Wednesday, April 8, 2015

- පු.ක. සි.බෞ- කසුන් පුස්සෙවෙල

From pathula.com 
ලේ ඉල්ලන සත්තුන්ට තවත් තැනකට යන්න නොදී පොලීසිය එලවීම රටේ නීතිය.වෙන රටක උනත් එහෙමයි..නීතිය දන්නෙ නැත්තම් මුලින් රටේ සහ ලොක නීතිය දැන ගන්න..ජනවාර්ගික හෝ ජාතිවාදී ප්‍රශ්න වලට තුඩු දෙන දේවල් කතා කරන්නවත් බෑ මිනිස්සු අවුස්සල අපේ රටේ නීතිය අනුව..රටේ යම් තැනක නීතිමය ප්‍රශ්නයක් තියෙනව නම් ඒක නීතිමය විදියට ඒ අදාල අය විතරක් සහභාගී වෙලා නීතිය ඉදිරියේ බේරගන්න..නැතුව අහිංසක මිනිස්සුන්ගෙ ලේ කෝප කරල ජාතිය ආගම කියන සලුවෙන් ඇස් වහල එක එක තැන් වලට ගිහින් මහ ජාතිය අපි කියල ලේ ඉල්ලන්නෙ ගෝත්‍රිකයො..
බුද්ධ දර්ශනය දන්නෙ නැති නම් අඩුම ගානෙ රටේ මූලික නීතියවත් දැනගන්න.. මනුස්ස ලේ නම් ඕන නම් බී ගන්න දෙමලයි තම්බියන්වයි මරල..තවත් ලේ ඕන නම් අපිවත් මරල ලේ බොන්න..ඒත් අපිට එහෙම ඕන නෑ..අපිට රජෙක් ගෙනත් වහල්ලු වෙන්න ඕන නෑ ජාතිය ආගම පිට දාල ..මේ රටේ උන්ට වහල්කම ලේ වලින් යවා ගන්න බැරි වුණාට අපිට වහල්ලු වෙලා ජීවත් වෙන්න ඕන නෑ මේ රටේ..මිනිස්සු වෙලා,සාමයෙන් සමඟියෙන් ජීවත් වුණාම අපට ඇති..
සිවුරු දාගෙන ඉන්න එක සීමිත පිරිසක් විතරක් ඔහොම වෛරය වපුරමින් දුවන්නයි,අති බහුතර තවත් පිරිසක් නිහඬව ඉන්නයි හේතුව බලන්න.කටු කන බල්ල තමයි සැරටම බුරන්නෙ ඕනම අගුවක ඉඳන් තමන්ගෙ ස්වාමිය වෙනුවෙන්..මොකද ස්වාමියා හිටියොත් විතරයි කටු ලැබෙන්නෙ ලොවන්න. ආගම ජාතිය ගැන කියාගෙන අපි වගේම ලේ මස් ඇට නහර තියෙන මිනිස්සු පහත දාන්න,මරන්න,ගෙවල් ගිනි තියන්න අපිට ඕන නෑ. අපිට ඕන ශිෂ්ට රටක්..ලේ දැක්ක,මිනිස්සු මැරුව අපිට ඇති.. මේ රටේ තවත් යුද්ද එපා..
එක එකාගෙ බලු අරමුණු වෙනුවෙන් තවත් ජාතියක් පහත් කරන්න එපා..දෙමළ ,තම්බිය ඔක්කොම එකම රටේ මිනිස්සු මිසක් සිංහල අපෙ අත පල්ලෙන් වැටුන උන් නෙමෙයි..අපි එහෙම උන්ව තලන පෙලන තාක් ඒ මිනිස්සුන්ගෙත් ඉන්න ඔයාල වගේ අන්තවාදී මෝඩ මිනිස්සු කීපදෙනෙක් ඔයාල කරනව වගේ මෝඩ වැඩ කරනව..
