Wednesday, February 10, 2016

ජයන්ත ජයසූරිය නව නීතිපති ලෙස ඒකමතිකව තීන්දු කරයි

(ලංකා ඊ නිව්ස් -2016.පෙබ.10, ප.ව.5.40) 
යහපාලනප්‍රේමී නීති ගරුක ජනතාවගේ අමන්දානයට හේතු වෙමින් නව නීතිපතිවරයා ලෙස ජයන්ත ජයසූරිය මහතා පත් කර තිබේ. 

පසුගිය සඳුදා ජනාධිපතිවරයා විසින් තිදෙනෙකුගේ නම් ව්‍යවස්ථා සභාවට එවීම ව්‍යවස්ථාවට අනුකූල නොවූ බැවින් එය යලි නිවැරදි කරමින් අද ජනාධිපතිවරයා විසින් ජයන්ත ජයසූරිය මහතාගේ නම පමණක් ව්‍යවස්ථා සභාවට එවා තිබිණ

අද සවස රැස්වූ ව්‍යවස්ථා සභාව විසින් ඒකමතිකව ජයන්ත ජයසූරිය මහතාගේ නම අනුමත කර යවා තිබේ. ව්‍යවස්ථා සභාවේ සඳුදා රැස්වීමේදී වැඩ බලන නීතිපති ලෙස කටයුතු කරන රාජපක්ෂවාදී සට්ටැඹියෙකු ලෙස ප්‍රකට සුහද ගම්ලත් වෙනුවෙන් කතා කළ ජෝන් සෙනෙවිරත්න මහතා හෝ විජයදාස රාජපක්ෂ මහතා හෝ ජයන්ත ජයසූරිය මහතාට විරුද්ධ වූයේ නැත. ඒ අනුව හෙට හෝ අනිද්දා නව නීතිපතිවරයා ලෙස ජයන්ත ජයසූරිය මහතා ජනාධිපතිවරයා ඉදිරියේ දිව්රුම් දෙනු ඇත.

රාජපක්ෂ යුගයේ අවනීතිය රජ කරවීමට දැඩි ලෙස කැපවී ක්‍රියා කළ සුහද ගම්ලත් නමැති සට්ටැඹි පුද්ගලයා නීතිපතිවරයා ලෙස පත් කිරීමට එරෙහිව සිවිල් සංවිධාන, නීතිපති දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තරය සහ ලංකා ඊ නිව්ස් විශාල මතවාදයක් ගෙන ගියේය. රාජපක්ෂවාදීන් සියළු දෙනා සුහද ගම්ලත් නීතිපතිවරයා කළ යුතුයැයි මතවාදයක් ගෙන ගියේය.  

ජයන්ත ජයසූරිය මහතා පශ්චාත් උපාධිධරයෙකු වන අතර විදේශයන්හි සේවය කර පළපුරුදු ඇත්තෙකි. විශිෂ්ඨ ඝනයේ අපක්ෂපාතී පුද්ගලයෙක් ලෙස නීති ක්ෂේත්‍රයේ ප්‍රකට අයෙකි.

No comments:

Post a Comment