වික්ටර් අයිවන්
|
මහින්ද
හා මෛත‍්‍රී අතර කෙරෙන ජනාධිපතිවරණ තරගය ඉදිරියට ගලායමින් තිබෙන්නේ මහින්දට
අසාමාන්‍ය තරමේ විශාල පරාජයක් හිමිකර දෙන ආකාරයටය. ඇත්තටම මහින්ද ප‍්‍රතික්ෂේප
කිරීම රැුල්ලක් බවට පත්වී දැන් එය දැවැන්ත රැුල්ලක් බවට පත්වෙමින් තිබෙන්නේයැ’යි කිව හැකිය. රැුල්ල ඉදිරියට ගලායමින් තිබෙන
වේගය අනුව බලන විට සමහරවිට සියලූ දිස්ත‍්‍රික්කවලින් නැතහොත් දිස්ත‍්‍රික්ක එකක්
දෙකක් හැර අන් සියලූ දිස්ත‍්‍රික්කවලින් ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජය වන විභවයක්
පවතී.
මට
පෙනුණු හැටි
මෙම
ජනාධිපතිවරණය කරළියට එමින් තිබෙන ආරම්භක අවස්ථාවේදී මා මගේ මිතුරන් කිහිපදෙනකු සමග
කරන සාකච්ඡුාවකදී කියා සිටියේ මෙම ජනාධිපතිවරණයෙන් මහින්ද ඡුන්ද ප‍්‍රතිඵල පිටවීමට
පෙරම දෘශ්‍යමාන අර්ථයෙන් පරාජය වන තත්ත්වයක් ඇතිවිය හැකි බවය. ඒ වනවිට මෛත‍්‍රීපාල
සිරිසේන කෙනෙකුගේ නම ජනාධිපති අපේක්ෂක න්‍යාය පත‍්‍රයට ඇතුළත්ව නොතිබු ණේය. ඒ
මිතුරන් කිහිපදෙනා මාගේ එම ප‍්‍රකාශය බැ?රුම් ලෙස ගණන් ගත්තේ නැත. ඔවුන් සියලූදෙනාගේ මතය
වූයේ මහින්ද පරාජය කිරීම ලේසි පහසු දෙයක් නොවන බවය. මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපති
අපේක්ෂක ලෙස ප‍්‍රකාශයට පත්වූ දිනයේදී බීබීසී සිංහල සේවය ජනාධිපතිවරණ තරගය ගැන
මගෙන් අදහස් විමසීමක් කළ අතර මාගේ එම පුරෝකථනය ප‍්‍රසිද්ධියේ කියා සිටීමට මම එය
අවස්ථාවක් කරගතිමි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඡුන්ද ප‍්‍රතිඵල ප‍්‍රකාශ කරන්නට
පෙර දෘශ්‍යමාන අර්ථයෙන් පරාජය වනු ඇති බවත්, ඔහු පරාජය වන්නට යන්නේද ළඟ ළඟ තරගයකින් නොව
දුරස්ථ තරගයකින් බවත් ජයග‍්‍රාහකයා හා පරාජිතයා අතර පරතරය විශාල වනු ඇති බවත් මම
කියා සිටියෙමි. මට පෙනෙන්නේ මගේ පුරෝකථනය සනාථ වෙමින් තිබෙන බවය.
මීට
වසර දෙකකට පමණ ඉහතදී නුවර පැවති දේශනයකදී දේශනය අතරමගදී මා කරන ලද ප‍්‍රකාශයක්
අසන්නන්ගේ කුතුහලයට හේතුවූ බවක් පෙනෙන්නට තිබුණි. මා එහිදී කීවේ සමහරවිට ජනාධිපති
වරණයක් නොපැවැත් වෙනු ඇති බවත් ජනාධිපතිවරණයක් පැවැත්වෙන්නේ නම් එය ලංකාවේ
පැවැත්වෙන අවසාන ජනාධිපතිවරණය වනු ඇති බවත්ය. ඒ වනවිට ජනාධිපති ක‍්‍රමයකට එරෙහිව
යන ලොකු පෙළගැසීමක් රටේ නොතිබුණි. එම කාරණා දෙකේදීම මට එසේ කියන්නට හැකිවූයේ මා
මිථ්‍යා විශ්වාසයක් මත පදනම් වී අනාවැකි කියන ජ්‍යොතිෂ්‍යඥයකු වූ නිසා නොව සමාජයේ
ඇතිවෙමින් තිබෙන වෙනස්කම් උනන්දුවෙන් හදාරන ඒ ආශ‍්‍රයෙන් ඉදිරිය දකින්නට උත්සාහ
කරන කෙනකු වීම නිසාය.
ඇතැම්
අවස්ථාවලදී මාගේ ලේඛනවල අප ජීවත්වන්නේ එක තැන පල්වෙන සමාජයක නොව වෙනස්වෙමින් තිබෙන
සමාජයක බව මම කියා ඇත්තෙමි. ප‍්‍රභාකරන් පරාජය කරන තෙක්ම දේශපාලන ක‍්‍රමයේ හා සමාජ
ක‍්‍රමයේ ඇතිවී තිබුණු කුණුවීම සේ ම දේශපාලන නායකයන්ගේ හිස් හා දුෂිත බවද සමාජයට හොඳින් නොපෙනුණේය. ඒ වනවිට සමාජයේ
පූර්ණ අවධානය යොමුවී තිබුණේ ඒ කාලයේ සිදුවූ ප‍්‍රචණ්ඩ ක‍්‍රියාකාරකම් දෙසය.
