දහනව වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ ස්ථාපිත කිරීමට
නියමිත පොලිස් කොමිෂන් සභාවේ කොමසාරිස් ධුරය තමන්ට ලබාදෙන ලෙස පොලිස්පති
එන්.කේ.ඉලංගකෝන් මහතා ආණ්ඩුවේ ඉහළම තනතුරක් දරන පුද්ගලයකුගෙන් ඉල්ලීමක් කර ඇතැයි
විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් අනාවරණය වේ.
පසුගිය සතියේ ආණ්ඩුවේ අදාළ ප්‍රබලයා මුණගැසුණු
අවස්ථාවේ පොලිස්පතිවරයා මෙම ඉල්ලීම කර ඇති අතර, ඒ
ස`දහා ඔහු පොලීසියේ ඉහළ නිලධාරීන් අතර විශ්වාසය
දිනාගැනීමේ ව්‍යාපෘතියක්ද ආරම්භ කර ඇතැයි එම ආරංචිමාර්ග ස`දහන් කරයි. නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න
මහතාට වසරක සේවා දිගුවක් ලබාදීම ස`දහා කළ
යෝජනාවද මෙහි එක් පියවරක් බව පෙන්වා දෙන අදාළ ආරංචි මාර්ග, මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඉහළ පාර්ශ්වයන්ද එක`ගතාව පළ කර ඇතැයි වැඩිදුරටත් ස`දහන් කර සිටී. පිහිටුවීමට නියමිත පොලිස් කොමිසමේ
කොමසාරිස්වරයා සිටින්නේ පොලිස්පතිවරයාට ඉහළිනි.
- ශාලික විමලසේන
No comments:
Post a Comment