Wednesday, February 17, 2016

Video & Article “රාජිත රෝහිතට හොරා කියා ඇඟිල්ල දිගු කිරීම හරියට කේතලේ මුට්ටියට කලුයි කියා ඇඟිල්ල දිගුකරනවා වගේ“ -අනුර දිසානායක කියයි (Video)

(ලංකා ඊ නිව්ස් -2016.පෙබ.16, ප.ව‍.9.30) 
මේ ආණ්ඩුවේ සමහරුන් පරණ ආණ්ඩුවේ අයට හොරා කියා  ඇඟිල්ල දිගු කිරීම හරියට කේතලේ මුට්ටියට ඇඟිල්ල දිගු කර ඔයා කලුයි කියනවා වැනි යයි ජවිපෙ නායක සහ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක මන්ත්‍රීවරයා පැවසීය. රවි කරුණානායක ඇඟිල්ල දිගු කරලා කියනවා යෝෂිත හොරෙක් කියලා. රාජිත සේනාරත්න ඇඟිල්ල දිගුකරලා කියනවා රෝහිත අබේගුණවර්ධන හොරෙක් කියා යැයිද උදාහරණ ලෙස පෙන්වමින් හේ පැවසීය. රනිල් මෛත්‍රී ආණ්ඩුවට ආ හොරුන් ආරක්ෂා කරන බවටද මන්ත්‍රීවරයා ආණ්ඩුවට චෝදනා කෙළේය. 
ඔහු මෙසේ කීවේ ඊයේ(15) සවස දෙවිනුවර ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගනයේ පැවැති සමස්ථ ලංකා පොදු ධීවර සමුළුවේ ප්‍රධාන කථිකයා ලෙස සහභාගී වෙමිනි. ජවිපෙ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිහාල් ගලප්පත්ති, සුනිල් හඳුන්නෙත්ති පොදු ධීවර සංගමයේ කැඳවුම්කරු රත්න ගමගේ යන අය සහභාගී වී සිටියහ. 
(වාර්තාව සහ වීඩියෝව කැලුම් ජයවීර මාතර සිට)

No comments:

Post a Comment