Saturday, May 9, 2015

මහින්ද අල්-ජසීරාවට කීවේ ඇත්ත නොවේ – මහින්ද සැඟවූ ඒ බිහිසුණු කුමන්ත‍්‍රණය මෙන්න

පසුගිය සතියේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ අල්-ජසීරාරූපවාහිනී නාලිකාව සමග සම්මුඛ සාකච්ඡුාවකට එක් විය. එහිදී අල්-ජසීරා මාධ්‍යවේදිනිය ඇසූ එක් ප‍්‍රශ්නයක් වූයේ, ජනවාරි 8වැනිදා රාත‍්‍රියේ තමාගෙන් බලය ගිලිහී යන බව දැනගෙන, එය තවදුරටත් තමා වෙතම රඳවා තබාගැනීම සඳහා අරලිය ගහ මන්දිරයේදී, කුමන්ත‍්‍රණයක යෙදුණාය කියන කතාව ඇත්තක්ද යන්නය. ඊට පිළිතුරු දුන් මහින්ද රාජපක්‍ෂ මහතා කීවේ, ‘ඒක විහිළුවක්. පැයක කුමන්ත‍්‍රණයකින් රටක බලය අල්ලාගෙන තබාගන්න පුළුවන්ද?’ කියාය. පරාජය වුවහොත්, වහාම රජය භාරදී පිටත්ව යන්නට, පෙර සිටම තමා සූදානම් ව සිටි බව රාජපක්‍ෂ මහතා එම සම්මුඛ සාකච්ඡුාවේදී කීවේය.

එහෙත් රාවයපසුගිය ජනවාරි 18වැනිදා පළකළ මහජන බලයට පිටුපා රාජපක්‍ෂ බලයේ රඳවාගැනීමට කළ පැය 72 මෙහෙයුමනම් ලිපියෙන් හෙළිවන්නේ සත්‍යය, මහින්ද රාජපක්‍ෂ කියනවාට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් බවය. රාවයට ලැබුණු සියලූ විශ්වාසදායී හා තහවුරු කරගන්නා ලද තොරතුරු අනුව අරලියගහ මහන්දිරයේදී කුමන්ත‍්‍රණයක් නිසැකවම සිදුවිය. එහෙත් එය මහින්ද රාජපක්‍ෂ මහතා කියන පරිදි පැයකකුමන්ත‍්‍රණයක් නොවේ. ඊට දින ගණනකට පෙර රාජපක්‍ෂවරුන්ට හිතැති හමුදා නිලධාරීන් හා අනෙකුත් රජයේ නිලධාරීන් එක්ව සූක්‍ෂ්ම ලෙස සැලසුම් කරන ලද එකක් විය. ජනවාරි 8වැනිදා වන විටත්, ඒ කුමන්ත‍්‍රණය ප‍්‍රකාරව කොළඹ අවට ප‍්‍රදේශ ගණනාවක හමුදා ඛණ්ඩ රාශියක් ස්ථානගත කොට තිබිණි. ජනවාරි 8වැනිදා මධ්‍යම රාත‍්‍රියේ අරලියගහ මන්දිරයේදී රඟදැක්වුණේ එහි අවසාන ජවනිකාවයි.
රටේ වාසනාවකට, එම අවසන් ජවනිකාවට කැඳවනු ලැබූ නීතිපතිවරයා, හමුදාපතිවරයා හා පොලිස්පතිවරයා ඒ කුමන්ත‍්‍රණ ප‍්‍රයෝගයට සම්පූර්ණ විරුද්ධත්වය ප‍්‍රකාශ කළහ. හිටපු අගවිනිසුරු මොහාන් පීරිස්ද ඒ අවස්ථාවේදී අරලියගහ මන්දිරයේ සිටියේය. කුමන්ත‍්‍රණයේදී කතාකැරුණේ, ජනාධිපතිවරණ ප‍්‍රතිඵල අත්හිටුවා, රටපුරා හදිසි නීතිය ප‍්‍රකාශයට පත්කොට, හමුදාව මහපාරට කැඳවා එල්ලවිය හැකි මහජන විරෝධය මර්දනය කොට මහින්ද රාජපක්‍ෂ තවදුරටත් බලයේ රඳවාතබාගත යුතු බවය.
මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිධුරයට පත්වූ පසු මේ කුමන්ත‍්‍රණය ගැන අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාත් රජයේ විවිධ පුද්ගලයනුත්, ජවිපෙ නායක අනුර කුමාර දිසානායකත් නිරන්තරයෙන් කතා කළහ. මංගල සමරවීර මහතා කුමන්ත‍්‍රණය ගැන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්ද කළේය. ඒ ගැන පරීක්‍ෂණයක් ඇරඹුණු බව පෙනෙන්නට තිබුණු අතර, උදය ගම්මන්පිළ, හිටපු හමුදාපති දයා රත්නායක වැනි අයගෙන් ප‍්‍රකාශද සටහන් කරගත් බව මාධ්‍ය වාර්තා කළේය. එහෙත්, ඉන්පසු එම පරීක්‍ෂණවලට කුමක් සිදුවීදැයි කිසිවකු දන්නේ නැත.

