Sunday, December 21, 2014

හිරුනිකා එස්බීට විමල්ට පට්ටම් දෙකක් දෙයි

නිරුවත ගැන කථා කරන එක් ඇමැතිවරයෙක් නිරුවත් ශාස්ත්‍රවේදී එස්.බී.දිසානායක යැයිද අනෙකා ජාත්‍යන්තර කුමන්ත්‍රණ විශ්ලේෂක විමල් වීරවංශ යැයිද හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ගෙලිඔය රැස්වීමේදී කීවාය.
‘මේ පැත්තෙ ඉන්නවා කාන්තාවන්ගෙ නිරුවත දකින්න කැමති ඇමැති කෙනෙක්. කොච්චරවත් ඒ ගැනමයි කථා කරන්නෙ. මේ රටේ ඉන්න උසස් අධ්‍යාපන ඇමැති. රටේ විශ්ව විද්‍යාලවල සිසු සිසුවියන්ට උපදෙස් දෙන, කථිකාචාර්යවරුන්ට උපදෙස් දෙන උසස් අධ්‍යාපනය කළමනාකරණය කරන ඇමැතිතුමා තමයි මේ ගැහැනුන්ගෙ නිරුවත බලන්න හදන්නෙ. ලැජ්ජයි මෙහෙම ඇමැතිවරු තමයි අධ්‍යාපනය බාරව ඉන්නේ‘‘
‘‘අනෙක් කෙනා ජාත්‍යන්තර කුමන්ත්‍රණ විශ්ලේෂක විමල් වීරවංශ, ඇමරිකාවෙ ඉන්න බැරක් ඔබාමා කන්නෙ බොන්නෙ නැතිව මේ ලංකාව ගැන හොය හොය ඉන්න වෙන වැඩක් නැද්ද. ඒ ජනතාවට ලංකාව ගැන හොය හොයාද ඉන්න තියෙන්නේ. මේවා ඔක්කොම බොරු‘‘

No comments:

Post a Comment