ලසන්ත රුහුණගේ |
රටේ නීතියෙන් වලංගු සුරාව හා සූදුව
භාවිත කරන්නන්ට යම් අසාධාරණයක් සිදුවන්නේ නම් ඒ සම්බන්ධයෙන් හඬ නැඟීමට ශ‍්‍රී
ලංකාවේ ජනමාධ්‍ය බොහෝ විට මැළිවෙති. ඒ ඒ නිසාම තමන්ගේ සද්ගුණවත් වාර්තාකරණයට
කැළලක් වේ යැයි ඔවුන් සිතන නිසාය.
අයවැය යෝජනා ඉදිරිපත් කරන අවස්ථාවලදී
හෝ ඊට අමතරව සිදුකරන බදු ඉහළ දැමීම් වැනි අවස්ථාවලදී සුරාව සූදුව භාවිත කරන්නන්ට
විශාල අසාධරණයක් සිදුවූ අවස්ථා පැහැදිලිව දැකගත හැකි වුවද ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය ඒ
සම්බන්ධයෙන් මෙතෙක් සිටියේ නිහඬවය. බොහෝ විට බදු වැඩිකිරීමේදී මත්පැන් සඳහා ආණ්ඩුව
බදු අය කරන්නේ ලීටරයක ප‍්‍රමාණයක් සඳහා වන අතර එසේ වුවද මත්පැන් නිෂ්පාදන සමාගම්
බොහෝ විට ලීටරයක් සඳහා වැඩිකරන ලද බද්දම මත්පැන් බෝතලයක් සඳහාද අයකරයි. (ශ‍්‍රී
ලංකාවේ මත්පැන් බෝතල් ඇත්තේ මිලිලීටර් 750 ප‍්‍රමාණයෙන් වන අතර බියර් බෝතල් ඇත්තේ මිලිලීටර් 625 ප‍්‍රමාණයෙන්ය.) එහිදී නිෂ්පාදකයා විසින් රජයට
ගෙවන බදු යැයි දක්වමින් පාර්භෝගික යාගෙන් ගසා කා සාක්කුවේ දමාගන්නා මුදල
අතිවිශාලය.
මේ ආකාරයටම වරක් අයවැය යෝජනාවක් අනුව
රේස් ඔට්ටු අල්ලන ස්ථානවල පිරිවැටුම සඳහා බද්දක් අයකරනු ලැබූ අවස්ථාවකදී රේස්
ඔට්ටුකරුවන් සිදුකළේ රේස් ඔට්ටු දිනුම් මුදලින් 10%ක හෝ 20%ක ප‍්‍රතිශතයක් කපාගෙන එය ආණ්ඩුව
විසින් පනවා ඇති බද්දක් බව රේස් ඔට්ටුකරුවන්ට දැන්වීමය. එම අයවැය යෝජනාව අනුව රේස්
ඔට්ටු අල්ලන ස්ථානවල පිරිවැටුමට බද්දක් පැනවූවා මිස දිනුම්ලාභීන්ගෙන් බද්දක්
කපාගන්නා ලෙස යෝජනා කර තිබුණේ නැත.
ඉහතින් විස්තර කරන ලද උදාහරණ වැනිම
අවස්ථාවක් දැනුත් උදාවී ඇත. දැන් යැයි කීවද එය සිදුවී ඇත්තේ මීට මාස කිහිපයකට
පෙරදීය. එය අපට සන්නිවේදනය වී ඇත්තේ දැන්ය. වෙනත් ජනමාධ්‍යයක් ඒ ගැන මෙතෙක්
සාකච්ඡා කර නැති නිසාම ඒ ගැන කතා කරන්නට අප සූදානම්ය.
මෙය සිදුවන්නේ සුපිරි වෙළඳසැල්වලින්
මත්පැන් හා සිගරට් මිලදී ගැනීමේදීය. ඒවාහි මත්පැන් හා සිගරැුට් මිල එම භාණ්ඩ
සිල්ලරට විකුණන අනෙකුත් ස්ථානවල මිලට වඩා වැඩිය. මේ මිල වැඩිකිරීම් ගැන ලියුම්කරු
කාර්ගීල්ස් සුපිරි වෙළඳසැලක මත්පැන් විකුණන කුටියකින් විමසන ලදුව එහි සේවකයාගෙන්
ලැබුණ පළමු පිළිතුර වූයේ ඔවුන් ප‍්‍රමිතිය පරීක්ෂා කර බලා මත්පැන් විකුණන නිසා මිල
වැඩි බවය. බෝතල් කර ඇති මත්පැන් විවෘත කර ප‍්‍රමිතිය පරීක්ෂා කරන්නේ කෙසේ දැයි හා
ඒ සඳහා අවසර දී ඇත්තේ කවුදැයි යන්න විමසීමේදී ඊට නිසි පිළිතුරක් නොලැබුණ අතර එම
වැඩිමිලට විකිණීම සඳහා අවසර දුන්නේ කවුදැයි විමසන ලදුව සුරාබදු දෙපාර්තමේන්තුවෙන්
බව ප‍්‍රකාශ කරනු ලැබීය. සුරාබදු දෙපාර්තමේන්තුව සහතික කරන ලද එම මිල ගණන් පෙන්වන
ලෙස කීවද ඊට ද සාර්ථක පිළිතුරක් ලියුම්කරුට ලැබුණේ නැත.
