පොදු විපක්ෂයේ මංගල මාධ්‍ය හමුව අති සාර්ථකයි: වත්මන් පාලකයා ජනාධිපති ක්‍රමයේ අයහපත උග්‍ර කළා: මේ සමගියට එය අහවර කළ හැකියි -හිටපු ජනපතිනි චන්ද්‍රිකා
විධායක ජනාධිපති ක්‍රමයේ අයහපත වත්මන් පාලකයාගේ
පාලන ක්‍රමය නිසා තවත් උග්‍ර කර ඇතැයිද, එය
අහවර කිරීමට මේ වන විට සමගි වී සිටින දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් වලට ශක්තිය ඇතැයිද
හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මෙන්ම එළැඹෙන ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා
විය හැකි බවට නම් කියැවෙන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය පවසයි.
ඇය මෙසේ ප්‍රකාශ කෙළේ අද පැවැති සෝභිත හිමි ප්‍රමුඛ
පොදු අපේක්ෂකයෙක් සඳහා සමගි වී ඇති දේශපාලන පක්ෂ කන්ඩායම් වල මංගල මාධ්‍ය හමුවට
විශේෂ නිවේදනයක් එවමිනි. එහිදී එය කියවන ලදී.
මෙම මංගල මාධ්‍ය හමුවට විපක්ෂයේ පොදු අපේක්ෂක ලෙස
නම් කියැවෙන අනෙක් පුද්ගලයා වූ කරු ජයසූරිය පැමිණි අතර ඔහු ප්‍රධාන මූලාසනයේ අසුන්
නොගෙන අනෙකුත් එජාප නායකයන් සමග ඉදිරිපස අසුනක සිටියේය.
සෝභිත හිමියන්, විපක්ෂ
නායක රනිල් වික්‍රමසිංහ, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ජෙනරාල් ෆොන්සේකා,
ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන්,
ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල
සභික රාජා උස්වැටකෙයියාව, ලංකා සමසමාජ
පක්ෂයේ මධ්‍යම කාරක සභික නීතිඥ ලාල් විජේනායක, ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි, පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග, මව්බිම ජනතා පක්ෂයේ නායක හේමකුමාර නානායක්කාර,
නව සිහල පෙරමුණේ නායක සරත් මනමේන්ද්‍ර, රුහුණු ජනතා පෙරමුණේ නායක අරුණ ද සොයිසා, එක්සත් ජනතා පෙරමුනේ නායක සිරිමසිරි හපුආරච්චි,
නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සුනිල් ජයසේකර, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ සංවිධානයේ නීතිඥ
උපුල් කුමාරප්පෙරුම, හිටපු මහජන මන්ත්‍රී සංසදයේ අනුර බැස්ටියන් ආදී
නියෝජිතයන් සහභාගී වූහ.
ආණ්ඩුවත් සමග නායකයන් සිටියද සෙසු පිරිස සිටින්නේ
විපක්ෂයේ පොදු අපේක්ෂකයා සමග බව පෙන්වමින් සමසමාජ සහ කොමියුනිස්ට් පක්ෂ ජ්‍යෙෂ්ඨ
නායකයන් මෙම මාධ්‍ය හමුව නියෝජන කිරීම කැපී පෙණුනි.
මංගල මාධ්‍ය හමුවට හිටපු ජනාධිපතිනිය එවා තිබූ
සම්පූර්ණ නිවේදනය මෙසේය.
‘‘අද දින
දේශපාලන පක්ෂ, කණ්ඩායම් හා පුරවැසි සංවිධාන විසින් ප්‍රකාශයට
පත් කරන ලද එකමුතුව විසින් එළිදක්වන පොදු වැඩ පිලිවෙලක් පිලිබිඹු වන අපරටේ
දේශපාලනය සංස්කෘතිය සහ ආණ්ඩුකරණය තුල පුළුල් වෙනසක් ඇති කිරීමෙ පරමාර්ථය මම ඉතා
ඉහලින් අගය කරමි.
නීතියේ ආධිපත්‍යය බිඳ වැටීම, පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම,
ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයට අත්‍යාවශ්‍ය ආයතන
වන අධිකරණය, පොලිස් සේවය සහ රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය මෙන්ම
මාධ්‍ය නිදහස අහිමි කිරීම හේතුවෙන් මානව නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදී යහපාලනයට
බලවත් හානි සිදුව ඇත.
ඉමහත් බලතල සහිත විධායක ජනාධිපතික්‍රමය මෙයට
හේතුවක් වී ඇත. විධායකයේ වත්මන් ප්‍රධානියා ආණ්ඩුකරණයට යොදවන ක්‍රමවේදය තුලින් මේ
තත්ත්වය තවත් උග්‍ර වී ඇත.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, 17 වෙනි සංශෝධනය යලි බලගැන්වීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ පුරවැසියන්ගේ
මූලික අයිතීන් යලි පණ ගැන්වීම අද ගොඩ නැගුණු ප්‍රබල එකමුතුවේ දැක්ම සහ වැඩ පිලිවෙල
බවට ප්‍රකාශ කර ඇත.
අප දේශයට මිනිස්කම, ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් වලට ගරු කරන
හා සදාචාර සම්පන්න නැවත ස්ථාපනය කිරීමට මෙම එකමුතුවට ශක්තිය හා ධෛර්ය තිබෙන බව මම
විශ්වාස කරමි.
මෙම එකමුතුවට මාගේ පූර්ණ සහයෝගය හා ආශිර්වාදාත්මක
සුභාශිංසනය පළ කර සිටිමි“
මෙයට,
-චන්ද්‍රිකා
බණ්ඩාරනායක කුමාරණතුංග
අනෙකුත් පක්ෂ නියෝජිතයන් කළ කතා පසුව ගෙන
එන්නෙමු. මාධ්‍ය හමුවේ සේයාරූ රැසක් මෙහි දැක්වේ.
මේ අතර පිවිතුරු හෙටක් හි අතුරලියේ රතන හිමියන්ගේ
මූලිකත්වයෙන් 12 වෙනිදා මුත්තයියා පිටියේ පැවැත්වෙන රැස්වීමට
ජනතා විමුක්ති පෙරමුණත් එජාපයත් සහභාගී වන බව සහතික වි ඇතැයි එහි ප්‍රකාශකයෙකු
පැවසීය.
No comments:
Post a Comment