නිරන්තරයෙන් අසන්නට ලැබෙන වෙඩි හඬ හා නිරන්තරයෙන් ආඝ‍්‍රාණය කරන්නට සිදුවී තිබූ
වෙඩි බෙහෙත් සුවඳ නිසා ආණ්ඩු ක‍්‍රමයේ හා ආයතන ක‍්‍රමයේද ඒ සියල්ල හසුරුවන
දේශපාලකයන්ගේද සැබෑ යථාර්ථය ඔවුන්ට නොපෙනුණේය. ප‍්‍රභාකරන්ගේ ප‍්‍රචණ්ඩ ව්‍යාපාරය පරාජය කිරීමත්
සමග දේශපාලන ක‍්‍රමයද ඒ යටතේ තිබෙන ආයතන ක‍්‍රමයද ඒ සියල්ල හසුරුවන දේශපාලන
නායකයන්ද නිරුවත් කිරීමක් සිදුවීයැ’යි කිව හැකිය. එය ඓතිහාසික ක‍්‍රියාදාමයක් ලෙසද
සැලකිය හැකිය. ඒ සමග රටේ මහජනතාවට මජර ගලන තරමට කුණුවී තිබූ දේශපාලන ක‍්‍රමයේත් ඒ
යටතේ තිබෙන ආයතන ක‍්‍රමයේත් ඒ දෙකේ සුක්කානම හසුරුවන දේශපාලන නායකයන්ගේත් නිරුවත
දැකීමේ හැකියාව ලැබුණේය.
පුපුරන්නට
යන අර්බුදයේ ස්වභාවය
ඒ
මගින් දේශපාලන ක‍්‍රමයේත්, ඒ යටතේ තිබෙන ආයතන ක‍්‍රමයේත් ඇති අක‍්‍රමවත්භාවය, දූෂිත හා අකාර්යක්ෂමතාව සේ ම තමන්ගේ ගෞරවයට
හේතුවී සිටි වීරයා ඇතුළු දේශපාලකයන්ගේ නියම ස්වභාවය, එනම් හිස්බව, කෑදරකම, බලලෝභය, දූෂිත බව හා රස්තියාදුකාර ස්වරූපය තේරුම් ගැනීමේ
හැකියාව ඔවුන්ට ලැබුණේය. සමහර අය ඒ සියල්ල එසේ වී ඇත්තේ ඇයිද කියා තේරුම් ගන්නට
උත්සාහ කළෝය. පොතපත කියෙව්වෝය. අනුන්ට ඇහුම්කන් දුන්නෝය. ඒ සියල්ල සිදුවූයේ
කෑගැසීමකින් තොරව නිහඬවය. මේ සමාජය අත්දැකීම්වලින් ඉගෙන ගනිමින් දැනුවත්භාවය
වර්ධනය කරගනිමින් සිටින සමාජයක් බව මා කියූ අවස්ථාවලදී නිරන්තරයෙන්ම අසන්නට ලැබුණු
ප‍්‍රශ්නයක් වූයේ එම සමාජය පවත්වාගෙන යන නිහඬතාව අවසන් කර හඬ නගා කතාකරන තත්ත්වයකට
පත්වනු ඇත්තේ කවදාද යන්නය. මා එවැනි අවස්ථාවලදී දෙන ලද පිළිතුර වූයේ ඔවුන් අප
කැමති අවස්ථාවකදී නොව ඔවුන්ට සුදුසුයැ’යි පෙනෙන අවස්ථාවකදී නිහඬබව අත්හරිනු ඇති බවය.
මට පෙනෙන අන්දමට ඇතිවී තිබෙන මහින්ද විරෝධී දේශපාලන රැුල්ල සමාජයේ මතුපිටට නොපෙනෙන ලෙස ගොඩනැගෙමින් තිබී පුපුරන්නට හදන ඓතිහාසික අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. එම රැුල්ල විරුද්ධ පක්ෂ ව්‍යාපාර ඇති කළ දේකට වඩා ස්වයංසිද්ධව ඇතිවී වර්ධනය වූ දෙයක් ලෙස සැලකිය හැකිය. විරුද්ධ පක්ෂය විසින් ප‍්‍රකාශිත එකම කොළ කැබැල්ලක්වත් බෙදාහැරෙන්නට පෙර පරිවර්තනයක් වෙනුවෙන් පෙනී සිටි තනි තනි පුද්ගලයෝ දහස් ගණනක් මහින්ද විරෝධී වේශයකින් හඬ නගන තත්ත්වයකින් ක‍්‍රියාකරමින් සිටියෝය. ඔවුහු දේශපාලන පක්ෂවලට අයත් අය නොවූවා සේ ම කිසියම් දේශපාලන මූලස්ථානයකින් ලැබෙන අණදීම් අනුව ක‍්‍රියාකරන පිරිසක්ද නොවූහ. ඔවුන් තමන්ගේ දේශපාලන හඬ පැතිරවූයේ සිය වුවමනාවෙන් හා ස්වේච්ඡුාවෙනි. මහින්ද විරෝධී රැුල්ලේ ප‍්‍රවර්තක බලවේගය ලෙස සැලකිය හැක්කේ ඔවුහුය. ඔවුහු සිය මාපියන්ද, හිත මිත‍්‍රයන්ද දැනුවත් කිරීම සඳහා උනන්දුවෙන් ක‍්‍රියාකරන අදිසි බලවේගයක් ලෙස ක‍්‍රියා කළෝය.
