(ලංකා ඊ නිව්ස් -2015.ජන.08, ප.ව.5.20) ජනවාරි 05 දින 12,000ක පිරිසක් සහභාගී වූ ජනමත විචාරණයක ප්රතිපල අනුව පොදු විපක්ෂ අපේක්ෂක මෛත්රීපාල සිරිසේන මහතා වැඩි ඡන්ද ලක්ෂ 13කින් අද පැවැති ජනාධිපතිවණය ජය ගැනීමට නියමිත ය.
මෙම සමීක්ෂණයට ලංකාවේ දිසා 25ම ආවරණය වනසේ 12,000ක මත විමසා තිබේ.
මෙම ජනමත සමීක්ෂණය පවත්වන ලද්දේ කිසිදු දේශපාලන සබඳතාවයක් නැති ස්වාධීන ආයතනයක් වන ටී.කේ. රිසර්ච් ඇන්ඩ් සෝලුෂන්ස් විසිනි.
මෙම සමීක්ෂණයට අනුව කුරුනෑගල, කලුතර, මාතලේ, කෑගල්ල, රත්නපුර, මොණරාගල, ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ත්රික්ක මහින්ද රාජපක්ෂ මහතා ජයග්රහණය කරනු ඇත. ඔහුට ලැබෙන ඡන්ද ප්රතිශතය සියයට 43.92කි.
අන් සියළුම දිස්ත්රික්ක හිමිවනු ඇත්තේ පොදු විපක්ෂයට ය. එය ඡන්ද ප්රතිශතයක් වශයෙන් සියයට 55/02කි.
සමස්තයක් වශයෙන් සියයට 79ක් ඡන්ද ප්රකාශ කරනු ඇතැයි උපකල්පනය කරන වාර්තාව උතුරු පළාතෙහි ඡන්දය ප්රකාශ කිරීම සියයට 50ට අඩු වනු ඇතැයි ද උපකල්පනය කරයි.
No comments:
Post a Comment