රාවය තොරතුරුවලට අනුව, අරලියගහ මන්දිරයේ පැය 72 මෙහෙයුම පිළිබඳ කුමන්ත‍්‍රණයක් නිසැකවම සිදුවිය. මහින්ද රාජපක්‍ෂ මහතා අල්-ජසීරාවට බොරු කිවූ බව තහවුරු කරන්නට අවශ්‍ය කිසියම් පාර්ශ්වයක් සිටියි නම්, ඒ ලිපියේ තොරතුරු අනුව විධිමත් පරීක්‍ෂණයක් ආරම්භ කිරීමෙන් එහි ඇත්ත රටට හෙළිකළ හැකිය.
පැය 72 කුමන්ත‍්‍රණය ගැන පළවූ ලිපිය සංස්කරණ සහිතව අප මෙහි නැවත පළ කරන්නේ, රට ගෙවා පැමිණි ඒ බිහිසුණු හෝරාව යළි මතකයට කැඳවීම සඳහා ය.

විශේෂ ලියුම්කරුවකු විසිනි

ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂගේ වාසිය සඳහා වන පත‍්‍රිකා ලක්‍ෂ දෙකක් යුද හමුදාව විසින් මධ්‍යම තැපැල් හුවමාරුව හරහා හමුදා සෙබළුන්ගේ නිවෙස් වෙත තැපැල් කිරීමේ යෙදී සිටින බවට රාවයවාර්තා කළේ ඉකුත් දෙසැම්බර් 28වැනිදාය. දෙසැම්බර් 24 හා 25 දිනවල හමුදා සෙබළුන් විශාල පිරිසක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවට පැමිණ ඒවාට මුද්දර ඇලවීමේ හා යන්ත‍්‍රානුසාරයෙන් මුද්දර මුද්‍රණය කිරීමේ යෙදී සිටින බවත් එක් ලිපියක බර අනුව රුපියල් 25ක මුද්දර එහි ඇලවිය යුතු බවත්, එම මුදල සඳහා අත්තිකාරම් වශයෙන් රුපියල් ලක්‍ෂ 50ක් ඒ වන විටත් තැපැල් දෙපාර්තමේන්තුවට ගෙවා ඇති බවත් තවදුරටත් වාර්තාවේ සඳහන් විය. සැබෑ සාමයෙන් පසු අපේ රණවිරුවෝනමින් යුත් පිටු 14කින් සමන්විත එම පත‍්‍රිකාව (පොත් පිංචකි) කියවන්නකුට දැනෙන්නේ එය මුළුමනින්ම මහින්ද රාජපක්‍ෂට ජනාධිපතිවරණයේදී ඡුන්දය දෙන ලෙස කරන නිර්ලජ්ජිත ඉල්ලීමක් බවය. මැතිවරණ සමයකදී රජයේ හමුදාවකට එවැනි දෙයක් කිරීමට නීතියෙන් කිසිදු ඉඩක් නැත. මේ පොත් පිංච මැතිවරණ නීතිය කඩකරමින් තැපැල් කරමින් පවතින බව මැතිවරණ කොමසාරිස්වරයාට ආරංචි වීමෙන් පසු ඔහු මැදිහත්වී තැපැල් කිරීම අත්හිටුවනු ලැබිණි. එහෙත් හමුදාව ඉන් පසුබෑවේ නැත. ඔවුහු කළෝ, එම ලිපි උපතැපැල් කාර්යාල මට්ටමෙන් කුඩා ප‍්‍රමාණයන්ගෙන් තැපැල් කිරීමය. තවත් කොටසක් හමුදා වාහන යොදවා බෙදාහරින ලදි. ඒ ගැනද ආරංචිවී මැතිවරණ කොමසාරිස්වරයා නැවතත් බෙදාහැරීම වැළැක්වූ නමුත් කිසියම් කොටසක් බෙදාහරින ලදි. මහින්ද රාජපක්‍ෂට අමු අමුවේ කඬේ ගිය, ආණ්ඩුවේ බදුමුදලින් මුද්‍රණය කොට පත‍්‍රිකා බෙදාහැරීමේ නිර්ලජ්ජිත මෙහෙයුම පිටුපස සිටියේ මීට පෙර හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ලෙසද කටයුතු කළ යුදහමුදා මාණ්ඩලික ප‍්‍රධානී මේජර් ජෙනරාල් ප‍්‍රසාද් සමරසිංහ, බි‍්‍රගේඩියර් ප‍්‍රසාද් දෙමටන්පිටිය, බි‍්‍රගේඩියර් රසික කරුණාතිලක හා ලෙෆ්ටිනන්ට් කර්නල් අජිත් වික‍්‍රමසේකර යන අයය. ඔවුහු මහින්ද රාජපක්‍ෂ මහතා මෙවර ජනාධිපතිවරණයෙන් ජය ග‍්‍රහණය කරවීම සඳහා කළ හැකි සෑම දෙයක්ම කිරීමට කැපවී සිටි අය වෙති.