මට පෙනෙන අන්දමට ඇතිවී තිබෙන මහින්ද විරෝධී දේශපාලන රැුල්ල සමාජයේ මතුපිටට නොපෙනෙන ලෙස ගොඩනැගෙමින් තිබී පුපුරන්නට හදන ඓතිහාසික අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. එම රැුල්ල විරුද්ධ පක්ෂ ව්‍යාපාර ඇති කළ දේකට වඩා ස්වයංසිද්ධව ඇතිවී වර්ධනය වූ දෙයක් ලෙස සැලකිය හැකිය. විරුද්ධ පක්ෂය විසින් ප‍්‍රකාශිත එකම කොළ කැබැල්ලක්වත් බෙදාහැරෙන්නට පෙර පරිවර්තනයක් වෙනුවෙන් පෙනී සිටි තනි තනි පුද්ගලයෝ දහස් ගණනක් මහින්ද විරෝධී වේශයකින් හඬ නගන තත්ත්වයකින් ක‍්‍රියාකරමින් සිටියෝය. ඔවුහු දේශපාලන පක්ෂවලට අයත් අය නොවූවා සේ ම කිසියම් දේශපාලන මූලස්ථානයකින් ලැබෙන අණදීම් අනුව ක‍්‍රියාකරන පිරිසක්ද නොවූහ. ඔවුන් තමන්ගේ දේශපාලන හඬ පැතිරවූයේ සිය වුවමනාවෙන් හා ස්වේච්ඡුාවෙනි. මහින්ද විරෝධී රැුල්ලේ ප‍්‍රවර්තක බලවේගය ලෙස සැලකිය හැක්කේ ඔවුහුය. ඔවුහු සිය මාපියන්ද, හිත මිත‍්‍රයන්ද දැනුවත් කිරීම සඳහා උනන්දුවෙන් ක‍්‍රියාකරන අදිසි බලවේගයක් ලෙස ක‍්‍රියා කළෝය.
නිදර්ශන
තුනක්
සමාජයේ
අදිසි දේශපාලන බලවේගයක් ලෙස ක‍්‍රියාකරන මෙම ප‍්‍රවණතාව තේරුම් ගැනීමට ප‍්‍රයෝජනවත්
තෝරාගත් නිදර්ශන තුනක් මෙසේය. පළමු නිදර්ශනය පොළොන්නරුවෙනි. මේ කතාව එම ප‍්‍රදේශයේ
උගත් පියකුගෙන් සිය උගත් පුතකු පිළිබඳව මට අසන්නට ලැබුණු කතාවකි.
ඔහුගේ
තරුණ පුතා කොළඹ කිසියම් විශ්වවිද්‍යාලයක ආචාර්ය මණ්ඩලයට එකතු වී ඇත්තේ ඉතා
මෑතකදීය. ජනාධිපතිවරණ උණුසුම ක‍්‍රමයෙන් ඉහළයමින් තිබෙන අවස්ථාවකදී කිසියම් දිනක
ගෙදර පැමිණි පුතා ජනාධිපති මහින්ද රාජපක්ෂ දේවත්වයෙන් අදහන තත්ත්වයක සිටි මව අමතා
මෙසේ කියා තිබේ. ‘අම්මාට මාව ලංකාවේ තියාගන්න අවශ්‍ය නම් මහින්ද
පරාජය කරන්න. මහින්ද දිනුවොත් රටේ තත්ත්වය තවත් නරක් වෙනවා. එහෙම වුණොත් මටත්
අම්මලා, තාත්තලා අතහැරලා ජීවත්වෙන්න සුදුසු රටක් සොයාගෙන
පිටරටකට යන්න වෙනවා. මහින්ද මේ ඡුන්දයෙන් පැරදුණොත් මම මේ රටේම ජීවත්වෙනවා. ඒ නිසා
අම්මා, මහින්දට පක්ෂව වෙනුවට විරුද්ධව මෙවර ඡන්දය දෙන්න.’
දෙවැනි
නිදර්ශනය ගාලූ දිස්ත‍්‍රික්කයේ ඌරගහ ප‍්‍රදේශයේ උගත් කාන්තාවකගෙන් මාගේ මිතුරකුට
අසන්නට ලැබී තිබෙන කතාවකි. ඒ ප‍්‍රදේශයේ සමෘද්ධි ආධාර ලබන පවුල් සංඛ්‍යාව විශාලය.
රුපියල් 2500 කොටස්වලින් ගෙවන රුපියල් 10,000ක දීමනාව ලබාගැනීම සඳහා හැම සමෘද්ධි පවුලකින්ම
එක් වැඩිහිටි සාමාජිකයෙකු හෝ සාමාජිකාවක ජනාධිපති වරයාගේ ප‍්‍රධානත්වයෙන් ගාලූ
දිස්ත‍්‍රික්කයේ පැවැත්වෙන රැුස්වීම්වලට යායුතු බවට සමෘද්ධි පාලන අධිකාරිය ඔවුන්ට
දැනුම් දී තිබෙන අතර ඒ සඳහා අවශ්‍ය ප‍්‍රවාහන පහසුකම්ද නොමිලේ ලබාදී තිබේ. එහෙත්
ඇය ඔහුට කියා තිබෙන්නේ, මෙම සමෘද්ධිලාභී පවුල්වල උගත් තරුණ දූ දරුවන්
සිතන විදිය මාපියන් සිතන විදියට වඩා වෙනස් බවත්, දිළිඳු සහනාධාර කැරට් අලයක් බවට පත්කර ගනිමින් තම
දෙමාපියන් දක්කන්නට දරන වෑයම ඔවුන්ගේ විරෝධයට හා පිළිකුලට හේතුවී තිබෙන බවත්, ඔවුන් තමන්ගේ දෙමාපියන්ගේ අදහස් වෙනස් කිරීම සඳහා
බලපා තිබෙන බවත්ය.
