Saturday, July 11, 2015

පල්ලෙවත්ත ගමරාල දුන් තවත් අපූරු නාම යෝජනාවක් මෙන්න..!

(ලංකා ඊ නිව්ස් -2015.ජූලි.11, ප.ව. 11.30) 
දින 180 න් අංශක 180 ක් කරකැවී ජනතා වීරයාගෙන් ජනතා ද්‍රෝහියා බවට පත් වූ පල්ලෙවත්ත ගමරාල දූපත්-පති තවත් යස අපූරු නාමයෝජනාවක් ලබා දී තිබේ. ඒ නම් ජයන්ත කැටගොඩ නමැති පසුගිය පාර්ලිමේන්තුවේ සිටි පිසාච පිනා මන්ත්‍රීට යලිත් පාර්ලිමේන්තුවට එන්නැයි කියා තමන් සභාපතිත්වය දරණ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාම යෝජනා ලබා දීමය.
මෙහි ඇති අපූරු ද්‍රෝහී කම නම් පල්ලෙවත්ත ගමරාල පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන විට ඔහු පරාජය කිරීම පිණිස මුදල් කුට්ටියකට වහ වැටී මහින්ද රාජපක්ෂ දිනවන්නට අවසාන මොහොතේ ආණ්ඩුව පැත්තට ගියා මිස ඔහු එජනිස සාමාජිකයෙක්ද නොවීමයි. 
එජනිස ප්‍රතිපත්තිය වූයේ හිටපු එජනිස මන්ත්‍රීවරුන් සියළු දෙනාටම යලිත් නාම යෝජනා ලබා දීම නම් කැටගොඩ නමැති පිසාචයාට නාම යෝජනා ලබා නොදිය යුතුය. මන්ද ඔහු පාර්ලිමේන්තුව නියෝජනය කෙළේ ‘ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය‘ නමැති ජවිපෙ සහ ෆොන්සේකාගේ එකමුතුවෙන් හැදූ සන්ධානයකින් මිස එජනිසයෙන් නොවීම නිසා ය
අප ජයන්ත කැටගොඩ පිසාචයෙක් ලෙස හඳුන්වන්නේ අර්ථ සහිතවය. ජනකතා අනුව පිසාචයාට පිං සිදුකර ගත නොහැක. අනුන් කරන ලද පිනක් දුන්නොත් ගත හැකිය. පිසාචයාට කෑමක් බීමක් ලබා ගත නොහැක. අනුන් දුන්නොත් ගත හැකිය.  ඉදින් පිසාචයා පෙරේතය. ප්‍රතිපත්තියක් තබා හරි හමන් ආත්මයක්වත් නැත.  
ජයන්ත කැටගොඩ ද එවැනි පිසාචයෙකි. පාර්ලිමේන්තුවට යෑමට තරම් පිං හෙවත් මනාප ලබා ගත නොහැකි විය. ජෙනරාල් ෆොන්සේකා රාජපක්ෂලාගේ අසාධාරණ අධිකරණයකින් දුන් අසාධාරණ තීන්දුවක් අනුව සිර අඩස්සියකට වැටුනු නිසා ෆොන්සේකාගේ මන්ත්‍රී ධූරය තාක්ෂණික කරුණක් අනුව අහිමි විය. එවිට හිස් අසුනට එන්නය පිං හෙවත් මනාප තිබුනේ ද කැටගොඩ පිසාචයාට නොවේ. ජවිපෙ ලක්ෂ්මන් නිපුණාරච්චිට ය. මහත්මයෙක් වූ ඔහුගේ මතය වූයේ ෆොන්සේකාගේ අසුනට පත්වීම නොකළ යුතු බවය. ඔහු එය බාර නොගෙන දීම නිසා ඊළඟට සිටි පිසාචයාට මන්ත්‍රී ධූරයක් ලැබිණ. කොස්වත්ත හන්දියේ ගංජා ගසමින් සිටි නූගත් මැටි ගොඩක් මන්ත්‍රීවරයෙක් විය.  පිසාචයන් පෙරේත බව කදිමට ඔප්පු කළ කැටගොඩ පිසාචයා කෙළේ ඊළඟට විශාල මුදල් කුට්ටියකට පෙරේත වී වෙලාව බලා රාජපක්ෂගේ දෑත් ශක්තිමත් කිරීමට ඒ පැත්තට පැනීමය. ජනතා මතය බල්ලාට දමා ක්‍රියා කරන මෙවැනි කාලකන්නියන් පිසාචයන්ටත් වඩා අන්තය. 
පල්ලෙවත්ත ගමරාල නමැති ජනහතුරා ජයන්ත කැටගොඩ පිනා පිසාචයාට ද නාමයෝජනා ලබා දීමෙන් තමන්ගේ නියම හෙළුව පෙන්වා තිබේ. 

No comments:

Post a Comment