මේ ලිපි මෙහෙයුමට අමතරව හමුදාවේ ඉහළ නිලධාරීන් විශාල පිරිසක් සෘජුවම මහින්ද රාජපක්‍ෂ මහතාගේ ඡුන්ද ව්‍යාපාරයට එක්ව සිටියහ. ඉන් පළමු තැන හිමිවන්නේ යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායකටය. ඔහු හමුදා සෙබළුන් අමතන රැුස්වීම් පවත්වමින් (එරදදච ්ාාරුිිසබට* කරමින් ජනාධිපතිවරණ සමයේදී හමුදා කඳවුරු රාශියක සංචාරය කළ අතර, එහිදී කතාකරමින් මහින්ද යුද්ධය ජයග‍්‍රහණය කළ ආකාරයත්, ඉන්පසු හමුදා සෙබළුන්ට හොඳින් සැලකූ ආකාරයත් කියන ඔහු අවසානයේ කියන්නේ ඒ ජයග‍්‍රහණ රැුකගැනීමට නම් මහින්ද රාජපක්‍ෂ යළි ජයග‍්‍රහණය කරවිය යුතු බවය.

හමුදා කුමන්ත‍්‍රණය

ජනාධිපතිවරණය ආශ‍්‍රිත හමුදා මැදිහත්වීම උච්චතම හා භයානකම අවස්ථාවට පත්වන්නේ ජනාධිපති වරණයෙන් පසු හමුදාව යොදවා මහින්ද රාජපක්‍ෂ තවදුරටත් බලයේ තබාගැනීම සඳහා දියත්කැරෙන කුමන්ත‍්‍රණයත් සමඟය.

රාවයට වාර්තා වූ අන්දමට මේ වැඩපිළිවෙල පසුපස සිටි ප‍්‍රධානීන් වන්නේ ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් එස්. පෙරේරා හා මේජර් ජෙනරාල් පී. සමරසිංහය. වැඩසටහනේ තිර පිටපත ගෝඨාභය රාජපක්‍ෂගේය. එය හැඳින්විය හැක්කේ පැය 72 මෙහෙයුමහැටියටය.

