(ලංකා
ඊ නිව්ස් -2014.දෙසැ.13, ප.ව.10.00)
රට කන මැදමූලන රාජපක්ෂ හොර පවුලට එරෙහිව ශ්‍රීලනිප පාක්ෂිකයන් විසින්ම ඊයේ නාරාහේන්පිට ශාලිකාවෙන් ආරම්භ කරන ලද ‘හූව‘ අද වන විට මුහුකුරා ගොස් මහින්ද රාජපක්ෂටම ‘හූ‘ කියන තත්ත්වයට වර්ධනය වී තිබේ.
රට කන මැදමූලන රාජපක්ෂ හොර පවුලට එරෙහිව ශ්‍රීලනිප පාක්ෂිකයන් විසින්ම ඊයේ නාරාහේන්පිට ශාලිකාවෙන් ආරම්භ කරන ලද ‘හූව‘ අද වන විට මුහුකුරා ගොස් මහින්ද රාජපක්ෂටම ‘හූ‘ කියන තත්ත්වයට වර්ධනය වී තිබේ.
අද සවස දඹුල්ලේ රැස්වීමක් ඇමතීමට ගිය මැදමූලන මරා පැමිණ
සිටි ජනතාවගේ බාධා කිරීම් සහ ‘හූව‘ නිසා
කතාව අතර මග නතර කර දමා වේදිකාවෙන් බැස කෝපයෙන් පිපිරෙමින් යන්නට ගියේය. මෙය ඔහුගේ
බරපතල පරාජයකි.
මරා රැස්වීම ඇමතීම ආරම්භ කර මඳ වේලාවක් යද්දී වේදිකාව
ඉදිරිපස සිටි පුද්ගලයන් පිරිසක් ඔහුගේ කතාවට බාධා වන අන්දමින් ‘ජනක
බණ්ඩාරට ජයවේවා..! ජනක බණ්ඩාරට ජය වේවා..!!‘ කියමින්
කෑ ගසා තිබේ. මෙහිදී කතාව නතර කළ මරා ‘තමුසෙලාගේ
කෑ ගැහිල්ල නතර කරනවාද? නැතිනම් මං කතාව නතර කරලා යන්නදැයි‘ විමසා
ඇත. එවිට රැස්ව සිටි පිරිස ‘හා හා යන්න. යන්න‘ කියමින්
යලිත් කෑ ගසා ඇත. එවිට දැඩි ලෙස කෝපාවිෂ්ඨ වූ මැදමූලන මරා කතාව නතර කර යන්නට
හදද්දී ජනතාවගෙන් විශාල හූවක් පැමිණ තිබේ. ‘‘එතනෝල්
කාරයන් ලඟට පලයාං‘‘ යි ජනතාව කෑ ගසා ඇත. පසුව ජනක බණ්ඩාර නැගිට පිරිස
සන්සුන් කරන්නට යද්දී ජනතාව ඔහුටද හූ කියා ඇත. සිද්ධියෙන් පසු මරා දඹුලු
රැස්වීමෙන් පිටත්ව ගොස් ඇති අතර මෙය ජනක බණ්ඩාර විසින් සැලසුම් කරන ලද්දක් යැයි
කියා ඔහුට ඉතා දැඩි ලෙස බැන වැදී ඇත. ජනක බණ්ඩාර යනු මෛත්‍රී-චන්ද්‍රිකා සමග
ඉවත්වීමට සැලසුම් කළ එහි ප්‍රධානියෙක් වූ අතර අවසානයේ අඬමින් දොඩමින් රාජපක්ෂලා
සමග නතර විය. බොහෝ ශ්‍රීලනිප සාමාජිකයන් විශ්වාස කරන්නේ ඔහු මෛත්‍රී-චන්ද්‍රිකා
සමග ඉවත් නොවුයේ රාජපක්ෂලා විසින් දුන් කෝටි ගණනක මුදලකට යටවී බවයි. එවැනි
විශ්වාසයකට වඩාත් හේතු වී ඇත්තේ ඒ දිනවලම ඔහු නවීන පන්නයේ බීඑම්ඩබ්ලිව් රථයක
හිමිකරු වීම නිසාය. කෙසේ වෙතත් අද මරාට හූ කීම ඔහු සිදුකළ කුමන්ත්‍රණයක් යැයි
රාජපක්ෂ වරු විශ්වාස කරති.
ඊයෙන් අැරඹුනු ‘හූවේ‘ අද
දවසේ දෙවැන්න දකින්නට ලැබුනේ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී ය. ඒ මහනුවර
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද පැවති එංගලන්ත ශ්‍රී ලංකා 06
වන එක්දින ක්‍රිකට් තරගයෙන් අනතුරුවය. මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 90
කින් ජයගත් අතර තරඟය අවසානයේදී ක්‍රීඩාංගනයේ තිබූ දැවැන්ත ඩිජිටල් තිරයේ මහින්ද
රාජපක්ෂගේ ජනාධිපතිවරණ ප්රචාරක දැන්වීමක් ප්‍රචාරය විය. එය දකිනවාත් සමගම මුළු ක්රීඩංගනයම
එකම හූවකින් ගිගුම් දුන්නේය. අවසානයේ එම දැන්වීම නතර කර දැමීමට සංවිධායකයන්ට
සිදුවිය.
මහින්දට ඡන්දය දෙන්නැයි ක්‍රිකට් ක්‍රීඩකයන් ලවා කියවා
ගනිමින් ප්රචාරක දැන්වීමක් සකස් කරන්නට නාමල් රාජපක්ෂ විසින් ක්‍රිකට් ක්‍රීඩකයන්
අමතමින් බල කිරීම නිසා මේ දිනවල ක්‍රීඩකයන් ඉන්නේ සිය ජංගම දුරකථන ක්‍රියා විරහිත
කරගෙනය. එ් පිලිබඳව ද ක්‍රිකට් ලෝලීහු දනිති.
මුදල් දී මැති ඇමැති වරුන් මිලදී ගත්තද හූ කියන ජනයා
මිලදීී ගත නොහැකි නිසා හෙට දවසේ තව කුමන කුමන තැන් වලදී රට කන රාජපක්ෂ පවුලට එරෙහි
‘හූව‘ බෝ
වී යන්නේදැයි පරීක්ෂාවෙන් සිට ඒ පිලිබඳව ජනතාවට වාර්තා කිරීමට ලංකා ඊ නිව්ස් සූදානමින් සිටිමු.
No comments:
Post a Comment