Tuesday, December 9, 2014

අවසාන ජනාධිපති මහින්ද විය හැකියි -වාසුදේව

From BBC - Sinhala
ශ්‍රී ලංකාවේ අවසාන විධායක ජනාධිපතිවරයා මහින්ද රාජපක්‍ෂ විය හැකි බව වත්මන් ජනාධිපතිවරයා ම පවසා ඇතැයි වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු නමුත් ජනාධිපතිවරණයෙන් පසු ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණය කිරීමට වත්මන් ජනාධිපතිවරයා සුදානම් බැවින් තව දුරටත් ඔහුට සහයෝගය ලබා දෙන බවයි වාසුදේව නානායක්කාර ඇමතිවරයා කියා සිටියේ.
කෙසේ නමුත් තමා විධායක ජනාධිපති ක්‍රමයට සම්පූර්ණයෙන්ම විරුද්ධ බවත් තනතුර කවුරුන් හෙබවූ වත් එය අහෝසි කිරීමට තමා එක් වන බවත් නානායක්කාර අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
‘ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයකට ජනාධිපතිතුමා සුදානම්. ඒ වගේම එතුමා කියල තියෙනවා සමහර විට මම තමයි අවසාන ජනාධිපති කියල.’ අමාත්‍යවරයා පැවසීය.

‘විශ්වාසයකට වඩා අධිෂ්ඨානයක්’

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර ගැනීමේ තම අපේක්ෂාව වත්මන් ජනාධිපතිවරයා හරහා ඉටු කර ගත හැකි බවට සියයට සීයක විශ්වාසයක් පවතී දැයි බීබීසියේ තිසර රතුවිතාන කළ විමසීමකදී වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා කියා සිටියේ ‘විශ්වාසයකට වඩා අධිෂ්ඨානයක්’ තමන්ට ඇති බවයි.
තමා පිල් මාරුවකට සුදානම් වන බවට පළ වන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවද වාසුදේව අමාත්‍යවරයා තව දුරටත් කියා සිටියේය.
‘ඔය සමාජ මාධ්‍ය වලට කිසි වගකීමක් නැහැනේ. කාගේ හරි හිතේ ඇතිවන කතාවක් ගොතල දානවා. සත්‍යයක බීජයක්වත් නැතිව ඔහොම අතේ රෝල් දාන එක හරිම වගකීම් විරහිත ක්‍රියාවක්නේ.’ අමාත්‍යවරයා පැවසීය.

No comments:

Post a Comment