පැය 72 මෙහෙයුම

මෙහෙයුමේ වැඩ පිළිවෙල අනුව, ජනාධිපතිවරණය පැවැත්වුණු 8වැනිදා රාත‍්‍රිය වන විට කොළඹ හා රට පුරා ඉතා වැදගත් ස්ථානවල හා ඒ ආශි‍්‍රතව හමුදා ඛණ්ඩ ස්ටෑන්ඞ්බයිරැුඳවිය යුතුය. රූපවාහිනී විකාශන කුලූනු, රජයේ රූපවාහිනී ආයතන, දුරකතන සේවා ආයතන එවැනි විශේෂ ස්ථාන අතර විය. ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵල මහින්ද රාජපක්‍ෂට අවාසි සහගත වන්නේ නම්, මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් ප‍්‍රතිඵල නිකුත්කිරීම බලය යොදා නැවැත්විය යුතු අතර, එවකටත් ධුරයේ සිටින රාජපක්‍ෂ ජනාධිපතිවරයා විසින් රට පුරා හදිසි නීතිය පැනවිය යුතුය. ඉන්පසු රඳවා තැබුණු හමුදා ඛණ්ඩ මහාමාර්ගයට හා අනෙකුත් වැදගත් ස්ථානවලට පැමිණෙන අතර ඒවායේ බලය අල්ලාගත යුතුය.

මෛත‍්‍රීපාල සිරිසේන මහතාට වාසිසහගත වන පරිදි නිකුත්වන ප‍්‍රතිඵල නැවැත්වුවහොත් ඇතිවිය හැකි මහජන නැගිටීම බලය යොදා මැඬපැවැත්වීම කුමන්ත‍්‍රණ කරුවන්ගේ බලාපොරොත්තුව වූ අතර, මෙලෙස පැය 72ක කාලයක් කොළඹ හා රට පුරා ජනතාව එක් රොක් වීම නවතාගෙන සිටියහොත් ජනතා බලය හා උණුසුම දිය වී යනු ඇති අතර ඉන්පසු හමුදාවේ සහාය ඇතිව මහින්ද රාජපක්‍ෂ මහතා තවදුරටත් ජනාධිපති ධුරයේ තබාගත හැකිය යන්න කුමන්ත‍්‍රණකරුවන්ගේ තක්සේරුව වී තිබුණි. තවදුරටත් ධුරයේ රැුඳීසිටීම ගැන නීත්‍යනුකූල පසුබිමක් ඇතිකිරීම සඳහා වහාම ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්නට නියමිතව තිබුණු අතර, රාජපක්‍ෂ මහතාට හිතවත් අගවිනිසුරුවරයා අතින්, තවත් අවුරුදු දෙකක කාලයක් රාජපක්‍ෂ මහතාට බලයේ සිටිය හැකි බවට මතයක් ප‍්‍රකාශ කරවා ගන්නට නියමිතව තිබිණි. (තවත් අවුරුදු දෙකක් ජනාධිපතිවරයාට ධුරයේ සිටිය හැකි බවට ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කළ බෙංගමුවේ නාලක හිමියන් ලවා මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනුකොට පෙර සූදානමක් ලෙස තබාගත නොහැකිවීම සම්බන්ධයෙන් කුමන්ත‍්‍රණයේ සැලසුම්කරුවන් කනගාටුවට පත්ව තිබුණු බවද වාර්තා වෙයි. එම අතපසුවීම නොවී නම්, නාලක හිමියන් විසින් පවරන ලද නඩුවේ තීරණය පහසුවෙන්ම ජනවාරි 9වැනිදා නිකුත්කරවා ගත හැකිව තිබුණු බව ඔවුන්ගේ මතය වී තිබිණි.)

රාජපක්‍ෂ හමුදා පාලනයක්

මේ සැලැස්ම ක‍්‍රියාත්මක වූයේ නම් රට හමුදා පාලනයකට යටත්වන්නට තිබුණු අතර, මහින්ද රාජපක්‍ෂ තවදුරටත් හමුදා පාලකයකුගේ තත්ත්වයෙන් රට පාලනය කරනු ඇත. ඊට අමතරව රට ලේ විලක් වීමට නියමිතව තිබිණ.

