Wednesday, April 22, 2015

වෙල්ගම පවිත්‍රාගේ උකුලේ : එස්එස්පී වික්‍රමසිංහ මත්පැන් බයිට් සප්ලයර්: “හොරු වෙනුවෙන් හොරුන්ගේ“ පාර්ලිමේන්තු අනංග රාත්‍රිය ගැන තොරතුරු එළියට

(ලංකා ඊ නිව්ස් -2015.අප්‍රේල්.22, ප.ව.11.50) පාර්ලිමේන්තුවේදී ඉකුත් දා හොරු වෙනුවෙන් හොරු එජනිස මන්ත්‍රීවරුන් විසින් පැවැත්වූ විරෝධතා උපවාසයේ රාත්‍රියේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් කීප දෙනෙකුම නාකි අනංග මන්ත්‍රීලාගේ ලිංගික ගොදුරු බවට පත්වූ බවත් උත්තරීතර පාර්ලිමේන්තු මැති සබය අවලම් නාකි කාමාතුරයන්ගේ අනංග ක්‍රීඩාපිටියක් බවට පරිවර්තනය වූ බවටත් තොරතුරු ලංකා ඊ නිවුස් පාර්ලිමේන්තු  අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.
උත්තරීතර යයි කියන පාර්ලිමේන්තුව තුළ ඉතාමත් නින්දිත ආකාරයට මෙම අනංග රති කෙළිය ආරම්භ කරන ලද්දේ කාන්තාවන්ගේ ලිංගික පහසට ගිජු බවට නමක් දරා සිටින කලුතර දිස්ත්‍රික් පාර්ලමේන්තු මන්ත්‍රී හා ඩ්‍රයිවර් කෙනෙක් ලෙස දක්ෂතා පෙන්වූ හිටපු ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම ය. ඔහු තමන්ගේ විකෘති කාමය ගැන වරක් නොව කිහිප වරක්ම පාර්ලිමේන්තුවේදී කයිවාරු කෙලිය අමනයෙකි. 
පාර්ලිමේන්තුවේ ආරක්ෂාව බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මර්වින් වික්‍රමසිංහ විසින් පොලිස් දෙපාර්තමේන්තුවේ ජිප් රථ වලින් වරින් වර ගෙන්වූ මත් පැන් සහ බයිට් වලින් පදමට බීමත් වූ ඉහත කී හිටපු ඇමැතිවරයා පවිත්‍රා වන්නිආරච්චි ඇමතිවරියගේ උකුළට ඇද වැටුණේ මධුවිතින් වෙරිව සිටි ආකාරයක දසුන් මවමින් වුව ද ඒ වනවිට ඔහු ඇත්තටම ඔහු වෙරි වෙන්නට තරම් බීමතින් නොසිටි බව ලංකා ඊ නිව්ස් වෙත ලැබී ඇති තොරතුරු වලින් සනාථ වේ.
ඉන් අනතුරුව ඒ අවට සිටි තවත් මන්ත්‍රීවරුන් උපේක්ෂා ස්වරණමාලී හෙවත් පබා, මාලනී පොන්සේකා, ශ්‍රීයානි විජේවික්‍රම, සුමේධා ජයසේන යන මන්ත්‍රීවරියන්ව බදා  සිප වැළඳ ගනිමින් ඔවුන් පීඩාවට ලක් කරමින් කාමයෙන් මුසපත්ව වියරු වෘකයන් සේ හැසිරුණු ක්‍රියාකාරකම් සියල්ල පාර්ලිමේන්තුවේ සේවක පිරිස් සිය ජංගම දුරකථනවල වලින් පටිගත කර ඇති බව දැනගන්නට ඇත.
මෙසේ පාර්ලිමේන්තු සේවක පිරිස් පටිගත කළ හා රූ ගත කළ හොරු වෙනුවෙන් හොරුන්ගේ කාම සේයාරූ එක්තරා පුවත් පතකට ලබාදී ඇති නමුත් එහි අයිතිකරු මරාවාදි දූෂිත පුද්ගලයෙක් බැවින් ඒ සේයාරූ පළ නොකර තබා ගෙන ඇති අතර ඒවා මතු දිනක එකී මන්ත්‍රී වරුන් බ්ලැක් මේල් කිරීමට තබා ගෙන සිටින බවද දැන ගන්නට තිබේ.
කෙසේ හෝ මෙම ඡායාරූප ඉදිරි කාලයේදී සමාජ වෙබ් අඩවි හරහා මුදා හැරීමට අදාල පිරිස් කටයුතු කරමින් සිටිති.
උපවාස කළ බවට ප්‍රචාරයක් ගෙන යමින් කෑම බීම, මධුවිත පමණක් නොව මන්ත්‍රීවරියන්ගේ ලිංගික පහසත් නොමිලේ විඳගත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මෘග මන්ත්‍රීවරුන් රටටත් ජාතියත් උත්තරීතර මැති සබයටත් කළ මෙම අවමානය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් සූදානම් වන බවට ද තොරතුරු ලැබී ඇත.

No comments:

Post a Comment