Sunday, November 30, 2014

මහින්ද ලෝක අණ්ඩපාලයෙක් / සුජීව කොකාවල

උපුටාගනීම
සුජීව කොකාවල - මුහුනුපොතෙන්
මාතෘකාව අපෙන්

මහින්ද ලෝක අණ්ඩපාලයෙක්
මෛත්‍රීපාල මහතා ගේ ආගමනය සමග මූලික ප්‍රශ්න රාශියක් මතු වූ නිසා ඒවා සාකච්චාවට ගත්තෙමු. දැන් ඒ සිද්ධි සතියක් පමණ අතීතයට තල්ලු වී ඇත. ගතවූ ඒ සතියේ මෛත්‍රී සමහර ප්‍රශ්න වලට සැහෙන සාධාරාන පිළිතුරු ලබා දී තිබේ. එනයින් මෛත්‍රී කැම්පේන් එකේ පළමු සතිය පවා මහින්දට එරෙහි ෆොන්සේකා කැම්පේන් එක මුළු කාලයේම ගත්තාට වඩා ඉහල මට්ටමක පවතියි. මෙය සුභදායක තත්වයකි.
මෛත්‍රී බලයට පැමිණ බලය රනිල් ට දෙනවා කියා කියූ නිසා අප බොහෝ දෙනෙකු ප්‍රශ්න කලේ මෛත්‍රී රනිල්ව හොරපාරෙන් බලයට ගෙනෙනවාද යන කාරණයයි. එහෙත් දැන් කියන භාරකාර රජය පිහිටුවීම සහ චන්දයක් පවත්වන තුරු කෙටි කාලයකට එහි අගමැතිකම රනිල්ට දීම නම් කිසිම වරදක් නැති කටයුත්තකි. ඉනික්බිති චන්දයෙන් රනිල් තනි බලයේ අගමැති වන්නේ නම් රනිල් ගේ පාලන ඒකාධිකාරයකට අප්‍රිය අප බොහෝ දෙනා එය බාරගත යුතුය. පරදින්නේ නම් හෝ හවුලකට යන්නේ නම් රනිල් ප්‍රේමින්ට එය විඳ ගැනීමට සිදුවේ. පුද්ගලිකව මා දකින්නට කැමති රනිල් ඇතැම් අංශ මෙහෙයවන එහෙත් ඔහුට පූර්ණ ලෙස රිසි දෙයක් කල නොහෙන හවුල් රජයකි. මෛත්‍රීට සහය දුන්නාට අපි කවදාවත් 2001-2004 රනිල් යුගයකට සහය නොදෙන බව නැවත කිවයුතුවේ. මේ කතාව පුරා අප රැඳෙන්නේ ඒ අනන්‍යතාවය සමගය.
ඊළඟ ප්‍රශ්නය වනුයේ හුදෙක් විධායක ජනපති ඉවත් කරන 2/3 බලය එන්නේ කොහෙන්ද කියන එකයි. බොහෝ දෙනා උපකල්පනය කරන්නේ පශ්වාත් මහින්ද යුගයක මුළු ශ්‍රීලනිපය ම මෛත්‍රී හා එකතු වන බවයි. ලංකාවේ දේශපාලනය හැරෙන ආකාරයන් දැක ඇති නිසා මේ ටොපිය එහෙම්ම ගන්නට මා නම් සූදානම් නැත. කෙසේ නමුත් 2/3 ලබාගැනීම ගැන ප්‍රශ්නය අනාගතයට ඉතිරි කරන්නට සිද්ධ වේ. එහෙත් ඔවුන් මුළුමනින්ම නව ව්‍ය්වස්තාවකටම යන්නේ නම් එය ඉතාම වටියි. විධායක බලය සමානුපාත ක්‍රමය යටතට දෙනවාට වඩා සිස්ටම් දෙකම එකවර වෙනස් කිරීම සුදුසුය. මේ සම්බන්ධයෙන් එතරම් නිරවුල් දෙයක් කියවී නැති මුත් මේ දක්වා මෛත්‍රී කල ප්‍රකාශ නිසා කිසියම් බලාපොරොත්තුවක් තැබිය හැකිය.
