ලංකා ඊ නිව්ස් -2015.ජන.02, ප.ව.11.30) පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන වෙත
මඩ ගැසීමට ආණ්ඩුවේ ස්වාධීන රූපවාහිනිය වෙතින් දැරූ ප්‍රධානතම වෑයමක් පාරාවළල්ලක්
වී තිබේ.
පසුගිය 26 වෙනිදා හිඟුරක්ගොඩ කිඹුලාවල පදිංචි හිඟුරක්ගොඩ රාජකීය විද්‍යාලයේ
සිසුවෙක් වන පවිත්‍ර කුලසේකර දරුවාගේ භාරකාරත්වය දැරූ ඔහුගේ මිත්තනිය රවටා දරුවා
රැගෙන ගොස් වැලිකන්ද ප්‍රදේශයේ විහාරස්ථානයක සිරකර තබා ඔහුගේ මව මෛත්‍රීපාල සිරිසේන
විසින් බලහත්කාරයෙන් රඳවාගෙන ඇතැයි පවසා ඇය නිදහස් කරන ලෙස දරුවා හඬමින් කරනු ලබන
ඉල්ලීමක් රූප ගත කොට 2014 දෙසැම්බර් 30 දින රාත්‍රී 7 සහ රාත්‍රී 10 ස්වාධීන රූපවාහිනියේ ප්රවෘත්ති
විකාශයෙන් විකාශනය කර තිබේ.
එම ප්‍රවෘත්තිය දැකීමෙන් පසුව ඒ වන විට කිසියම් කටයුත්තක් සඳහා
කොත්මලේ ප්‍රදේශයේ තම සොයුරාගේ නිවසට පැමිණ සිටි එම මව තම දරුවා රවටා පැහැරගෙන
ගොස් බලහත්කාරයෙන් රඳවා තබා ගැනීම, ඔහුට කායික සහ මානසික වධ හිංසා පැමිණවීම සහ
අපහරණය කිරීම සම්බන්ධයෙන් වගකිව යුත්තන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්
තම දරුවා වහාම තමා වෙත ලබා දෙන ලෙසත් ඉල්ලා මහනුවර මූලස්ථාන පොලිසියේ ළමා සහ
කාන්තා කාර්යාංශය වෙත පැමිනිලි කර තිබේ.
දරුවාගේ මව වන චමිලා කුමාරි දිසානායක ගේ පැමිණිල්ලේ වැඩි දුරටත්
සඳහන් වන්නේ තමන් තම සැමියා වන ජනක සුසිල කුමාර නමැත්තාගෙන් වෙන්ව දරුවාත් ඔහුගේ
මිත්තනියත් සමග හිඟුරක්ගොඩ ජීවත් වන බවත්, දෙසැම්බර් 26 වෙනිදා දරුවාගේ පියා තවත් කිහිප
දෙනෙකු සමග කළු පැහැති මෝටර් රථයකින් පැමිණ අලිමංකඩ යාමට දරුවාට යෝජනා කර ඇති බවත්
ය. මේ බව දරුවා ඒ වන විට කොත්මලේ සිටි තම මව වෙත ජංගම දුරකථනය මගින් දන්වා තිබේ.
තමා කිසිවෙකුවත් සිරකර නොසිටි බවත් නැවත විදේශ ගතවීම සඳහා අවශ්‍ය
ලිපිලේඛණ ලබා ගැනීම සඳහා කොත්මලේ ප්‍රදේශයට ගොසි සිටි අතර තුරේදී මෙය සිදුව ඇති බව
ඇයගේ පැමිණිල්ලේ සඳහන් වේ.
පොලිසිය ඇයගේ පැමිණිල්ල පිලිබඳව බී වාර්තාවක් කොළඹ අංක 9 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කර
ඇති අතර වැඩි දුර පරීක්ෂණ සිදුකිරීම සහ දරුවා සොයා ගැනීම සඳහා ඔහු අත ඇති ජංගම
දුරකථනයේ ඇමතුම් පිලිබඳ එටිසලාට් ආයතනයෙන් විස්තර ලබා ගැනීමටත් දරුවා රඳවා තබාගෙන
ඇති ස්ථානය ගැන ඇති එකම හෝඩුවාව දන්නා ස්වාධීන රූපවාහිනියේ අදාල පුද්ගලයන්ගෙන් ප්‍රශ්න
කිරීමටත් අධිකරණයෙන් අවසර ඉල්ලා තිබේ.
එම ඉල්ලීමට අධිකරණය අවසර ලබා දී ඇත.
මවගේ සහ දරුවාගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් වන සාලිය
පීරිස් සහ ලක්ෂාන් ඩයස් පෙනී සිටියහ.
No comments:
Post a Comment