කුමන්ත‍්‍රණ සැලසුම ගැනත්, එය ක‍්‍රියාත්මක කළ යුතු ආකාරය ගැනත් සාකච්ඡුා කිරීම සඳහා වූ රැස්වීම් දෙකක් ජනවාරි 7වැනිදා සහ 8වැනිදා පැවැත්විණි.
7වැනිදා රැුස්වීම පැවැත්වුණේ ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානීගේ කාර්යාලයෙහිදීය. ඊට මේජර් ජෙනරාල්වරු 7 දෙනෙක්, බි‍්‍රගේඩියර්වරු 8 දෙනෙක් හා පොලිසියේ ඉහළ නිලධාරීහු දෙදෙනෙක් සහභාගිවූහ. ඔවුන් දෙදෙනා වනුයේ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක හා කොළඹ ප‍්‍රදේශය බාර නියෝජ්‍ය පොලිස්පති ගාමිණී මතුරට ය. ඔවුන්ට මේ රැුස්වීම සඳහා සහභාගිවන ලෙස නියම කර තිබුණේ ලංකාවේ සිටි අපකීර්තිමත්ම පොලිස්පති වරයකු වූ, ඒ අවස්ථාවේදී නීතිය හා මහජන සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් ධුරය දැරූ මහින්ද බාලසූරිය විසිනි. ජනාධිපතිවරණ සමය තුළ ලජ්ජා රහිතවම මහින්ද රාජපක්‍ෂගේ වාසිය සඳහා පොලිසිය මෙහෙයවන්නට කටයුතු කළ බාලසූරිය ඒ නියෝගය කර තිබුණේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂගේ නියමයක් ලෙසය. ජනාධිපතිවරණයෙන් පසු බාලසූරිය මහතා රටෙන් පැනගියේය.

8වැනිදා රැුස්වීමේ මූලිකත්වය ගෙන සිටියේ මේජර් ජෙනරාල් පෙරේරාය. ඊට අමතරව මේජර් ජෙනරාල් සමරසිංහ, බි‍්‍රගේඩියර් මඩවල, බි‍්‍රගේඩියර් නිවුන්හැල්ල, බි‍්‍රගේඩියර් ළමාහේවාද එහි සිටි අය අතර වූහ. එම රැුස්වීමේදී පෙරේරා හා ජයසූරිය ජනාධිපතිවරණ ප‍්‍රතිඵල නිකුත්කිරීම අතරතුර හමුදාව විසින් රටේ පාලන බලය සියතට ගැනීම ගැන දීර්ඝ වශයෙන් විස්තර කළ බව වාර්තා වන අතර, හමුදාව බලය ලබාගත් පසු නීතිය හා සාමය ආරක්‍ෂාකිරීම පොලිසිය කළ යුත්තේ කෙසේද යන්න ගැන උපදෙස් ලබාදෙන ලදි. මෙහිදී ඊට සහභාගිවූ පොලිස් නිලධාරීන් දෙදෙනා වන සේනානායක හා මතුරට පැහැදිලිවම අවධාරණය කර සිටියේ, රටේ සාමාන්‍ය නීතියට පිටතින් සිදුවන කිසිදු දෙයක් සඳහා පොලිසිය සහයෝගය නොදෙන බවත්, විශේෂයෙන් එවැනි බලහත්කාරී කටයුත්තක යෙදීමට පොලිසියේ පහළ ස්ථරවල නිලධාරීන් කිසිසේත් කැමැත්තක් නොදක්වනු ඇති බවත්ය.

ඒ අතර පොලිස්පති එන් කේ ඉලංගකෝන් සියලූ පොලිස් කොට්ඨාසවලට හා අනෙකුත් සියලූ මට්ටම්වල නිලධාරීන්ට දැනුම් දී තිබුණේ රටේ නීතියට පිටින් යන කිසිදු කටයුත්තකට සම්බන්ධ නොවීමට මෙන්ම සහයෝගය නොදීමටද තදින් වගබලා ගත යුතු බවය. ඒ අතර නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්නගේ මෙහෙයවීමෙන් රටේ වැදගත් ස්ථානවල මෙන්ම ප‍්‍රදේශවලද පොලිස් ආරක්‍ෂාව තහවුරු කරන ලදි.

පොලිසියේ විරෝධය

දෙවැනි රැස්වීම පැවැත්වුණේ ජනවාරි 8වැනිදා සවස යුද හමුදා මූලස්ථානයේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ කාර්යාලයේදීය. පෙර දින රැුස්වීමට සහභාගිවූ පිරිසම එදින ඊට සහභාගිවූහ. එහිදී විශේෂයෙන් හමුදා නිලධාරීන් කියා සිටියේ සැලැස්ම අනුව හමුදා සෙබළ පිරිස් අදාල ස්ථානවල ඒ වනවිටත් ස්ථානගත කොට ඇති බවත්, හමුදාව පාලනය භාරගත් පසු පොලිසිය නීතිය හා සාමය ආරක්‍ෂා කළ යුතු බවත්ය. ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් දෙදෙනා ඒ අවස්ථාවේදීත් සිටියේ සිය දැඩි ස්ථාවරයේය. මේ කුමන්ත‍්‍රණය සඳහා පොලිසියේ සහායක් නැති බවට ඔවුහු පැහැදිලිවම අවධාරණය කළෝය.