රනිල් හා චන්ද්‍රිකා නිසා මෛත්‍රී පරදී කියන බොහෝ දෙන නොදකින්නේ, උන් දෙන්න නැතිනම් මෙතන මොකුත් නැති බවයි. මෛත්‍රී සිරිමා+චන්ද්‍රිකා සමයේ ප්‍රාදේශීය නායකයෙකි. පසුව ඒකාධිකාරී රජයක ඇමතිකමක් දරු මෛත්‍රී පක්ෂයක ලේකම් කම නාමිකව දැරුවා විනා ලද ගැඹුරු දේශපාලන අත්දැකීමක් නැත. මේ ව්‍යවස්ථා සම්බන්ධ අසීරු අභියෝගයේ ඔහුට සිටින කෘතහස්ත මග පෙන්වන්නන් වනුයේ චන්ද්‍රිකා සහ රනිල් ය. පරස්පර දෙදෙනෙකු එසේ සිටීමද වටින්නේ එකෙක් පමණක් උන්නොත් වැඩේ ඒකාට ඕන දිහාවට දුවන බැවිනි. එහෙත් මේ චරිත දෙක සීමාකාරී ලෙස භාවිතා කරන වගකීම මෛත්‍රී සතුය.
පෙර කී ලෙස, එජාපයේ රනිල්, කිරි, රවී තිස්ස වැනි විකටයින්ගේ දේශපාලන කැම්පේන් මේතාක් කලේ විහිළු සැපයීම පමණි. හෝන් ගැහිලි වලන් පොළොවේ ගැහිලි ආදී මල සමයං විනා කරපු බක්කක් නැත. මෛත්‍රී සමග සිටින චන්ද්‍රිකා ඇතුළු බලවේගය ලංකාවේ ආණ්ඩුවක් මාරු කරන සක්‍රිය මෙහෙයුමක් කල පිරිසකි. මේ පිරිස හා මෛත්‍රී තම අනන්‍යතාවය මේ දක්වා නැතිකරගෙන නැත.
ආණ්ඩුවේ පාර්ශ්ච ඔහුට එකතු වන බවට සැහෙන සංඥා දී ඇත. මෙහිදී එකතුවන්නාට සීමා දමා ගැනීමේ වගකීමක් මෛත්‍රී සතුව පවතියි. සතියකට පෙර මේ ගැන කතා කර නිසා ආයිත් කියන්න දෙයක් නොමැත. හැබැයි කුඩු, එතනෝල්, කසිප්පු, තග ඇතුළු සියලු ජාවාරම්කාරයින් මේ පැත්තට ගොඩ ගහ ගැනීමෙන් සැහෙන පාවෙන චන්ද ප්‍රමාණයක් අහිමි වනු ඇත. ඔය එක ජාවාරම්කාරයේකුටවත් බේස් චන්ද නැත.
ජාතික හෙළ උරුමය සමග එකතු වීම සැහෙන හොඳ ප්‍රවණතාවයකි. ඔවුන්ගේ ඇතැම් ඉල්ලීම් ගැන පුද්ගලිකව මා එකඟ නොවන මුත් බැලන්ස් කිරීම උදෙසා ඔවුන්ගේ දායකත්වය වටියි. මේ දක්වා අදහසක් කෙලින් නොකී ජවිපෙට උගුරට හොරා බෙහෙත් කෑමට ඇති කාලය සීමා සහිතය. කොන්දේසි සහිතව හෝ මෛත්‍රීට සහය වීම ජවිපට කර ඇරිය නොහැකි තත්වයකි. එසේ වීමෙන් මෛත්‍රී ගේ ක්‍රියාකාරකම් පාලනය වී සැහෙන ජන විශ්වාසයක් දිනා ගනු ඇත.
කොහොමත් අප බහුතරයකට ඇත්තේ ඔප්ෂන් දෙකකි. එක්කෝ මෛත්‍රී ය. නැතිනම් පැත්තක් නොගෙන සිටීමයි. මහින්ද තවදුරටත් ගොඩ ගත හැකි යයි නොසිතමි. එහෙත් පක්ෂය තුල ඇවලාන්ච් එකක් වෙන බවක් දුටුවොත් හිටිගමන් යහපාලනය මහින්දගේ සාක්කුවෙන් එලියට පනින්නට ඉඩ තිබේ. එසේ වුවහොත් ඊට නොරැවටෙන්න. ඒ චන්දය දිනන තෙක් පමණි. අවතක්සේරු නොකළ යුතුම එකක් වනුයේ මහින්ද ලෝක අන්ඩපාලයෙක් බවයි.
ආපු ගමන් කී කතාවල ඇද පරස් මෛත්‍රී හැරගෙන ඇත. සෝ ෆා සෝ ගුඩ් ය. ඔහොම යමු මෛත්‍රී.

No comments:

Post a Comment