Tuesday, February 9, 2016

යෝෂිතගේ සහ ඥානසාරගේ ජංගම දුරකථන සෙල්ලම ගැන හෝමාගම සහ කඩුවෙල මහේස්ත්‍රාත්වරුන් වෙත බන්ධනාගාරයෙන් ලියුමක්

(ලංකා ඊ නිව්ස් -2016.පෙබ.09, ප.ව.9.00) 
යෝෂිත රාජපක්ෂ සහ ඥානසාර නමැති රිමාන්ඩ් රැඳැවියන් විසින් ජංගම දුරකථන භාවිතා කිරීමත් ඒ සම්බන්ධයෙන් බලධාරීන් දෑස් වසා සිටීමත් සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් හෝමාගම සහ කඩුවෙල මහේස්ත්‍රාත්වරුන් ලෙස විවෘත ලිපියක් යවා ඇත. ඒ මෙසේය.

හෝමාගම සහ කඩුවෙල අධිකරණයන්හි ගරු කටයුතු මහේස්ත්‍රාත්වරුන් වෙතයි..,
ජනවාරි 31 වන ඉරිදා මහින්ද රාජපක්ෂ ඇතුලු පිරිසක් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට පැමිණ යෝෂිත ඇතුලු රිමාන්ඩ් රැඳවියන් හමුවී කතාබස් කොට නිමවූ පසු, යෝෂිත රාජපක්ෂ නම් රිමාන්ඩ් රැඳවියා මෙම ආයතනයේ තමන් රඳවා සිටින ශාලාව වෙත යාමට යකඩ දොරෙන් ඇතුලුවීමට යාමේදී බන්ධනාගාර බුද්ධි අංශයේ ජේලර් සෝමවංශ සහ නියාමක වරුන් ඉදිරියේදී ඔහු ලඟ තිබූ ජංගම දුරකථනයක් බිමට වැටුනේය. යෝෂිත ආපසු හැරී මෙම ජංගම දුරකථනය ආපසු රැගෙන ඇතුලට දුව ගියේය. මෙම නිළධාරීන් තුෂ්නිම්භූතව සිටියෝය. අප දන්නා නීතිය අනුව නම් මෙම පුද්ගලයන් සහ එම ශාලාව වහාම සෝදිසිකොට එම දුරකථනය සමග අදාළ පුද්ගලයන් බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයට ඉදිරිපත් කොට සිර දඬුවම් ලබා දිය යුතුය. සාමාන්‍ය සිරකරුවකු මෙලෙස හසුවූ විට මාස 6 ක සිර දඬුවමක් නියම කරනු ලබයි. නමුත් තවමත් යෝෂිත එම දුරකථනය භාවිතා කරනු ලබයි. මෙය හිරගෙදර ප්‍රසිද්ධ රහසකි. 
අද දින පෙබරවාරි 9 වනදා වැලිකඩ බන්ධනාගාර රෝහලේ අංක 3 වාට්ටුවේ (කිසිම ලෙඩක් නොමැතිව) ලෙඩුන්ගේ ඇඳක් ලබා දී රඳවා සිටින ඥාණසාර නම් සිවුරුකාරයා ලඟ තිබී ජංගම දුරකථනයක් ඉහත බන්ධනාගාර බුද්ධි අංශයේ (පොලිස්) නිළධාරීන් විසින් අල්ලා ගන්නා ලදී. වැලිකඩ බන්ධනාගාර අධිකාරී ඒකනායකබුද්ධි අංශය භාර කොමසාරිස් උපුල්දෙණිය, ප්‍රධාන වෛද්‍ය ලක්ෂ්මන්  ආදීන් විසින් යහපාලන රජයත් අධිකරණයත් ප්‍රබලව හෑල්ලූ කරමින් මෙසේ සෙල්ලම් කිරීම පිළිබඳව සුදුසු පියවරක් ගන්නා ලෙස ඔබතුමන්ලාට දන්වා සිටිමු. මන්ද යත් රැඳැවියන්ගේ අවසන් වගකීම ඇත්තේ අධිකරණයට බැවිනි.

මෙම තත්වය නීතිය ඉදිරියේ අපක්ෂපාතීව කටයුතු කරන ඔබතුමන්ලා ඇතුලු අනෙකුත් රජයේ නිළධාරීන්ට ජීවිත තර්ජන එල්ලවිය හැකි තත්ත්වයක් බවද මේ තත්ත්වය යටතේ කිසිම තනතුරක අවංක බන්ධනාගාර නිළධාරියකුට මහත්තයකු ලෙස රාජකාරිය කළ නොහැකි බවද දන්වා සිටිමු.   

-අවංකව රාජකාරි කරන බන්ධනාගාර නිලධාරීන් පිරිසක්-

No comments:

Post a Comment