Wednesday, October 29, 2014

Rajapakse Contractor Germinating in Italy

රාජපක්ෂලාගේ කොන්ත්‍රාත්කාරයා සුජීව සේනසිංහ ඉතාලියටත් ඇවිත් විෂබීජ වපුරයි
Sujeewa in Italy
සජිත් වාදියෙකු වන සුජීව සේනසිංහ නම් අඳබාල මන්ත්‍රීවරයා ඉතාලියට පැමිණ සිටින අතර පසුගියදා මිලානෝ නගරයේදී සජිත්වාදීන්ගේ ජන හමුවකට සහභාගී විය. එය මුළුමනින්ම රනිල් විරෝධී වැඩ සටහනක් බවට පත් කර ගැනීම පිලිබඳව එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ දැඩි විරෝධය සුජීව සේනසිංහට පළ විය.

සුජීව සේනසිංහගේ කතාවේදී ඔහුට ආසනයේ මෙන්ම පක්ෂයේ බලතල කිසිවක් ලබා නොදීම, දේශපාලන සංවාද වැඩ සටහන් වලදි අවස්ථාවක් ලබා නොදීම, ආදිය ගැන තම කණස්සල්ල පළ කරමින් පක්ෂ නායකත්වය විවේචනය කළ අතර පක්ෂ නායක නාමාවලිය ගැන කියද්දී රනිල් වික්‍රමසිංහ නම අමතක කරමින් කතා කිරීම ගැන පක්ෂ සාමාජිකයන්ගේ දැඩි නොසතුට ඔහුට එල්ල විය.

එමෙන්ම අය වැය විවාදයද ඔහුට අහුරා ඇතැයි ඉතාලියට පැමිණ තමන්ගේම පක්ෂයට දොස් කීමට තරම් මෙම මන්ත්‍රීවරයා කුහකයෙක් විය.

මිලානෝ නගරයේ මෙම ජන හමුව සංවිධානය කළ එජාප ශාඛා සභාපතිවරයා වන ජෙරාඩ් අප්පුහාමි ද එජාප නායකයා විවේචනය කරමින් කතා කිරීම විශේෂ විය. මේ අනුව මෙය සජිත්වාදීන්ගේ කුහක ජන හමුවක් බවට පත් විය.

කලක පටන් ව්‍යාජ මුහුණු පොත් ගිණුම් සකසා ගනිමින් සජිත්ගේ ප්‍රතිරූපය නැංවීමටත්, රනිල් වික්‍රමසිංහ මහතාට සහ එක්සත් ජාතික පක්ෂයට අපහාස කිරීමටත් මෙම කණ්ඩායම ක්‍රියා කරමින් සිටින අතර මොවුන්ගේ ක්‍රියා පිලිවෙත සැබෑ එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ දැඩි පිලිකුලට ලක් විය.

අප එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලයෙන් ඉල්ලා සිටිනුයේ තමන්ගේම මන්ත්‍රීවරුන් මෙලෙස පිට රට පැමිණ පක්ෂයට මඩ ගසා ආපසු ගොස් හිමිජ්ජන් සේ සිටීමට ඉඩ නොදෙන ලෙසත් සුජීව සේනසිංහගේ පක්ෂ ද්‍රෝහී ක්‍රියාවන්ට එරෙහිව විනය පරීක්ෂයක් පවත්වන ලෙසත්ය.


පක්ෂය සමගි වී ඇති අවස්ථාවක විදේශ වලට පැමිණ මෙලෙස ආණ්ඩුවේ කොන්ත්‍රාත් ඉටු කරන, එජාප පාක්ෂිකයාගේම ඡන්දයෙන් පැමිණි ද්‍රෝහී මන්ත්‍රීවරුන්ට මින්පසු අසූචි පහර දී එළවා දැමීමට පසුබට නොවන බවටද අනතුරු අඟවා තබමු.

No comments:

Post a Comment