බුදුන් ඕව කියල නෑ.සිංහල බෞද්ධ කියල බුදු දහමෙ නිකායක් නෑ..එහෙනම් අපි මේ කියන ලියන අකුරු,බුදු රූප බුදු දහම පවා එන්නෙ සහ සිංහල කියන ජන වර්ගයා එන්නෙ පවා ඉන්දියාවෙන්..ඒක වෙනම කතාවක්..ඔය කියන මැදපෙරදිග තම්බින්ගෙ පස්ස හෝදල තමයි අපේ රටේ හැම ජාතියකම අම්මල,අක්කල අපිට තෙල් ටික ගන්න විදේශ විනිමය එවන්නෙ.එක එකාට පදින්න විදේශීය වාහන ගන්න ඩොලර් එවන්නෙ.. එහෙ තම්බි ෂරියා නෙමෙයි ගෙරියා නීතිය පාවිච්චි කළත් මෙහෙන් යන තම්බිය ශ්‍රී ලාංක තම්බිය මිසක් තම්බි කියල අපේ ජාතියෙ කියල එවන්නෙ නෑ..ගණන් ගන්නෙ නෑ..ශ්‍රී ලාංකික සියලු මිනිස්සු ශ්‍රී ලාංකික මිසක්,මේ රට සියලුම දෙනාට අයිතියි මිසක් වෙන දෙයක් නෑ..දැන් ඇති මේ රටට ප්‍රශ්ණ.දැන් ඇති නිකන් තේරුමක් නැති ගෝත්‍රික දේවල් වලට සහ එක එකාගෙ පටු රජ වීම් වලට මිනිස්සු මරාගත්ත.. “මනුස්සය” කියන්නෙ මනසින් උසස් කියන එක මිසක් තම්බිද,දෙමළද,සිංහලද කතෝලිකද සුදුද කලුද කියල එකක් නෑ..අපි ඔක්කොම මිනිස්සු..
මගෙ කොන කපල සුන්නත් කරලත් නෑ..මාව බෞතීස්ම කරලත් නෑ..මාව පැවිදි කරලත් නෑ.. මට මොකෙක්ගෙන්වත් ලැබෙන ලබ්බක් නෑ..ලැබුන ලබ්බකුත් නෑ.. ඔයාල “සිංහල බෞද්ධ” කියන “ආගම” බේරගන්න අපිව ගාවගන්නෙ නැතුව.. අපි බුද්ධ කිව්ව දර්ශණය අදහන්නම්.. ඒ විදියට සියලු ලෝක සත්වයට ආදරේ කරන්නම්..තවත් ආගමකට,ජාතියකට ගැරහීම මට ගැරහුවා හා සමානයි කියල බුද්ධ දේශණා කළා නම්,සියලු සංස්කාර ධර්මයන් නැසෙන සුලුයි කියන මූලික හරය බුද්ධ තමන්ගෙ දේශණාවට මූලික කරගත්ත නම් මට ඕන නෑ උඹල වගේ තවත් මිනිස්සුන්ට හිරිහැර කරන්න.. සිංහල බෞද්ධ කියල දෙයක්වත්,සිංහල බෞද්ධ උන් මේ ලෝකෙ විනාශ වෙනතාක් ඉන්නව කියලවත් බුදුන් කියල නැති නම් උඹල ඔය කරන්නෙ බුදුන්ට අගෞරව කිරීමක් විතරයි..එහෙම බැලුවම ඇත්තම බෞද්ධ විරෝධීන් උඹල.. ඕනම් අපිවත් මරල උඹල සිංහල බෞද්ධකම බේරගනිල්ල..අපිට ඊට වඩා වටිනව මනුස්සකම බේරගන්න එක..නියම සිංහල බෞද්ධ මිනිස්සු කියල පෙන්නන ඕන මනුස්සකමෙන්..ක්‍රියාවෙන්..අපි නියම සිංහල බෞද්ධ කියල අපිට කියන්න ඕන අපි නෙමෙයි වෙනත් ජාතීන්.වෙනත් ආගම් වල මිනිස්සු..
ස්තුතියි .!
මුහුනු පොතෙන්

No comments:

Post a Comment