තුන්වැනි
නිදර්ශනය උගත් හා වත්පොහොසත්කම් ඇති පියකුගේ දේශපාලන හැසිරීම ගැනය. එයද මගේ
මිතුරකුගෙන් අසන්නට ලැබුණු කතාවකි. මෙම පියා සිය පවුලේ සාමාජිකයන් සමග ඇමරිකාව
වැනි රටකට ගොස් එහි හොඳ රැුකියාවක්ද ලබාගෙන හොඳ ජීවිතයක් ගතකිරීමේ හැකියාව තිබූ
පුද්ගලයකු වුවද තමන්ගේ රටට තිබෙන කැමැත්ත නිසා තවදුරටත් මෙහි ජීවත් වූ පුද්ගලයෙකි.
ඔහුගේ ළමුන් දෙදෙනා අධ්‍යාපනය ලබමින් සිටින්නේද ලංකාවේ විශ්වවිද්‍යාල දෙකකය. විදේශ
විශ්වවිද්‍යාලවලට උසස් අධ්‍යාපනයක් ලබාදීමේ හැකියාව තිබියදීත් ඔහු ළමුන් දෙදෙනා
උනන්දු කරවා තිබෙන්නේද ලංකාවේදීම උපාධි අධ්‍යාපනය සම්පූර්ණ කරන ලෙසය. එහෙත් දැන්
මේ පියාට දරු දෙදෙනා පිළිබඳ කනස්සල්ලක් ඇතිවී තිබෙන්නේය. හේතුව රටේ තිබෙන වටාපිටාව
ඔවුන්ගේ තෘප්තියට හේතු නොවීමය. මේ තත්ත්වය මෙසේම පැවතුණහොත් උපාධි අධ්‍යාපනය
සම්පූර්ණ කිරීමෙන් පසු ඔවුන් විදේශ රටකට යනු ඇතැ’යි කියන සැකයක් ඔහු තුළ පවතී. ඔහුට අවශ්‍ය වී
ඇත්තේ තමන් මෙන් දරු දෙදෙනාද උපාධි අධ්‍යාපනය සම්පූර්ණ කිරීමෙන් පසු මේ රටේම
ජීවත්වනවා දකින්නටය. දරුවන්ගේ තෘප්තියට හේතුවන වටාපිටාවක් ඇති කිරීමට නම් මෙම
ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයා පරාජය කළයුතුයැ’යි ඔහු කල්පනා කරයි. ඒ සඳහාම ඔහු දැන් ඒ අරමුණ
සාක්ෂාත් කරගැනීම සඳහා මෙම ජනාධිපතිවරණයේදී උද්යෝග යෙන් දේශපාලනයේ යෙදෙන පුද්ගලයකු
බවට පත්වී තිබේ.
සමාජය
දේශපාලන වටාපිටාව
මහින්ද
රාජපක්ෂ ජනාධිපතිවරයා යුද්ධය ජයගත් බව සැබෑය. ඒ ගැන අප ඔහුට ස්තුතිවන්ත විය යුතුය.
යුද්ධය ජයගැනීමෙන් පසු ආර්ථික ඵලදායිතාවේ තරම කුමක් වුවත් යටිතල පහසුකම්වල කැපී
පෙනෙන දියුණුවක්ද ඇති කර තිබෙන්නේයැ’යි කිව හැකිය. ඒ සියල්ල එසේ තිබියදීත් රට
තිබෙන්නේ පිළිගත හැකි ශීලාචාර තත්ත්වයක නොව අශීලාචාර තත්ත්වයකය. සමස්ත පාසල් ක‍්‍රමය
සේ ම උසස් අධ්‍යාපන ක‍්‍රමයද තිබෙන්නේ අවුල් ජාලාවකය. මහජන සෞඛ්‍ය සේවය හා පොදු ප‍්‍රවාහන
සේවා තිබෙන්නේද ඒ සමාන අවුල් ජාලාවකය. රටට තිබෙන්නේ සියලූ දෙනාගේ ගෞරවයට හේතුවන
පෙනුමක් නොව රස්තියාදුකාර පෙනුමකි. සමාජ පාදඩකරණය මහා සමාජ ප‍්‍රවාහයක් බවට පත්ව
තිබෙන්නේයැ’යි කිව හැකිය. අපරාධකාරී පසුබිමක් ඇති කළු
සල්ලිකාරයන් රටේ රජ කරන තත්ත්වයක් ගොඩනැගී තිබෙන්නේයැ’යිද කිව හැකිය. දූෂණය හා වංචාව මුළුමහත් සමාජයම
වෙලාගත් දරුණු පිළිකාවක් බවට පත්වී තිබේ. නීතිය ක‍්‍රියාත්මක කිරීම සඳහා තිබෙන ආයතන ක‍්‍රමය සේ ම යුක්තිය පසිඳලීම සඳහා
තිබෙන ආයතන ක‍්‍රමයද තිබෙන්නේ යක්ෂයාට ගිය තත්ත්වයකය. ගුණධර්ම හා සාරධර්ම තිබෙන්නේ
බුල්ඩෝසර් කෙරුණු තත්ත්වයකය. රටේ දේශපාලකයා හා අපරාධකාරයා වෙන් කොට හඳුනා ගැනීමට
බැරි තරමට ඒ දෙදෙනා එකෙකු බවට පත්ව තිබෙන්නේයැ’යිද කිව හැකිය. දෙවිදේවතාවුන් සිටිය යුතු
හැමතැනකම අරක්ගෙන සිටිනුයේ දේව වෙස්ගත් යක්ෂයන් හා පෙරේතයන්ය. රටේ පවතින මෙම
අවලස්සන අශීලාචාර තත්ත්වය මේ රටේ ජනතාව තේරුම් ගනිමින් තිබීම රටේද සමාජයේද
වාසනාවක් ලෙස සැලකිය හැකිය.