කෙසේ වෙතත් මේ රැුස්වීම් දෙකෙහි තොරතුරුත්, හමුදා සැලැස්මේ තොරතුරුත් රනිල් වික‍්‍රමසිංහ මහතා සහ තවත් සුළු පිරිසකට දැනගන්නට ලැබිණි. වික‍්‍රමසිංහ මහතා ඒ ගැන අමෙරිකාවද දැනුවත් කරන ලද බවත්, එහි ප‍්‍රතිඵලයක් ලෙස අමෙරිකානු ආරක්‍ෂක ලේකම් ජෝන් කෙරී මහින්ද රාජපක්‍ෂට දුරකථන ඇමතුමක් ලබා දී මහජන මතයට ගරුකරමින් සාමකාමී ලෙස බලය මාරුවන තැනට කටයුතු කරන ලෙස කී බවත් දැනගන්නට තිබේ. රනිල් වික‍්‍රමසිංහ මහතාට මහින්ද රාජපක්‍ෂගෙන් උදේ 4.30ට දුරකථන ඇමතුම ලැබෙන්නේ එහි ප‍්‍රතිඵලයක් ලෙසය.

අගවිනිසුරුත් එහේ

දුරකථන ඇමතුම ලත් රනිල් වික‍්‍රමසිංහ මහතා කියන්නේ තමා අරලියගහ මන්දිරයට පැමිණෙන්නට සූදානම් බවය. මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ අනෙකුත් පක්‍ෂ නායකයන්ට අරලියගහ මන්දිරයට යන බව දැනුම් දී එහි යන විටත් අගවිනිසුරු මොහාන් පීරිස් අරලියගහ මන්දිරයේ රැුඳී සිටිනු දැක රනිල් විස්මයට පත්වූ බව කියනු ලැබේ. ඡුන්ද ප‍්‍රතිඵල නිකුත්වෙමින් තිබෙන මෙවැනි අවස්ථාවක රටේ අගවිනිසුරුවරයා අපේක්‍ෂක යකුගේ නිවසේ සිටීම ගැනය. කෙසේ වෙතත් ඒ වන විට මහින්ද රාජපක්‍ෂ හා මොහාන් පීරිස්ගේ මුහුණු මැළැවුණු අඳුරු ස්වභාවයක් ගෙන තිබුණු බව ද ආරංචි මාර්ග කියයි. මහින්ද රාජපක්‍ෂ එදින රාත‍්‍රියේ තමා විසින් පත්කරන ලද අගවිනිසුරුවරයා එහි කැඳවා තිබුණේ කුමකටද? ඉදිරි අවුරුදු දෙකක කාලය තමාට ධුරයේ සිටිය හැකිද යන්න ගැන අදහසක් ලබාගැනීමටය. අගවිනිසුරුවරයා, ‘එය කළ හැකියැයි පිළිතුරු දී තිබුණු බව තහවුරු නොකරන ලද ආරංචි මාර්ග කියයි.