මෙම කරුණ පිළිබඳව වැඩිදුරටත් කරුණු
සොයා බැලීමට කාර්ගිල්්ස් පොදු දුරකථන අංකවලට කතා කර වගකිවයුත්තකු සම්බන්ධ කරගැනීමට
උත්සාහ කළද දුරකථන ක‍්‍රියාකරුවන් සිදුකළේ සුපිරි වෙළඳසැලකට එම ඇමතුම සම්බන්ධ
කිරීම පමණය. එකී සුපිරි වෙළඳසැල්හි සේවකයන්ට අපගේ ප‍්‍රශ්නවලට සාර්ථක පිළිතුරක්
ලබාදීමට නොහැකි විය. එහෙත් DCSL අරක්කු නිෂ්පාදන කාර්ගිල්ස් වෙළඳසැල්වල
අලෙවියට නැත්තේ ඇයිදැයි විමසූ විට කීවේ වැට් ප‍්‍රශ්නයක් බව පමණක් එම සේවකයා දන්නා
බවය.
ඒ අනුව මෙම ප‍්‍රශ්නය තවදුරටත්
තෝරාබේරා ගැනීම සඳහා DCSL සමාගම ඇමතීමේදී එහි නියෝජිතයකු ප‍්‍රකාශ
කළේ වැට් බද්ද ආපසු ලබාගැනීමට නොහැකි නිසා ඔවුන්ගේ නිෂ්පාදන කාර්ගිල්ස් ආයතනය
නොගන්නා බවයි.
සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප‍්‍රකාශකවරයාගෙන්
මේ වැඩිමිල ගැන විමසූ විට කීවේ කාර්ගිල්ස් මත්පැන් හා සිගරැුට් මිල වැඩිවීම් අයවැය
යෝජනාවක් අනුව සිදුවී ඇති බවයි. 2014
ඔක්තෝබර් මස ඉදිරිපත් කරන ලද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ එම අයවැය යෝජනාව
දැක්වෙන්නේ මෙසේය.
‘සුපිරි මට්ටමේ සිල්ලර වෙළඳසැල් සඳහා
එකතු කළ අගය මත බද්ද සහ ජාතිය ගොඩනැගීමේ බද්ද අය කිරීමට අදාළ පිරිවැටුම කාර්තුවකට
රුපියල් මිලියන 100 පවත්වා ගැනීමටත් රුපියල් මිලියන 15කට අඩු වාර්ෂික පිරිවැටුම් සහිත කුඩා ව්‍යාපාර
එම බදුවලින් නිදහස් කිරීමටත් යෝජනා කරනවා.’
ඒ අනුව සිදුවී ඇති දෙය පැහැදිලිය.
සුපිරි වෙළඳසැල්වල විකුණන මත්පැන් සහ සිගරැට් සඳහා යැයි වෙනම බද්දක් පසුගිය ආණ්ඩුව
පනවා නැත. පනවා ඇත්තේ එම වෙළඳසැල් සඳහා එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් හා ජාතිය
ගොඩනැගීමේ බද්ද හෙවත් NBT ය. ඒ අනුව සුපිරි වෙළඳසැල්වල අලෙවි
කරනු ලබන සෑම භාණ්ඩයක් සඳහාම එම බදු අය කිරීමේ හැකියාව පවතී. එම බද්ද පැනවීම
සාධාරණද අසාධාරණද යන්න වෙනම සාකච්ඡා කළ යුත්තකි.
අපගේ ප‍්‍රශ්නය වන්නේ බෝතල් කරන ලද,
පැකට් කරන ලද හෝ වෙන යම් ආකාරයකට ඇසුරුම් කරන
ලද භාණ්ඩවල විකුණුම් මිල සඳහන් කරන ලෙස රටේ නීතියක් පවතිද්දී එම මිලට වඩා වැඩි
මිලට භාණ්ඩ විකිණීමේ හැකියාවක් කිසිදු වෙළෙන්දකුට තිබිය නොහැකි බවය. කාර්ගිල්ස්
වෙළඳසැල් මත්පැන් හා සිගරැුට් විකිණීමේදී නියම කරන ලද මිලට වඩා වැඩි මිලකට ඒවා
අලෙවි කරනු ලබයි. ඔවුන්ගේ බිල්පත්වල දැක්වෙන්නේ එම භාණ්ඩ සඳහා නියම කරන ලද මිලට
වඩා වැඩි මිලක් ය. එය සම්පූර්ණයෙන්ම නීති විරෝධී හා කූට වෙළදාමක්ය.