මෙය
අපේ රටේ පුරවැසි විෂයෙහි ඇතිවන්නට යන මහා පරිවර්තන ක‍්‍රියාදාමයක ආරම්භය ලෙස
සැලකිය හැකිය. මෙතෙක් අපේ රටේ සිටියේ පුරවැසියන් නොව පුරවැසි ප‍්‍රවේණිදාසයන්ය. ඒ
තත්ත්වයෙන් අත්මිදුණු එක්තරා ප‍්‍රමාණයකට තමන්ගේ යුතුකම් හා වගකීම් පිළිබඳ
අවබෝධයක් ඇති පුරවැසියන් දහස් ගණනක් මතුවෙමින් සිටින බව පෙනේ. ඔවුහු
දේශපාලනඥයන්ගෙන් ලැබෙන අණ නිසා හෝ ලැබෙන පුද්ගලික වාසි සලකා ක‍්‍රියාකරන පුද්ගල
පිරිසක් නොව තමන්ගේ හිතට එකඟව සිය යුතුකම් හා වගකීම් වෙනුවෙන් ක‍්‍රියාකරන පුද්ගල
පිරිසකි. ඔවුන්ට වැදගත් වී තිබෙන්නේ පුද්ගල යහපත නොව පොදු යහපතය. එය ඉදිරියට ඇදී
යන පුනරුද යුගයක ආරම්භය විය හැකිය. අපට අලූත් බලාපොරොත්තු ඇති කරගත හැකි පුනරුද
යුගයකට මාරුවෙමින් සිටින බව පැහැදිලිය.
වර්ගය, කුලය හා ආගම
නිදහසේ
සිටම අප රට තිබෙන්නේ අර්බුදයෙන් අර්බුදයට යන තත්ත්වයකය. නිදහසේ සිටම අද දක්වා
විසඳා ගැනීමට නොහැකි වී තිබෙන එම අර්බුදයන්ට බලපා තිබෙන හේතු සේ ම එම හේතූන් අතර
අන්තර් සම්බන්ධය හා අන්තර් ක‍්‍රියාකාරීත්වය තේරුම්ගත හැකි නම් මෙම අර්බුද
ජයගනිමින් ශීලාචාර රටක් ඇතිකර ගැනීම අමාරු නැත.
1948දී අප රට නිදහස ලබාගන්නා අවස්ථාව වනවිට බි‍්‍රතාන්‍ය
පාලනය නිසා නවීන අර්ථයෙන් වන ජාතික රාජ්‍යයක් ගොඩනැගී තිබුණද එම ජාතික රාජ්‍යයේ
සාර්ථක පැවැත්මක් සඳහා අවශ්‍ය කරන සමජාතික සමාජයක් හෝ ශ‍්‍රී ලාංකික සමාජයක් ඇතිකර
ගැනීමට අප සමත්වූයේ නැත. ඒ ගැන අපේ ජාතික නායකයන්ට තියුණු අවබෝධයක් තිබුණේද නැත.
සමාජය
(විශේෂයෙන්ම සිංහල හා දෙමළ සමාජයක්) කුලය අනුවත්, වර්ගය අනුවත්, අදහන ආගම අනුවත් බෙදී සිටියේය. විවිධ වර්ගවලට
අයත් මිනිසුන්ට අන්‍ය වර්ග ගැන තිබුණේ සැඟවුණු අවඥාවක් හා සැකයකි. ආගම් අදහන්නන්
අතර තිබූ අන්තර් සම්බන්ධයද ඊට සමාන විය. සිංහල හා දෙමළ වර්ග තුළද කුල භේදයක් ක‍්‍රියාත්මක
විය. සියලූ සිංහලයන් එක සමාන නොවූ අතර ඒ සියලූ දමිළයෝද එක සමාන නොවූහ. සිංහලයන්
තුළ දමිළ හෝ මුස්ලිම් වාර්ගිකයන් කෙරෙහි පැවති අවඥාසහගත ආකල්පයට සමාන අවඥාසහගත
ආකල්පයක් සිංහල සමාජයේ ගොවිගම ජනයා අතර ගොවිගම නොවන ජනයා කෙරෙහිත් දෙමළ සමාජයේ
වෙල්ලාල ජනයා අතර වෙල්ලාල නොවන ජනයා කෙරෙහිත් තිබුණි. කුල විෂයේදී මේ තත්ත්වය
වඩාත්ම පීඩාකාරී ලෙස බලපා තිබුණේ මේ සමාජ දෙකේ කුල ධුරාවලිය තුළ ආන්තික තත්ත්වයක්
හිමිකරගෙන සිටි කුලවලට අයත් ජනයා කෙරෙහිය.
