Sunday, November 23, 2014

ෆයිල් තියනවා, ඒත් පාවිච්චි කරන්නේ නැහැ - ජනාධිපති

ආණ්ඩුවෙන් ඉවත් වී ගිය පිරිස් සම්බන්ධ රහසිගත ලිපි ගොනු තමා සතුමුත් ඒවා කිසි දිනක හෙළි නොකරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
‘ඒ අයගේ වතගොත ගැන හොදට මගේ ගාව ෆයිල් තියනවා. ඉතින් මම ඒවා පාවිච්චි කරන්නේ නැහැ. ඒවා පාවිච්චි කරන මිනිහෙක් නෙමෙයි මම. අපි කියපු දේ කරපු මිනිස්සු’ යනුවෙන් ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ ආණ්ඩුවේ සිට විපක්ෂය හා එක් වන ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සම්බන්ධයෙන් අදහස් දක්වමින්.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට වෙනත් පක්ෂ හා එක් වූ පක්ෂ ක්‍රියාකාරීන් අතීතයේද සිටි බව ජනාධිපතිවරයා සිහිපත් කරයි.

'ආප්ප කාලා පැන්නා'

‘මේ මට විතරක් කරපු දෙයක් නෙවෙයිනේ. සීපී ද සිල්වා මහත්තයා මොකද කළේ. ඒත් මින්නේරියේ. ඒත් පොළොන්නරුවේ. ඒ විතරක් නෙවෙයි එක පාරක් මැතිනියට කොකා පෙන්නුවා. චාලි මහත්තයා මැතිනිත් එක්ක උදේ කිරිබත් කාලා ඇවිල්ලා. මගේ නම් ආප්ප කාලා ගිහිල්ලා. පැන්නා අනිත් පැත්තට’ යනුවෙන් ජනාධිපතිවරයා වැඩි දුරටත් කියා සිටියේය.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගද පක්ෂය හැර දමා ගොස් වෙනත් පක්ෂයක් ගොඩනැගූ බව පවසන ජනාධිපතිවරයා තමා ඒ ආකාරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර නොයන බවයි පැවසුවේ.
‘ඔය කිහිප දෙනෙක් යන්න ඕන ඉතින්. මගේ දොර තාමත් එහෙම තමයි. මේ දොර හාමුදුරුවනේ “සැලුන්” දොර වගේ. යන්නත් පුළුවන් අපහු එන්නත් පුළුවන්’ යනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ වැඩි දුරටත් කියා සිටියේය.

No comments:

Post a Comment