From BBC Sinhala
තවත් ජනාධිපතිවරණයකට යාමට පෙර ඉටු කිරීම සඳහා තම පක්ෂය ආණ්ඩුවට ඉදිරිපත් කර තිබුණ යෝජනා සම්පූර්ණ නොවූ තත්වයක් යටතේ ‘දෙන්නම් කාසි වලට වැඩ කළ නොහැකි බව’ සිය පක්ෂ සම්මේලනයේ දී කියා සිටියේ පක්ෂයෙන් ඉවත්ව ආණ්ඩුවට එක් වූ හිටපු නියෝජ්‍ය ලේකම් උදය ගම්මන්පිල බව ජාතික හෙළ උරුමය කියා සිටියි.
ජාතික හෙළ උරුමය නියෝජ්‍ය ලේකම් සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල පක්ෂයෙන් ඉවත් වෙමින් ජනාධිපතිවරයාට සහයෝගය දීමට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන එම පක්ෂයේ මාධ්‍ය ලේකම් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ පෙන්වා දෙන්නේ, 2005 සහ 2010 වසරවල මැතිවරණ පොරොන්දුවක් ලෙස ඉදිරිපත් කෙරුණ සිය යෝජනා 2014 වසරේ දීත් තවත් මැතිවරණ පොරොන්දුවක් ලෙස ඉදිරිපත් කරනු ලැබීම කිසිසේත් ම පිළිගත නොහැකි වූ හෙයින් තම පක්ෂය දේශපාලන පියවරක් ගත් බවයි.
ජාතික හෙළ උරුමයෙන් ඉවත්ව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට සහයෝගය දීමට ඉදිරිපත්ව සිටින උදය ගම්මන්පිල මාධ්‍ය හමුවක දී කියා සිටියේ ‘ප්‍රතිපත්තිමය කරුණු මත’ එම තීරණය ගත් බවයි.
‘දෙන්නම් කාසි එපා’
එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ යහපාලනය ගැන ප්‍රශ්න පවතින නමුත් පොදු විපක්ෂයක් එක්ක එකතු වීමෙන් රටට විනාශයක් වුණොත් එහි කොටස් කාරයකු වීමට තමාට නොහැකි හෙයින් ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂට සහයෝගය දීමට තමා තීරණය කළ බවයි ජාතික හෙළ උරුමයෙන් ඉවත් වූ පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මාධ්‍ය හමුවේ දී කියා සිටියේ.
එහෙත් හෙළ උරුමය විසින් ගනු ලැබ ඇති දේශපාලන තීන්දුවත් සමඟ ඔහු දිගටම ක්‍රියාත්මක වූ බවයි මාධ්‍ය වාර්තා මගින් පෙන්වා දෙන්නේ.
උදය ගම්මන්පිල විසින් ගනු ලැබුණ තීරණය කවර හේතුවක් මත ගනු ලැබූ එකක්දැයි තම පක්ෂය නොදන්නා බව කියා සිටින එම පක්ෂයේ මාධ්‍ය ලේකම් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, ඉවත්ව ගිය පක්ෂ සාමාජිකයාගේ තීරණය අවසාන වශයෙන් යුක්ති යුක්ත කරනු ලබන්නේ මහජනතාව විසින් බවත් කියා සිටියි.
No comments:
Post a Comment