බි‍්‍රතාන්‍ය
පාලන යුගයෙන් පසු ඉක්මන් පූර්ණ නිදහසකට කැමති නැති ඊට එරෙහි වූ ප‍්‍රධාන සමාජ
බලවේග දෙකක් රටේ තිබුණි. එකක් සුළුතර වාර්ගිකයන්ය. ඒ දමිළ හා මුස්ලිම් ජනයාය. ඊළඟ
පිරිස වූයේ සිංහල හා දෙමළ සමාජයේ කුල ධුරාවලියේ පහළ තත්ත්වයක් හිමිකරගත් පීඩිත
කුලවල ජනයාය. දෙමළ හා මුස්ලිම් සුළු වාර්ගිකයන් පූර්ණ නිදහසක් හිමිකර දෙන
තත්ත්වයක් දැක්කේ සිංහල ආධිපත්‍යයක් ඇතිවී තමන් පීඩාවට පත්කිරීමට ඔවුන්ට ලබාදෙන
අවස්ථාවක් ලෙසය. අනෙක් අතට සිංහල හා දෙමළ සමාජයේ පීඩිත කුල ඒ තත්ත්වය දැක්කේ
ගොවිගම හා වෙල්ලාල ආධිපත්‍යයක් ඇතිවී ඔවුන්ට ඒ සමාජ දෙකේ පීඩිත කුල පීඩාවට
පත්කිරීමට ලබාදෙන අවස්ථාවක් ලෙසය.
ඒ
දෙපිරිස එසේ සිතන්නට පෙළඹුණේ පූර්ණ නිදහස ඔවුන්ට සමාන අයිතිවාසිකම් හා සමාන ගෞරවය
සහතික කරන දෙයක් නොවීම නිසාය. ඒ නිසාම දෙපිරිසේම නායකයන් ඩොනමෝර් කොමිසම හා
සෝල්බරි කොමිසම ඉදිරියට යමින් තමන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන තත්ත්වයක් ඇතිවන
තෙක් ලංකාවට පූර්ණ නිදහස ලබාදීමෙන් වැළකී සිටින ලෙස ඉල්ලා සිටියහ. මේ දෙපිරිසේ
දුක්ගැනවිලි තේරුම් ගෙන ඒවාට පිළිගත හැකි සාධාරණ විසඳුමක් ලබාදීමේ බුද්ධිමය
හැකියාවක් අපේ ජාතික නායකයන්ට නොතිබුණේය. දෙමළ මුස්ලිම් සුළු වාර්ගික දුක්ගැනවිලි
තේරුම් ගැනීමේ හැකියාවක් සිංහල නායකයන්ට නොතිබුණා සේ ම සිංහල සමාජයේ වහුම්පුර හා
බත්ගම කුලවල නායකයන් හා දෙමළ සමාජයේ පීඩිත කුලවල නායකයන් ඉදිරිපත් කළ දුක්ගැනවිලි
තේරුම් ගැනීමේ හැකියාවක් ගොවිගම හෝ වෙල්ලාල කුලවල නායකයන්ට නොතිබුණේය.
අවසාන
විග‍්‍රහයේදී ලංකාව එකුදු ලේ බිඳුවකුදු නොසෙල්වා නිදහස හිමිකර ගත්තේ සමාන අයිතිවාසිකම්
හා සමාන ගෞරවය සහිත සමජාතියක් හෝ ශ‍්‍රී ලාංකික ජාතියක් ඇතිකර ගැනීමෙන් තොරවය.
නිදහස ලැබීමෙන් පසුවවත් බි‍්‍රතාන්‍යයන්ගෙන් ලැබී තිබුණු ජාතික රාජ්‍ය සාර්ථක ලෙස
ඉදිරියට ගෙනයෑම සඳහා සම ජාතියක් නැතහොත් ශ‍්‍රී ලාංකික ජාතියක් ඇතිකර ගැනීමේ අවශ්‍යතාව
තේරුම් ගැනීම අපගේ ජාතික නායකයන් අසමත් වූවා සේ ම එවැනි ජාතියක් ඇති කරගත හැක්කේ
භේදවලින් තොරව සියලූ ජනයාට සමාන අයිතිවාසිකම් හා සමාන ගෞරවය ලබාදෙන ක‍්‍රමයක්
ඇතිකර ගැනීමෙන් බව තේරුම් ගැනීමටද එම ජාතික නායකයෝ අසමත් වූහ.
කුලය, වර්ගය හා ආගම යන සාධක තුන අතුරින් කුලය පැරණි වැඩවසම්
ක‍්‍රමයට මිස ඇතිවී තිබූ ධනේශ්වර ක‍්‍රමයට කවර මට්ටමකින්වත් නොගැළපුණි. එය
මිනිසුන් නින්දාවට පත්කරන කුරිරු ක‍්‍රමයක් වූ අතර ඒ ක‍්‍රමයේ පීඩාව වඩාත්ම දැනුණේ
සිංහල හා දෙමළ කුල ධුරාවලි ක‍්‍රමයේ පහළ තත්ත්වයක් හිමිකරගෙන සිටි කුලවලට අයත්
ජනයාටය. සිදුවිය යුතුව තිබුණේ ඉන්දියාවේ ජාතික නායකයන් කළා සේ කුල ක‍්‍රමයට තිබෙන
නිල පිළිගැනීම අහෝසි කිරීමය. ඒ සමග වර්ග හා ආගම් අතර තිබෙන භේද තුනී කොට විවිධ
වර්ගවලට හා ආගම්වලට අයත් ජනයාට සහජීවනයෙන් ජීවත්විය හැකි වටාපිටාවක් ඇති කිරීමය. ඒ
සඳහා ඒ සියලූදෙනාට සමාන අයිතිවාසිකම් හා සමාන ගෞරවය ලබාදෙන ක‍්‍රමයක් ඇති කිරීමය.