මේ සම්බන්ධයෙන් සුරාබදු
දෙපාර්තමේන්තුවේ බලපත‍්‍ර අංශයේ ස්ථානාධිපති රොෂාන් පෙරේරාගෙන් විමසූ විට ඔහු අපට
කීවේ කාර්ගිල්ස් ආයතනයට මත්පැන් වැඩිමිලට විකිණීමට ඔහු දන්නා තරමට අවසර දී නොමැති
බව හා එසේ වැඩි මිලට විකිණිය නොහැකි බවය.
එමෙන්ම පාරිභෝගික කටයුතු පිළිබඳ
අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ජේ.එම්.ජේ. ඩග්ලස් මහතාගෙන් අප කරන ලද විමසීමකදී ඔහු
කීවේ ද ඒ ආකාරයට වැඩි මිලට විකිණිය නොහැකි බව හා ඇසුරුම්වල මිල සඳහන් කළ යුතු බවය.
එමෙන්ම අප විසින් මතුකරන ලද වැඩි මිල විකිණීම් පිළිබඳ ඔවුන් සොයා බලන බවය.
තවද පාරිභෝගික කටයුතු පිළිබඳ වෙබ්
අඩවියේ සඳහන් කර ඇති පරිදිද නියම කරන ලද මිලකට හෝ ලකුණු කරන ලද මිලකට වඩා වැඩි
මිලකට භාණ්ඩ විකිණීම හෝ විකිණීම සඳහා ඉදිරිපත් කිරීම, එම අධිකාරී පනත යටතේ මහේස්ත‍්‍රාත්වරයකු හමුවට ඉදිරිපත් කර දඬුවම්
ලැබිය හැකි වරදකි.
නීතිය එසේ පැහැදිලිව තිබියදී සාමාන්‍ය
සිල්ලර වෙළඳසැලක් නොවන කාර්ගිල්ස් වැනි සුපිරි වෙළඳසැලක් එම නීිතිය අමු අමුවේ
උල්ලංඝනය කිරීම ගැන පාරිභෝගික අධිකාරිය හා සුරාබදු දෙපාර්තමේන්තුව මෙතෙක් නොදැන
සිටීමද පුදුම සහගතය.
සුපිරි වෙළඳසැලේ විකුණන භාණ්ඩ සඳහා
අයවැය යෝජනාවෙන් පනවා ඇති වැට් හා එන්බීටී බදු අය කරගන්නවා නම් එය මත්පැන් හා
සිගරැුට්වලට පමණක් අදාළ විය නොහැකිය. එහි විකුණන සෑම භාණ්ඩයකටම එය අදාළ විය යුතුය.
සාමාන්‍ය වශයෙන් මිල නියම කරන ලද භාණ්ඩයකට යම් බද්දක් අය කරන්නේ නම් එම නියම කරන
ලද මිලට අමතරව අදාළ බද්ද අයකරගත යුතු අතර ඒ බව බිල්පතේ හෝ ඉන්වොයිසියේ වෙනම
පෙන්විය යුතුය. එහෙත් කාර්ගිල්ස් මත්පැන් සහ සිගරැුට් වැඩිමිලට විකිණීමේදී බිල්පතේ
එම බදු වෙනම පෙන්වන්නේ නැත. අප සතුව ඇති කාර්ගිල්ස් බිල්පතකට අනුව ලයත් බෲවරි
සමාගමේ ීචැජස්ක ඊරුඅ බියර් බෝතලයක මිල රුපියල් 240 කි. එහෙත් එම බියර් බෝතලයක සිල්ලර මිල රුපියල් 220 කි. කාර්ගිල්ස් වැඩියෙන් අයකරන මිල රුපියල් 20ක් හෙවත් නියම කරන ලද මිලට වඩා 9%ක වැඩිවීමකි. වැට් හා එන්බීටී බද්ද එම මිල යටතේ
දැක්වූවද ඉහතින් දැක්වූ මිල විය නොහැකිය. එනම් නියම කරන ලද මිලට වඩා එම බදු වර්ග
දෙක සඳහා තවත් 15%ක මිල වැඩිවීමක් සිදුවී තිබිය යුතුය.
එහෙත් මෙහිදී එසේ සිදුවී නැත.
ඒ නිසාම කාර්ගිල්ස් සුපිරි
වෙළඳසැල්වලින් මත්පැන් හෝ සිගරැුට් මිලදී ගන්නා පාරිභෝගිකයන් ගසාකෑමෙන් වැළකීම
සඳහා ඒ සඳහා බලය ඇති සුරාබදු දෙපාර්තමේන්තුව හා පාරිභෝගික කටයුතු අධිකාරියේ ඉක්මන්
පියවරක් ගත යුතුය.
No comments:
Post a Comment