් ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ. 
මොහු මෙම කුමන්ත්‍රණය සිදුකර ඇත්තේ ඇමැති හරීන් ප්‍රනාන්දු ද අභිබවා යමින් අයියාගේ පවර්ස් පෙන්වා ඇමැති බලතල අතට ගනිමින් ඇමැතිවරයාටද හොරෙන් බව වැඩිදුරටත් වාර්තා වේ.
ශ්‍රී ලංකාව ගූගල් ලූන් සේවය සඳහා ගූගල් සමාගම සමග ගිවිසුමක් අත්සන් කෙළේ පසුගිය 2015 වසරේ ජූලි 28 වෙනිදා එවක විදුලි සංදේශ ඇමැති මංගල සමරවීර මහතා විසිනි. ඉන්පසුව පැවැති ඡන්දයෙන් පසු මෙම ඇමැති ධූරය බාර වූයේ හරීන් ප්‍රනාන්දු මහතා ට ය. හරීන් ප්‍රනාන්දු මහතා මෙකී ගූගල් ලූන් සේවය ලබා ගැනීමේ ඉදිරි වැඩ කටයුතු සඳහා පසුගියදා ඇමරිකාවට ගොස් සිටි අතර වාරයේදී දූෂිත ජනපති සොයුරු කුමාරසිංහ සිරිසේන අනෙකුත් අන්තර් ජාල සේවා සපයන ආයතන ප්‍රධානීන් සමග එක්ව  ජනාධිපති අයියා මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී තිබේ. හමුවී ජනාධිපතිට පවසා ඇත්තේ ගූගල් ලූන් සේවය ක්‍රියාත්මක කළහොත් දැනට රටපුරා කණු පිහිටුවා දුර්වල මට්ටමින් අන්තර් ජාල සේවා සපයන ආයතන කඩා වැටෙන බැවින් ගූගල් ලූන් සේවය වහාම නතර කරන ලෙසයි. 
කුමාරසිංහ සිරිසේන ටෙලිකොම් සහ මොබිටෙල් යන සමාගම් දෙකේ සභාපතිවරයා මිස විදුලි සංදේශන කටයුතු බාර ඇමැතිවරයා නොවී අනෙකුත් සමාගම් ප්‍රධානීන් එක් කරමින් ඇමැතිවරයාටද හොරෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා පැවැත්වීමම ඇමැති බලතල තමා අතට ගැනීමකි. ඇමැති බලතල රැගෙන හෝ ජනතාවට සෙතක් සැලසෙන වැඩක් කළා නම් කම් නැත. කරන්නට කුමන්ත්‍රණය කරන්නේ ජනතාවට සෙතක් සිදුවන ක්‍රියාවලිය කඩා කප්පල් කර කණු මගින් සිදුකරන අන්තර් ජාල සැපයීම නතර වුවහොත් තමන්ගේ ගසාකෑම් වලට කෙළවෙන නිසා එය පවත්වා ගෙන යෑමට ය.
ජනාධිපති මලයා දූෂිතයන්ට අධ්‍යක්ෂක කම් දෙමින් ටෙලිකොම් මොබිටෙල් සමාගම් ද්වය විනාශ කරද්දී ඒ ගැන බීබීසීය විසින් ජනාධිපතිගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී ජනාධිපති වරයා කිසිවක් නොදන්නා තොත්ත බබෙකු සේ පවසන්නේ තමාගේ සොහොයුරා ආයතනයක ප්‍රධානියා මිස එම ආයතනය අයත් අමාත්‍යාංශයේ ඇමැතිවරයා නොවන බවයි. සොයුරා ක්‍රියා කරන්නේ ඇමැතිවරයා යටතේ බව ජනාධිපති වරයා පවසයි. නමුත් මෙම සිදුවීම අනුව ජනාධිපති මලයා ක්‍රියා කර ඇත්තේ ඇමැති බලතල තම අතට ගෙන බව සක් සුදක් සේ පැහැදිලිය. 
කෙසේ වෙතත් ජනතාවට රටේ ඕනෑම තැනෙක සිට අධිවේගී අන්තර්ජාල සේවය ලබා ගැනීමට ගූගල් ලූන් සේවය සමග සිදුකරන්නට යන දියුණු වැඩ පිළිවෙලට පොලොන්නරුවේ ‘ගං මුගටියන්‘ හෙනහුරන් වී සිටිති. මීට ප්‍රධාන හේතුව වී ඇත්තේ ගූගල් වැනි සමාගමක් සමග කවරාකාරයේ හෝ ඩීල් එකක් දමා ගැනීමට පොළොන්නරුවේ ‘ගං මුගටියන්ට‘ නොහැකි වී ඇති බැවිනි. පෙර තිබූ මෘග චෞර යුගයේදී ද මැදමූලන ‘ගං කබරයන්‘ විසින් ගූගල් සමාගමෙන් කොමිස් ඉල්ලූ නිසා එම සමාගම ලංකාව අතහැර දමා ගිය බව ප්‍රසිද්ධ රහසකි. 

No comments:

Post a Comment