එහෙත් නිදහසින් පසු අප ඉදිරියට යන්නට උත්සාහ කළේ සම ජාතියක් හෝ ශ‍්‍රී ලාංකික
ජාතියක් ඇතිකර ගැනීමෙන් තොරවය. එහි නොවැළැක්විය හැකි ප‍්‍රතිඵලය වූයේ මෙම සාධක තුන
රටේ ගැටුම් ඇති කරන පුපුරනසුලූ සාධක ලෙස ක‍්‍රියාකිරීමය. මෙය මානව අයිතිවාසිකම්
පිළිබඳ ප‍්‍රශ්නයක් ලෙස සැලකිය හැකි අතර ඒ අර්ථයෙන් ශ‍්‍රී ලංකාව මුහුණ දී තිබෙන
සමාජ-දේශපාලන අර්බුදය මානව අයිතිවාසිකම් පිළිබඳ අර්බුදයක් ලෙසද සැලකිය හැකිය.
අර්බුදයෙන්
අර්බුදයට ගිය රටක්
විධිමත්
ආරම්භයකින් තොරව ඉදිරියට යන ගමන අවුලෙන් අවුලට ගිය ගමනක් වීයැ’යි කිව හැකිය. නිදහසින් පසු සෝල්බරි ව්‍යවස්ථාවේ
තීන්ත වේලෙන්නටත් පළමුව 1948දී වතුකරයේ ඉන්දීය කම්කරුවන්ගේ ප‍්‍රජා
අයිතිවාසිකම් අහිමි කරන ලදි. ඒ අවස්ථාවේදී ඉන්දීය අගමැති ශ‍්‍රී නේරු ලංකාවේ
අගමැති ඞී.ඇස්. සේනානායකට කීවේ ඔබලාට ඉන්දීය කම්කරුවන් අවශ්‍ය නොවේ නම් ඒ
සියලූදෙනා ආපසු ඉන්දියාවට ගෙන්වා ගැනීමේ හැකියාව ඉන්දියාවට තිබෙන බවත් විශාල
ජනගහනයක් සහිත ඉන්දියාවට ලංකාවේ සිටින ඒ පිරිස ලොකු පිරිසක් නොවන බවත් එහෙත්
ලංකාවේ වතුකරය පවත්වාගෙනයෑමට එම ඉන්දියානු කම්කරුවන් ලංකාවේ තබාගැනීම අවශ්‍ය නම්
ඔවුන්ගේ ප‍්‍රජා අයිතිය අහිමි කරන පිළිවෙතක් පිළිගත නොහැකි බවත්ය.
ඉන්පසු
1956දී දෙමළ ජනතාවගේ භාෂා අයිතිවාසිකම් අහිමි කළේය.
මුලදී සිංහල රාජ්‍ය භාෂා පනත නීතිගත කළේ සිංහල භාෂාව නොදත් දෙමළ ජනතාවට සිංහල
භාෂාවට මාරුවීමට සාධාරණ කාල වේලාවක් වත් ලබානොදෙන ආකාරයටය. එහි ප‍්‍රතිඵලය 1958දී සිංහල දෙමළ කෝලාහලයක් ඇතිවීමය. එම තත්ත්වය
දෙමළ වර්ගය එක ගමන් මගක යනවා වෙනුවට වෙනත් මාර්ගයක ගමන් ගැනීමට උත්සාහ කරන
තත්ත්වයක් ඇති කළේය.
1971 දකුණේ සිංහල තරුණ කැරැුල්ලක් ඇතිවිය. කැරැුල්ල
කෙරෙහි බලපෑ සාධක අතර කුලයද වැදගත් සාධකයක් විය. ඉන්පසු 1973 සිට විශ්වවිද්‍යාලවලට ශිෂ්‍යයන් ඇතුළත්
කරගැනීමේදී දෙමළ ශිෂ්‍යයන්ගේ සහභාගිත්වය සීමා කෙරෙන ආකාරයට ක‍්‍රියාත්මක කළ ප‍්‍රමිතිකරණ
ප‍්‍රතිපත්තිය දෙමළ ජනයාගේ බලවත් විරෝධයට හේතුවී 1976 වන විට දෙමළ දේශපාලන පක්ෂ වෙනම රාජ්‍යයක්
වෙනුවෙන් පෙනී සිටින තත්ත්වයක් ඇති කළේය. ඒ වටාපිටාව උතුරේ දෙමළ තරුණ පරපුර වෙනම
රාජ්‍යයක් දිනාගැනීම සඳහා ආයුධ සන්නද්ධ අරගලයක් ගැන සිහින දකින තත්ත්වයක් ඇති
කළේය.
