Thursday, July 9, 2015

‘මෛත්‍රී අපිව අනාථ කළා‘ ඇමැති කියයි : අන් අය වහලුන් යැයි කී මෛත්‍රීපාල සිරිසේන අවසානයේ වහලුන්ගේත් වහලෙක් වූ හැටි

(ලංකා ඊ නිව්ස් -2015.ජුලි.09, ප.ව.4.30) 
මෛත්‍රීගේ ජාතික ලැයිස්තුවේ අංක එකට ඉන්නේ ඔහු ජනාධිපතිවරණයට එද්දී ඔහුව පරාජය කිරීම පිණිස එජාපයෙන් මහින්ද රාජපක්ෂගේ තුරුළට ගොස් ඔහු කොටි සමග ගිවිසුමක් අත්සන් කළා යැයි හොර අත්සන් ගැසූ ව්‍යාජ ලියැවිල්ලක් ඉදිරිපත් කළ තිස්ස අත්තනායකගේ නම බව නිල නොවන ආරංචි මාර්ග පවසයි. 
අංක 4 ට සිටින්නේ සුනාමි නිවෙස් හදන බවට කෝටි 65 ක් රැගෙන එකදු නිවසක් හෝ නොහදා ඒ මුදල් සොරකම් කළ ටිරාන් අලස් බවද දැන ගන්නට ඇත.
කෝටි 65 ක් වැනි විශාල මුදලක් වංචා කළ බවට ප්‍රබල සාක්කි සහිත ටිරාන් අලස් මේ වනතුරුත් අත් අඩංගුවට ගැනීමෙන් වැලකී සිටින්නේ කාගේ හයියෙන්දැයි හොරු ආරක්ෂා කෙළේ කව්දැයි මේ සිදුවීමෙන් තහවුරු වේ. 
මේ අතර මෛත්‍රීගේ නාම යෝජනා ලැයිස්තු වල වැඩිපුරම ඉන්නේ මරාවාදී දූෂිතයන් බවද දැනගන්නට තිබේ. ශ්‍රීලනිපයේ ඉතා අවංක මිනිසුන්ට මෛත්‍රීගෙන් නාම යෝජනා ලැබී නැත. උදාහරණයක් ලෙස ගාල්ල දිස්ත්‍රික් ලැයිස්තුවේ සිටිය යුතු 13 දෙනාගෙන් 11 දෙනෙක්ම මරාවාදී දූෂිතයන් ය. බණ්ඩාරනායක ප්‍රතිපත්ති ඉදිරියට ගෙනියනවා යැය කියන මෛත්‍රී, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ පුද්ගලික ලේකම් ලෙස කටයුතු කළ ගුණ ගරුක දේශපාලකයෙකු වූ කීර්ති මාවැල්ල කපා දමා ඒ වෙනුවට පළාත් සභාව පවා පරාජයට පත්වූ ගීතා කුමාරසිංහ වැනි තුට්ටු දෙකේ අම්මන්ඩියකට නාම යෝජනා ලබා දී ඇත. 
මාතර ලැයිස්තුවද එලෙසමය එහි සිටිය යුතු 11 දෙනාගෙන් මෛත්‍රීට පක්ෂපාතීව ඉන්නේ එක් අයෙක් පමණි. අනෙක් සියල්ලෝම මරාවාදී දූෂිතයන් ය.
හම්බන්තොටද ඒ ආකාරටම 10 න් මෛත්‍රීට පක්ෂපාතී අය ඉන්නේ මහින්ද අමරවීර පමණි. අනෙක් සියල්ලෝම මරාවාදී දූෂිතයන් ය. 
කළුතර ද, රාජිත ඡන්දය ඉල්ලන්නේ නම්, රාජිත හැර අනෙක් සියළු දෙනාම මරාවාදී දූෂිතයන්ය. 
අවසානයේ දී මෛත්‍රීපාල සිරිසේන අනෙක් අයට වහලුන් යයි කීවද තමන් විසින්ම මැදමූලන වහලුන්ගේත් වහලෙක්  වීම ගැන අවංක ශ්‍රීලනිප පාක්ෂිකයෝ දැඩි කම්පාවට පත්ව සිටිති. 
මේ ප්‍රවෘත්තිය අවසන් කරද්දී ලංකා ඊ නිව්ස් ඇමතූ ජනාධිපතිවරණයේදී මෛත්‍රී සමග ඉවත්ව දූෂිතයන්ට එරෙහිව සටනට බට එක් ඇමැතිවරයෙක් කියා සිටියේ “දැන් අපි කොහොමද රෙද්දක් ඇඳගෙන දේශපාලනය කරන්නේ කියාය. මෛත්‍රී අපේ දේශපාලනය විනාශ කළා යැයි කී ඔහු කියා සිටියේ එක්කෝ මහින්දට නාම යෝජනා දීලා අනෙක් දූෂිතයන්ට නොදී ඉන්න තිබුනා. එක්කෝ අනෙක් දූෂිතයන්ට නාමයෝජනා දීලා මහින්දට නොදී ඉන්න තිබුනා. එහෙනම් අපිට ජනතාව ඉදිරියට ගිහින් කියන්න දෙයක් තියෙනවා. දැන් අපිට කියන්න කිසිම දෙයක් නෑ. දැන් ඉතින් සුළු ජාතීන් එක්ක ගමන ඉවරයි, ජාත්‍යන්තරයට මුහුණ දෙන්න බෑ, මෛත්‍රී අපිව අනාථ කළා“ යි ඇමැතිවරයා පැවසීය.

No comments:

Post a Comment