From BBC - Sinhala
කොටි සංවිධානය පරාජය කරමින් ලද යුද ජයග්‍රහණය මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයා විසින් ඔහුගේ තනි කාර්යභාරයක් හැටියට හඳුන්වා දෙනු ලැබීම රට නොමග යැවීමක් වන බව ජාතික හෙළ උරුමය ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.
මන්ත්‍රීවරයා එම ප්‍රකාශය කළේ, ඔහුගේ ‘ආලාපාළු ආර්ථිකය’ කෘතිය ප්‍රකාශයට පත් කිරීමේ විද්වත් හමුවේදී.
2005 ජනාධිපතිවරණයේ දී ‘මහින්ද චින්තන’ ප්‍රකාශනය මගින් යුද්ධය අවසන් කිරීම සහ ආර්ථිකය ශක්තිමත් කිරීම කෙරේ අවධානය යොමු කර තිබුණත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට කොටි සංවිධානය පරාජය කිරීමේ උවමනාවක් තිබිණැයි පැවසීම වැරදි අදහසක් දීමක් වන බවයි , පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක කියා සිටින්නේ.
එමිල් කාන්තන් සමඟ සාකච්ඡා
ඒ වෙනුවට 2005 ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය පෙරට යමින් තිබිය දී එදා ජනාධිපති ධූර අපේක්ෂකයා වූ මහින්ද රාජපක්ෂ සිය ජයග්‍රහණය සහතික කර ගැනීම සඳහා එමිල් කාන්තන් සමඟ සාකච්ඡා කර ඇති බව හෙළිදරව් වී ඇති බවයි හෙළ උරුමය ලේකම්වරයා පවසන්නේ.
එල්.ටී.ටී.ඊ සංවිධානය සමඟ සාම සාකච්ඡා වලට මහින්ද රාජපක්ෂ පාලනයත් සහභාගී වූ බව සිහිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක, කොටි සංවිධානය ‘මාවිල්ආරු’ සොරොව්ව වසා දැමූ අවස්ථාවේ ජාතික හෙළ උරුමය භික්ෂූන් පිරිසක් එහි විරෝධතා ව්‍යාපාරයක් දියත් කළ අවස්ථාවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එය නතර කිරීමට බල කළ බවයි කියා සිටියේ.
එවැනි තත්වයක් යටතේ රට යුද්ධයෙන් බේරා ගැනීමේ තනි අයිතිය ජනාධිපතිවරයාට පවරා ගත නොහැකි බව පාඨලී චම්පික රණවක පවසයි.
තවදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ‘යුරෝපයේ කොටි පෙන්වමින් ගෙදර මුවන් මැරීමට ඉඩ නොදෙන’ ලෙසයි.
දුර්වල ආර්ථික පිළිවෙතක්
මහින්ද රාජපක්ෂ පාලනය යටතේ රට තුළ දූෂණය පැතිර ඇති බව කියා සිටි මන්ත්‍රීවරයා අද රට අනුගමනය කරන ආර්ථික පිළිවෙත දුර්වල වූවක් වන බවත් පෙන්වා දෙයි.
අධිවේගී මාර්ග හැදීමට ආණ්ඩුව වැඩි පොලියට ගනු ලබන ණය ගෙවන්නට සියලු දෙනාටම සිදු වන අතර ත්‍රීරෝද රථවලට , යතුරුපැදි වලට පෙට්‍රල් හෝ ඩීසල් පිරවීමේ දී අධිවේගී මාවත් තහනම් එම රියදුරන්ටත් ආණ්ඩුවේ ණය වෙනුවෙන් රුපියල් හැටත් අනූවත් අතර මුදලක් ගෙවීමට සිදු වෙන බවයි ඔහු පෙන්වා දුන්නේ.
අද ශ්‍රී ලංකා ආර්ථිකය මෙහෙයවන ‘මෙගා ඩීල්’ කරුවන් ගැනත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක දීර්ඝ වශයෙන් අදහස් පළ කළේය.
ඇතැම් ඇමතිවරුන්ගේ සහ නිලධාරීන්ගේ අවශ්‍යතා පරිදි සිදු කොට ඇති රටට අහිතකර ගණුදෙනු, කැසිනෝ ව්‍යාපාරය , අසාර්ථක හම්බන්තොට වරාය සහ මත්තල ගුවන්තොටුපල ඇතුළු ව්‍යාපෘති ගැනත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාඨලි චම්පික රණවකගේ ‘ආර්ථික ආලාපාළු’ කෘතියේ අවධානය යොමුව ඇත.
No comments:
Post a Comment