1983දී ඇතිවූ කළු ජූලිය මතුවෙමින් තිබුණ දෙමළ තරුණ
සන්නද්ධ කල්ලි තර කළේය. ඒ නිසා ඇතිවූ අවුල්සහගත තත්ත්වය ඉන්දියානු මැදිහත්වීමක්
ඇති කිරීමට හේතුවී එම තත්ත්වය නැවත දකුණේ සිංහල තරුණ කැරැුල්ලක් ඇති කිරීමට
හේතුවිය. එම කැරැුල්ල වසර දෙකහමාරක් තරම් කාලයක් අල්ලාගෙන සිටීමට සමත් වූ අතර
කැරැුල්ල පරාජය කෙරුණේද කැරැුල්ල ජයග‍්‍රාහී තත්ත්වයකට වර්ධනයවෙමින් තිබෙන
අවස්ථාවකදීය. එම කැරැුල්ල ඉතා බලවත් හා කුරිරු වූවා සේ ම එය මර්දනය කෙරුණු ආකාරයද
ඉතාමත් කුරිරු විය. අත්අඩංගුවට ගන්නා ලද විජේවීර ඇතුළු කැරැුල්ලේ සියලූ නායකයෝද
අත්අඩංගුවට ගන්නා ලද කැරැුල්ලේ අනුගාමිකයෝ වැඩි පිරිසක්ද ඝාතනය කරන ලදහ. එම
කැරැුල්ල පරාජය කිරීමෙන් පසු එම කැරැුල්ල කෙරෙහි බලපෑ හේතු සොයා බැලීම සඳහා පත් කළ
තරුණ අසහන කොමිසමේ එක් වැදගත් නිරීක්ෂණයක් වූයේ දකුණේ සිංහල තරුණ කැරැුල්ල කෙරෙහි
සේ ම උතුරේ දෙමළ තරුණ කැරැුල්ල කෙරෙහිද කුලභේදය වැදගත් සාධකයක් ලෙස බලපා තිබෙන
බවය.
විජේවීරගේ
සිංහල තරුණ කැරැුල්ල 1990 වනවිට මුළුමනින් පරාජය කිරීමට සමත් වුවද ප‍්‍රභාකරන්ගේ
දෙමළ කැරැුල්ල මුළුමනින් පරාජය කිරීමට තවත් අවුරුදු 18කට වැඩි කාලයක් ගතවිය. සන්නද්ධ කැරලි පැවති එම
දීර්ඝ කාලය තුළ රට තිබුණේ අන්ත අශීලාචාර තත්ත්වයකය.
අර්බුදය
ජයගැනීම
සිව්වැනි
ඊලාම් යුද්ධය පරාජය කෙරුණු යුද්ධයේ අවසන අදියරේදී සිදුවීයැ’යි කියන මානව හිමිකම් උල්ලංඝන පිළිබඳ ප‍්‍රශ්නය
අන්තර්ජාතික තලයේ ශ‍්‍රී ලංකාවට එරෙහිව මතුවී තිබෙන ලොකු ප‍්‍රශ්නයක් බවට පත්වී
තිබේ. යුද්ධය ජයගත් දේශපාලන නියමුවන් ප‍්‍රඥාවන්ත තත්ත්වයකින් ක‍්‍රියාකරන තැනකට
ගියේ නම් එම ආරාවුල පහසුවෙන් විසඳාගත හැකි තත්ත්වයක තිබුණු අතර ඒ වෙනුවට ප‍්‍රශ්න
කරන්නන්ට පෙරළා පහරදෙන මෝඩ පිළිවෙතක් අනුගමනය කිරීම තුළ දැන් එය විසඳාගැනීම පහසු
නැති ලොකු අන්තර්ජාතික ප‍්‍රශ්නයක් බවට පත්කිරීමට හේතුවී තිබේ. මෙම
ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා නැවත ජයගතහොත් රට විය හැකි ඉතාමත්
අවාසනාවන්ත දෙයක් වනු ඇත්තේ ඇමරිකාව හා බටහිර බලවත් රටවල් රටට සම්බාධක පනවන
තත්ත්වයක් ඇතිවීමය. එසේ වුවහොත් රට පහසුවෙන් ගොඩගත නොහැකි අන්ත කාලකණ්ණි තත්ත්වයකට
ඇද වැටෙනු නොවැළැක්විය හැකිය.
රටක්
වශයෙන් අප මුහුණදී තිබෙන විස්තීර්ණ අර්බුදය සරල ආණ්ඩු පෙරළියකින් පමණක් වෙනස් කළ
නොහැකිය. ජාතික රාජ්‍යයක යහපැවැත්ම සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් වී තිබෙන හා අද
දක්වා අප සම්පූර්ණ කරගැනීමට අසමත් වී තිබෙන සම ජාතියක් හෝ ශ‍්‍රී ලාංකික ජාතියක්
ඇතිකර ගන්නා තැනකට අප යායුතුය. ඒ අරමුණ ජයගත හැකිවනු ඇත්තේ කුල ක‍්‍රමයට තිබෙන නිල
පිළිගැනීම අහෝසි කොට භේදයකින් තොරව මේ රටේ ජීවත්වන සියලූදෙනාට සමාන අයිතිවාසිකම්
හා සමාන ගෞරවය ලබාදෙන ක‍්‍රියාමාර්ගයකිනි. අවාසනාවකට එක ධජයක් යටතට පැමිණ සිටින
විරුද්ධ පක්ෂ බලවේගයන් ආණ්ඩු ක‍්‍රමයේ මූලික වෙනසක අවශ්‍යතාව තේරුම් ගෙන ඇතත්, ජාතිය ගොඩනැගීමේ අවශ්‍යතාව ප‍්‍රමාණවත් තරමින්
තේරුම් ගෙන ඇති බවක් පෙනෙන්නට නැත. ඒ අඩුව ඉක්මනින් නිවැරදි කරගත යුතුය.
No comments:
Post a Comment