හමුදාව රඳවයි

මේ සැලැස්ම සාර්ථක කරගත හැකි වන පරිදි හමුදා භට පිරිස් රටේ වැදගත් තැන් සියල්ලේම පාහේ රඳවා තිබුණු බවට තහවුරු කරන ලද වාර්තා තිබේ. යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානී ජගත් ජයසූරියගේ බලකාය වන සන්නාහ සන්නද්ධ බලකායේ මූලස්ථානය වන මෝදර රොක්හවුස් කඳවුර, ජනාධිපතිවරණය දා රැුයෙහි එවැනි ස්ටෑන්ඞ්බයිතත්ත්වයේ භටපිරිස් රඳවා තිබුණු එක් ස්ථානයකි. කඳවුර තුළ ගාල්කර තිබූ සන්නාහ සන්නද්ධ රථ කඳවුරෙන් පිටතට ගෙනවුත් ජනතාවට පෙනෙන පරිදි තබන හැටියට බි‍්‍රගේඩියර් නිවුන්හැල්ල විසින් එහි ස්ථානභාර නිලධාරියාට කරන ලද නියෝගයක් එම නිලධාරියා විසින් ප‍්‍රතික්‍ෂෙප කරන ලද බවද වාර්තා වෙයි. හමුදා සන්නාහ සන්නද්ධ රථ කොළඹ නගරය පුරා සංචාරය කරවීමට සැලැස්වීමෙන් හා ස්ථානගත කිරීමෙන් නැග එන මහජන බලයක් පහසුවෙන් දුර්වල කළ හැකි බව හා මැඬලිය හැකි බව සාමාන්‍යයෙන් පිළිගැනෙන දෙයකි.

මෙලෙස අඩුම ගණනේ හමුදා බැටෑලියන (බැටෑලියනයකට සාමාන්‍යයෙන් 800 සිට 1100 දක්වා සෙබළු පිරිසක් අයත්වෙති.) 10ක් කොළඹ වටකොට ස්ටෑන්ඞ්බයි තත්ත්වයෙන් තබා තිබිණි. ඉන් බැටෑලියන 4ක් සිටියේ සිවිල් ඇඳුමෙනි. තවත් බැටෑලියනයක් මරදාන ටි‍්‍රපොලි වෙළෙඳ සංකීර්ණයේ රඳවා තිබිණි. තවත් එකක් රැුඳවූයේ මීගමුවේ කඩොල්කැලේ නම් ප‍්‍රදේශයේය. කඩොල්කැලේ හමුදා බැටෑලියනයක් සිටින්නේ ඇයිදැයි ඇසූවකුට ලැබුණු පිළිතුර වූයේ ජනාධිපතිවරණයට පසු ලංකාවේ සංචාරයක යෙදුණු පාප්වහන්සේගේ ගමනට ආරක්‍ෂාව සඳහා එලෙස රැඳවූ බවය.

කවර හේතුවක්, බලපෑමක් නිසා හෝ මේ කුමන්ත‍්‍රණ සැලසුම අසාර්ථක වූයේ රටේ වාසනාවටය. එය එසේ නොවිණි නම්, එක් පුද්ගලයකුගේ අධික බල තණ්හාව නිසා මහා ලේ ගංගාවක් ජනවාරි 8න් පසු රටේ ගලායන්නට ඉඩතිබුණි.

මහින්දගේ ඉල්ලීම්

රනිල් වික‍්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයට පැමිණි පසු මහින්ද රාජපක්‍ෂ හා ඔහු අතර පැවැති සාකච්ඡුාවේ සමහර කරුණු සන්ඬේ ටයිම්ස්පුවත්පත වාර්තා කළේය. ඒ අනුව, සාකච්ඡුාවට ගෝඨාභය රාජපක්‍ෂ හා ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ද එක්වී තිබේ. රාජපක්‍ෂවරුන්ගේ ප‍්‍රධාන සැකය වී ඇත්තේ තමන් අත්අඩංගුවට ගැනීමට ඉඩක් ඇද්ද යන්නය. හමුදා සැලැස්මක් මෙහෙයවූ නිසා රාජපක්‍ෂවරුන් අත්අඩංගුවට ගතයුතු බවට චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඊට පෙර තානාපති හමුවකදී කියා ඇත යන අදහසක් ඒ සැකයට හේතුවී තිබිණ. කෙසේ වෙතත් කුමාරතුංග මහත්මිය එවැනි දෙයක් තමා නොකී බවට පසුව පැහැදිලි කළාය.

