Saturday, July 11, 2015

සත්හඬ හෙළිදරව්වෙන් චීනා ගෙදර

මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යපාරයට චීන රාජ්‍යය විසින් අනුග‍්‍රහය දක්වන බව හෙළිදරව් කරමින් පසුගිය සත්හඬපුවත්පතින් කළ අනාවරණය නිසා එම කටයුතු වෙනුවෙන් යොදා සිටින මෙරට චීන තානාපති කාර්යාලයේ දේශපාලන අංශ ප‍්‍රධානී රෙන් ෆාකියන් මහතා නැවත චීනයට කැඳවා ඇත.


ඒ අනුව මෙම මස අවසානයේදී ඔහු මෙරටින් පිට වීමට නියමිතය. රාජ්‍ය තාන්ති‍්‍රක කටයුතුවලදී අනුගමනය කළ යුතු නීති රීති පද්ධතිය උල්ලංඝනය කරමින් මෙරට දේශපාලන කටයුතුවලට මැදිහත් වීම ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනාව වේ. ඔහු පසුගිය සතියේදී මෙරට දේශපාලන ප‍්‍රබලයන්ට දුරකථන කෙටි පණිවුඩ යවමින් චීන ව්‍යාපෘති සම්බන්ධයෙන් එම දේශපාලනඥයන්ට බලපෑම් කර තිබූ බවද හෙළිවිය.
පසුගිය ජනාධිපතිවරණ සමයේදීද මෙම නිලධාරියා මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධව සිටියේය. එහිදී ප‍්‍රචාරක කටයුතු වෙනුවෙන් බෙදාහරින ලද ඔරලෝසු, ටීෂර්ට්, සිල් රෙදි ආදිය සියල්ල චීනයෙන් ආනයනය කරනු ලැබූ ඒවා විය. මෙවරද මහින්ද රාජපක්ෂ වෙනුවෙන් විශාල ප‍්‍රචාරක ව්‍යාපෘති ගණනාවකට චීන තානාපති කාර්යාලය මැදිහත්ව සිටී.

No comments:

Post a Comment