Saturday, January 30, 2016

අහෝ..! ඥානසාරට හිරේ දී තවත් අබග්ගයක්..!!

(ලංකා ඊ නිව්ස් -2016.ජන.29, ප.ව.11.45) වසරේ හොඳම රඟපෑම වෙනුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ ගලගොඩඅත්තේ ඥානසාරගේ සිපිරි ගෙයි විත්ති මේ දිනවල ජඩමාධ්‍ය වල උණුසුම් පුවත් ලෙස වාර්තා වී තිබේ. සත්තු වත්තට අලුතින් සතෙකු ගෙනාවා මෙන් ඔහු බැලීමට ආ ගිය අයගේ පටන් ඔවුන් ගෙනා කෝලි කුට්ටු නෙස්ටමෝල්ට් ආදිය ගැන පමණක් නොව රිමාන්ඩ් බන්ධනාගාරයේදී ඥානසාරට නාන්න වතුර ඇද දුන් දෙමටගොඩ කුඩ්ඩාත් වැසිකිලියට වතුර බාල්දිය අරගෙන ගිය මරදානේ ගංජා කාරයාත් අපේ ජඩමාධ්‍ය ඔස්තාර්ලාගෙ චරිත බවට පත්ව තිබේ. 
පිටත සමාජයේ විශේෂ පොරවල් රිමාන්ඩ් බන්ධනාගාර ගත වූ කළ ලෙඩක් ඇතත් නැතත් සිරිත් පරිදි බන්ධනාගාර රෝහලට තල්ලු කර දැමීමේ සම්ප්‍රදාය චන්ඩියෙකු ලෙස ප්‍රතික්ෂේප කරන බව කී ඥානසාරද අවසානයේ නැවතුනේ බන්ධනාගාර රෝහලේ ය. 
බොබසේ ප්‍රකාශකයන් කියා ඇති පරිදි ඒ බන්ධනාගාරය තුලදී ඔහුට වැළඳී ඇතැයි කී ‘මුත්‍රා අසාදනයක්‘ හේතුවෙනි. 
චන්ඩියාගේ චරිතය රඟ පෑ නමුත් ඥානසාරට රිමාන්ඩ් වෙන්නට සිදුවූයේ අධෝ වාතයක් යවන්නට තැටමූ කළ ඉබේම මළ පහ වූ කාටදෝ සිදුවූ ආකාරයට ය. ඔහුගේ බොක්ක රත් වූයේ වැඩේ ඇත්තටම සිදුවන බව තහවුරු වූ විට ය. “මොනවා වුනත් අපි කළෙත් හරි වැඩක් නොවෙයිනේ“යි අධිකරණ ශාලාවෙන් එළියට පැමිණි ඥානසාරගේ කටින් දුක හිතෙන ලෙස ඉබේම පිටවූයේ ඒ නිසා ය. ඉන්පසුව රිමාන්ඩ් බන්ධනාගාරයේදී සිවුරේ මුත්‍රා පහවීමේ ලජ්ජාව වහ ගන්නට බොබසේ හෙංචාසාරලා පාවිච්චි කළ උපායික ප්‍රකාශනය වූයේ ‘මුත්‍රා අසාදනය‘ යන්නයි. 
ඥානසාර රිමාන්ඩ් බන්ධනාගාරයේ ගත කළ පසුගිය දින දෙක තුන තුල ඔහුගේ මුහුණ දී සිටින අනෙක් ප්‍රධාන අබග්ගය වී ඇත්තේ රාත්‍රියට නොකා සිටීමට සිදුවීම ය. රිමාන්ඩ් බන්ධනාගාරය තුලදී සෙසු රැඳවියන්ට ලබා දෙන රාත්‍රී ආහාර වේල රැඳවි භික්ෂූන්ට ලබා නොදෙන නිසා ඥානසාරට සිය භික්ෂු ජීවිතයේ පළමු වතාවට රාත්‍රියට කුස ගින්නේ සිටීමට සිදුව ඇති බව දැන ගන්නට තිබේ. 

No comments:

Post a Comment