මේ සාකච්ඡුාවේදී රනිල් වික‍්‍රමසිංහ මහතා, කිසිදු ගැටලූවකින් තොරව මෘදු ලෙස මෛත‍්‍රීපාල සිරිසේනට බලය පවරන්නේ නම්, රාජපක්‍ෂවරුන්ගේ හා ඔවුන්ගේ පවුලේ අනෙක් සාමාජිකයන්ගේ ආරක්‍ෂාව නියත වශයෙන්ම සලසන බවට සහතික වී තිබේ. එලෙස බලය මාරුකිරීමේ කාලසටහනකට ඒ අවස්ථාවේදී දෙපාර්ශ්වය එකඟ වූහ. මහින්දට ඒ වන විටත් තිබුණු පෞද්ගලික ආරක්‍ෂාව එලෙසම පවත්වාගැනීමට ද එකඟවූහ. ගෝඨාභය රාජපක්‍ෂටද ආරක්‍ෂක ඒකකයක් ලබාදීමට එකඟ විය. වැදගත්ම කාරණය වන්නේ, තමාගේ නිල නිවස ලෙස කොළඹ 2, ජායික් හිල්ටන් හෝටලය ඉදිරිපිට ඇති සුවිසල් ඇක්ලන්ඞ් හවුස්’ (විසුම්පාය) රාජපක්‍ෂ මහතා ඉල්ලා සිටීමයි. මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති මන්දිරයත්, අරලියගහ මන්දිරයත් යන දෙකම සිය පාවිච්චිය සඳහා යොදාගත් නිසා අගමැති නිල නිවස බවට පත්ව තිබුණේ මේ විසුම්පාය යි. මැලේසියාවේදී අත්අඩංගුවට ගත් කේපී කලක් ගෝඨාභය රාජපක්‍ෂගේ අනුග‍්‍රහය ඇතිව සියලූ සැපසම්පත් සහිතව රඳවා තබා සිටියේද මේ සුවිසල් මන්දිරයේය. කෙසේ වෙතත් සාකච්ඡුාවේ අවසානයේදී මෛත‍්‍රීපාල සිරිසේන මහතා, දුරකථනයෙන් රාජපක්‍ෂ මහතා අමතා විසුම්පාය ලබාදිය නොහැකි බවත්, වෙනත් නිවෙසක් නිල නිවෙස ලෙස තෝරාගන්නා ලෙසත් දැනුම් දී තිබේ.

ජනවාරි 9වැනිදා කොළඹින් පිටත්වී තංගල්ලට යෑමට හෙලිකොප්ටර් දෙකක් සූදානම් කර දෙන ලෙසද මහින්ද රාජපක්‍ෂ මහතා වික‍්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කළ අතර ඒ අනුව ගුවන් හමුදාවේ එම්අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් දෙකක් සූදානම් කරනු ලැබීය. එදින දහවල් 1.30ට කොළඹ, ආරක්‍ෂක අමාත්‍යාංශ කී‍්‍රඩාපිටියේ සිට තංගල්ලට මහින්ද රාජපක්‍ෂ මහතා සිය පුතුන්ද කැටුව නික්ම ගියේය.

එසේම, හිටපු හමුදාපති සරත් ෆොන්සේකාගෙන් කිසිදු හානියක් තමන්ට, විශේෂයෙන් සහෝදර ගෝඨාභයට මෙන්ම පවුගේ සාමාජිකයන්ට නොවන පරිදි කටයුතු කරන්නැයිද රාජපක්‍ෂ මහතා වික‍්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා තිබිණ.

මේ ආකාරයට ඊට දිනයකට පෙර මහරජකුගේ අභිමානවත් බව පළකළ පුද්ගලයා ආරක්‍ෂාව සඳහා දසත යදින තත්ත්වයක් නිර්මාණය වී තිබිණ. එහෙත් ඒ හොඳින් හෝ නරකින් තවදුරටත් බලයේ රැුඳී සිටීමට ඔහු ගත් උත්සාහයන් සියල්ල ව්‍යර්ථ වීමෙන් පසුවය. එනිසා රාජපක්‍ෂ මහතා කොළඹින් පිටත්ව දකුණට ගියේ සාමයෙන් බලය පවරා, මහත්මයකු සේ සිල්රෙද්දක් පොරවාගෙන නොවේ. සියලූ කුමන්ත‍්‍රණ මහජන බලය ඉදිරියේ අසාර්ථක වීම නිසාය. මහින්ද රාජපක්‍ෂ නම් ඒකාධිපති පාලකයා සිහසුනෙන් බස්වා මැදමුලනට යැවීමේ සම්පූර්ණ ගෞරවය හිමිවිය යුත්තේ වෙනසක් අපේක්‍ෂා කළ මේ රටේ යුක්තිගරුක ජනතාවටය



No comments:

Post a Comment