Wednesday, October 22, 2014

Shelavzug of Switzerland statement raises more questions than answers!!!

Shelavzug of Switzerland statement raises more questions than answers!!! 


I find this statement quite confusing, why that is P T Thrairaja saying two brokers of his company were arrested on terrorism linked charges but he is unable to divulge their names! Also Mr. U. Jauhar's name has been mentioned as the go between & why is he not being investigated by GOSL on the matter. Below report in Sinhala from BBC Sinhala web site.



කොටි සංවිධානය සමඟ සම්බන්ධයක් නෑ: ෂෙල්වසුග්


එල්ටීටීඊ සංවිධානය සමඟ තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, තමා කිසිදිනෙක ස්විට්සර්ලන්තයේදී අත්අඩංගුවට නොගැනුණු බවත් ෂෙල්වසුග් සමාගමේ හිමිකරු පීටී තුරෙයිරාජා බීබීසී සංදේශයට පැවසීය.
ජිනීවා නුවර ශ්‍රී ලංකා තානාපතිවරයාගේ නිල නිවස අලුත්වැඩියා කිරීමේ කොන්ත්‍රාත්තුව සිය සමාගමට පිරිනැමුණු බව පිළිගත් ෂෙල්වසුග් සමාගමේ හිමිකරු, එය ජිනීවා නුවරින් කිලෝමීටර් 300 ක් ඈතින් පිහිටි සුරික් නුවර පදනම් කරගත් සමාගමක් බවට හිටපු තානාපතිනි තමරා කුනනායකම් කරන චෝදනාවද ප්‍රතික්ෂේප කරයි.
"අපි මුළු ස්විට්සර්ලන්තේම වැඩ කරනවා. සුරික් හරි සුක් පළාතේ විතරක් නෙවෙයි,"යනුවෙන්ද ඔහු සඳහන් කළේ සංදේශයේ සරෝජ් පතිරණ සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.
සිය සමාගම සමඟ සම්බන්ධතා පැවැත්වූ තැරැවුකරුවන් දෙදෙනකු ස්විස් බලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලද බව දන්නා නමුත් ඔවුන් කවුරුන්දැයි හෙළි කළ නොහැකි බවත් ඔහු කියා සිටියේය.
"ස්විස් ආණ්ඩුවෙන් අත්අඩංගුවට ගත්තේ කවුද කියල හැමදෙනාම දන්නවා."
එවකට ජිනීවා නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කළ උදුමාන් ජවුහර් තමාගේ සමීප මිතුරෙකු බව සඳහන් කළ පීටී තුරෙයිරාජා, නිල නිවස අලුත්වැඩියා කිරීමේ කොන්ත්‍රාත්තුව ලබාගැනීම පිණිස තක්සේරුවක් ඉදිරිපත් කරන මෙන් තමන්ට දැනුම් දුන්නේ ඔහු බවද කියා සිටියේය.
සිය සමාගම සමඟ කොන්ත්‍රාත්තුවට අත්සන් තැබුවේ කවුරුන්දැයි නොදන්නා නමුත් ක්ෂේනුකා සෙනෙවිරත්න එවකට සිටි තානාපතිවරිය තමන්ට හමුවුනේ නිල නිවස අලුත්වැඩියා කිරීමේ කොන්ත්‍රාත්තුව ආරම්භ කිරීමෙන් පසුව බවත් ඔහු කියා සිටියේය.

No comments:

Post a Comment